ආණ්ඩුව ජිනීවා අභියෝගයට මුහුණ දෙන්නේ මෝඩ විදියටයි

  👤  2839 readers have read this article !
By mawbima 2017-03-20

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ අර්බුදයේදී ඒකාබද්ධ විපක්ෂ සංවිධානයේ නායකයා වන දිනේෂ් ගුණවර්ධන අනුගමනය කළ ස්ථාවරය ඉතා නිවැරැදි බවත් එතුමාට එසේ කිරීමට සිදුවූයේ කතානායකවරයා අපක්ෂපාතීව කටයුතු නොකළ නිසා බවත් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
මහාචාර්යවරයා මේ බව පැවැසුවේ පසුගියදා (16දා) කොළඹ සම සමාජ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම මාධ්‍ය හමුවේදී හෙතෙම මෙසේද කීය. ඩෙංගු රෝගය මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. නැඟෙනහිර පළාතේ එය විශාල වශයෙන් වැඩිවෙලා තිබෙනවා. රෝහල්වල වැඩ කරන සේවකයන් පවා මේ රෝගයෙන් මියගිහින් තිබෙනවා.
එහෙත් රජයෙන් මේ සම්බන්ධයෙන් අරන් තිබෙන ක්‍රියාමාර්ග මොනවාද..? විශාල මුදල් ගණනක් වියදම් කරලා යම් යම් ක්‍රියාමාර්ග ගත්තත් ඒවායින් වැඩක් වී නැහැ.

ඩෙංගු මර්දනයට පාවිච්චි කරන ධූමායන ක්‍රියාවලියෙන් කිසිම ඵලක් නොමැති බව පරීක්ෂණ කණ්ඩායම් සොයාගෙන තිබෙනවා. මේවා නිකම් සන්දර්ශන පමණයි.
මේ මදුරුවන් බෝවන තැන් පිළිබඳව මේ රටේ කීට විද්‍යාඥයන් දැනුවත් වෙලා කටයුතු කළොත් මීට වඩා සුබදායී ප්‍රතිඵල අපට ලබාගත හැකියි.
වෛද්‍ය වෘත්තිය කරන කෙනෙක් අනිවාර්යයෙන් වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත යුතුයි. සයිටම් ආයතනයේ අඩුපාඩුකම් ටික සම්පූර්ණ කළා නම් මේ ප්‍රශ්නය මේ තරම් දුරකට ඇදී යන්නේ නැහැ. එහෙත් එවැනි දෙයක් කරන්නේ නැතිව සෞඛ්‍ය අමාත්‍යවරයා අනවශ්‍ය මැදිහත් වීම් මේ සම්බන්ධයෙන් සිදුකරනවා. වෛද්‍ය සභාවත් ශේ්‍රෂ්ඨාධිකරණයට ගිහින් තිබෙනවා. සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඒක සම්පූර්ණයෙන්ම නැවැරැදි ස්ථාවරයක්. ලංකා සම සමාජ පක්ෂය හැටියට අපි ඒකට සම්පූර්ණයෙන් එකඟයි.

ජිනීවා ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අනුගමනය කරලා තිබෙන්නේ මෝඩ ප්‍රතිපත්තියක්. මෙම ප්‍රතිපත්තිය අපි හෙළා දකිනවා. මේක ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. මෙය අපට විස¼දාගත හැකියි.

පළාත් පාලන මැතිවරණය පවත්වන්න පුළුවන්කමක් තියෙද්දි ඒක පවත්වන්නෑ. මේ අවුරුද්දෙත් ඒක තියෙන පාටක් පේන්නේ නැහැ. පොරොන්දු වුණ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සිදුකරනවා නම් අපි ලංකා සම සමාජ පක්ෂය හැටියට එයට සහය ලබාදෙනවා.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon