පගාව නොගහන කොමිස් නොඉල්ලන පිරිසුදු දේශපාලනයකට රට හදන්න පුළුවන්

  👤  2861 readers have read this article !
By mawbima 2017-03-20

මේ රටේ සියලු දේශපාලනඥයන් අවංකව රටේ දියුණුව වෙනුවෙන් කැප වෙනවා නම් ඔවුන්ට හිතට එකඟව තමා පගා ගන්නේ නෑ. කොමිස් ගහන්නේ නෑ. පිරිසුදු දේශපාලනය සිදු කරනවා යන්න කිව හැකි නම් මේ රට ඉතා ඉක්මනින් සෞභාග්‍යවත් රටක් බවට පත් කළ හැකි යැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
අද මහජන නියෝජිතයන් උත්තරීතර පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන ජනතාව කලකිරිලා. ජනතාවගේ මුදලින් නඩත්තු වන පාර්ලිමේන්තුව තුළින් ජනතාව අපේක්ෂා කරන්නේ මෙවැනි දේ නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තුළින් විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණෙනවා. උගත්, බුද්ධිමත්, සමාජය යහපත් කළ යුතු යැයි සිතන පිරිස වගේම චණ්ඩීන්, හොරුන් පාර්ලිමේන්තුවට එවන්නෙත් ජනතාව. එසේ පැමිණෙන අය පාර්ලිමේන්තුව තුළත් තම නිවසේ ගමේ සිටි ආකාරයටම හැසිරෙනවා.

මේ තත්ත්වය ඉතා කනගාටුදායකයි. කුමන දේශපාලන පක්ෂය නියෝජනය කළත් යහපත් පුද්ගලයන් පමණක් ජනතා නියෝජිතයන් ලෙස පත්කිරීමට ජනතාව බුද්ධියෙන්ම කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පැවැති කාන්තා හමුවේදීය. සුජීව සේනසිංහ කාන්තා පදනම ක්‍රියාත්මක කරන දිරිය කතුන් වැඩසටහනේ දෙවැනි අදියරේ රූපලාවණ්‍ය පාඨමාලාව තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේදී ආරම්භ විය.
"දිරියෙන් නැඟිටෙන දැයේ කාන්තාවට අපෙන් අත්වැලක්" තේමාව යටතේ සුජීව සේනසිංහ කාන්තා පදනම කාන්තා සවිය ස්වයං රැකියා වැඩසටහන ක්‍රියාත්මක කරයි.
තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

"අපේ සමාජයේ යහපත් ගති ලක්ෂණ මෙන්ම දුර්වල ගති ලක්ෂණත් තිබෙනවා. එම විවිධත්වයේ අපූර්වත්වයකුත් තිබෙනවා. අපේ පවුල තුළ වැඩි බරක් දරන්නේ කාන්තාවෝ. අපේ මවුවරුන්, සහෝදරියන් දක්වන දායකත්වය ඇගයීමට ලක්වන්නේ නෑ. අපේ අම්මාවරුන් තමයි පවුල් ඒකකය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යන්නේ. ඒ වීර කාන්තාවට ශක්තියක් වෙන්න කාන්තා සවිය ක්‍රියාත්මක කරනවා."

සුජිත් කොඩිතුවක්කු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon