‘චේ’ සිටවූ මැහෝගනී ගසටත් දැව ජාවාරම්කරුවන්ගේ ඇල්ම බැල්ම

  👤  2829 readers have read this article !
By mawbima 2017-03-20

මතුගම - වසන්ත කුමාර
හෝමාගම - ජයසේන හත්වැල්ල

කියුබාවේ හිටපු නායකයකු වූ චේ ගුවේරා විසින් සිටුවන ලදැයි සැලකෙන මොරගහහේන යහලකැලේ වත්තේ පිහිටි ඓතිහාසික මැහෝගනී ගස කැපීමට සූදානම් වූ පුද්ගලයන් හතර දෙනකු පසුගියදා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ පිරිස අතර යහලකැලේ වත්තේ නිලධාරියකුද සිටින බව පොලිසිය කියයි. සැකකරුවන් යහලකැලේ ඓතිහාසික 'චේ ගුවේරා මැහෝගනී' ගස අවට ඇති අනෙක් මැහෝගනී ඇතුළු වටිනා ගස් රැසක් කපා දමා ඇතැයිද පොලිසිය කියයි. සැකකරුවන් සමඟ දැව කැපීමට යොදා ගත් යාන්ත්‍රික කියත් ඇතුළු උපකරණද අත්අඩංගුවට ගෙන ඇත.

1956 අගෝස්තු 8දා මෙරටට පැමිණි චේගුවේරා සිටුවන ලදැයි සැලකෙන මේ මැහෝගනී ගස කේන්ද්‍ර කරගනිමින් කියුබානු තානාපති කාර්යාලය සහ තවත් සංවිධාන රැසක් වාර්ෂිකව සමරු උත්සව පවත්වති. මෙවැනි ඓතිහාසික වෘක්ෂයක් රැක ගැනීමට හෝ ආරක්ෂාවට පියවරක් නොගැනීම නිසා වේගුවේරා විසින් සිටුවන ලද මැහෝගනී ගසද දැව ජාවාරම්කරුවන්ට බිලිවීමට හේතු වී ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

කළුතර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා, උප පොලිස් පරීක්ෂක ධම්මික මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon