ඓතිහාසික සලපතළ මළුව මතුවෙයි

  👤  2990 readers have read this article !
By mawbima 2017-03-20

චාමිණී ගම්මන්පිල

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්තනගල්ල රජමහා විහාරයේ වටදාගෙය ආශ්‍රිතව මේ දිනවල සිදුකරනු ලබන සංරක්ෂණ කටයුතුවලදී එහි ඉපැරැණි වටදාගෙයි සලපතළ මළුව නිරාවරණය වී ඇත. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලේඛනගත කොට ඇති මෙය ශ්‍රී ලංකාවේ අන්තර් තෙත් කලාපයෙන් හමු වී ඇති පැරැණිම වටදාගෙයයි. ක්‍රි.ව. 253 වසරේ රාජ්‍යත්වයට පත් ගෝඨාභය රජතුමා විසින් මෙය නිර්මාණය කළ බවටද සිරිසඟබෝ රජතුමා විසින් සිය හිස දන්දුන් ස්ථානය මෙය බවටද පිළිගැනීමක් ඇත්තේය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් පවසා ඇත්තේ මේ වටදාගෙය සිවු වැනි ශතවර්ෂයට අයත් බවයි. ස්තූපය වටා ඒකකේන්ද්‍රීය කුලුනු පේළි දෙකක් වූ බවත් ඒවා තිරියායේ වටදාගෙය මෙන් බොරදම් කළ ගල් පුවරුවලින් දරා සිටි වටකුරු මළුවක් බවත් සඳහන් වෙයි.
මෑත වකවානුවේ බිම මත අතුරා තිබූ පිඟන් උළු හා සිමෙන්ති ඇතුරුම හේතුවෙන් පැරැණි ගෙබිම මුළුමනින්ම වැසී තිබිණි. පුරාවිද්‍යා සංරක්ෂණයේදී මුල්කාලීන වටදාගෙයි පියස දැරූ පෞරාණික ගල් කුලුනු සහිත පාෂාණය වූ සලපතළ මළුව හමුව තිබේ.

අඟල් 4, 5 සහ 6 ප්‍රමාණයේ ඝනකමින් යුතු විශාල ගල් පුවරු චෛත්‍ය වටා අතුරා තිබී ඇත. සලපතළ මළුවෙහි විශාල පුවරු අතුරා වට බිත්තිය අසලින් අඩි 1 1/2ක් පමණ පළලින් සහ අඟල් 4ක උසින් සිටින සේ ගල් පුවරු ඇතුරුමක් හමු වී ඇත.
එය බැතිමතුන්ගේ පහසුව පිණිස විශේෂයෙන් වාඩි වී සිටීම සඳහා ආසන ලෙස භාවිත කර ඇතැයි සැලැකේ. ගෙබිමෙහි පැරැණි ගල් පුවරු ඇතුරුම මැටි හා කුඩා ගල් කැබැලි මිශ්‍ර කර හොඳින් තළා සකසා ඇත.

වෛත්‍ය වටා බොරදම් සහිත ගල් පාදමට ඇතුළතින් තුන් පැත්තකින් පිළිම ඉදිකර තිබූ බවටද සාක්ෂි හමු වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon