එකොළොස් වැනි වරටත් ජනතා ප්‍රසාදය මහජන බැංකුවට

  👤  2806 readers have read this article !
By mawbima 2017-03-20

ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නීල්සන් ආයතනය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (ඉඹ්ධ්ර්) එක්ව වාර්ෂිකව පවත්වන ස්ලිම් නීල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකු සේවා සපයන්නා ලෙස මහජන බැංකුව එකොළොස්වැනි වරටත් සම්මානයෙන් පිදුම් ලබයි.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා පැවැති මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුවේ අලෙවි ප්‍රධානී දීපාල් අබේසේකර මහතා විසින් වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමයට හිමි සම්මානය ලබාගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව ආරක්‍ෂණ) රේණුකා ජයසිංහ, ප්‍රධානී (භාණ්ඩාගාර සහ ආයෝජන බැංකු) ක්ලයිව් ෆොන්සේකා සහ සහකාර සාමාන්‍යාධිකාරිනි (අලෙවි හා මහජන කටයුතු) යුගානි මෙන්ඩිස් මහත්ම මහත්මීහුද මෙහි වෙති. මහජන බැංකුව රුපියල් ටි්‍රලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම මූල්‍ය ආයතනයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon