ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඔරොත්තු නොදෙන තරම් නඩු

  👤  2780 readers have read this article !
By mawbima 2017-03-20

කුමුදු උපුල් ශාන්ත

තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් නඩු පැවැරීමට ජනතාව වැඩි වශයෙන් යොමුවී තිබීම නිසා ශේ්‍රෂ්ඨාධිකරණයට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ නඩු සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

පළාත්බද සිවිල් අභියාචනාධිකරණවලින් ශේ්‍රෂ්ඨාධිකරණයට එසේ එන අභියාචනා ප්‍රමාණය වැඩිවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බවද ඒ මහතා පැවැසීය.
ශේ්‍රෂ්ඨාධිකරණය තුළ එසේ ගොඩ ගැසෙන නඩු ප්‍රමාණය ඉතා කඩිනමින් විස¼දාලීම සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ දැනට සිටින එකොළොස් දෙනකුගෙන් (11) යුත් විනිසුරුවරුන් සංඛ්‍යාව පහළොව (15) දක්වා වැඩි කිරීමට මෙන්ම අධිකරණ පද්ධතිය තුළ විශාල වෙනස්කම් රැසක් සිදුකිරීමට රජය අපේක්‍ෂාවෙන් සිටියත් නව ව්‍යවස්ථාව තවදුරටත් ප්‍රමාදවී ඇති බවද ඒ මහතා කීය. එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට තවදුරටත් ප්‍රමාද වන නිසා එම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනත් ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍ය රාජපක්‍ෂ මහතා එම අදහස් පළ කළේ මිලියන 275ක වියදමින් ඉදිකිරීමට නියමිත රුවන්වැල්ල නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්