රාජ්‍ය සංගීත සම්මාන උළෙල: තරග කොන්දේසි උල්ලංඝනය කළ සංයුක්ත තැටියකට සම්මාන දීලා

  👤  2782 readers have read this article !
By mawbima 2017-03-20

හර්ෂනී අර්සකුලරත්න

පසුගිය වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී 18 වැනි කාණ්ඩය යටතේ 'ප්‍රශස්තම සංයුක්ත තැටිය (නිෂ්පාදනය) විවෘත (සිංහල/දෙමළ)' සඳහා වූ සම්මානය හිමිවී ඇත්තේ තරග කොන්දේසි උල්ලංඝනය කළ සංයුක්ත තැටියකට බව වාර්තා වේ.
එම සංයුක්ත තැටියේ අන්තර්ගත වූ ගීත 18න් ගීත 7ක්ම මීට පෙර පැවැති 2013, 2014, 2015 යන වර්ෂවලදී සම්මාන ලබාගත් හා නිර්දේශ වූ ඒවා බවද වාර්තා වේ.

සම්මාන ලබාදීමේදී අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලිඛිතව ප්‍රකාශයට පත් කළ අයැදුම්පත් කැඳවීමේ ලිපියේ හා සම්මානය ප්‍රදානය කිරීමේදී අනුගමනය කරන නීති රීති හා තරග කොන්දේසිවල සඳහන් වී ඇත්තේ නිර්මාණකරු/ශිල්පියා විසින්ම අයැදුම් කළ යුතු අතර 2015 ජනවාරි 01 සිට 2015 දෙසැම්බර් 31 දක්වා එළි දක්වන ලද නිර්මාණ පමණක් සලකා බලන අතර එම නිෂ්පාදනවල ඇතුළත් ගීතද අදාළ වර්ෂයේම විය යුතු බවයි.
එසේ තරග නීතිරීති උල්ලංඝනය කරමින් ඉදිරිපත් කොට රාජ්‍ය සම්මානයකින් පිදුම් ලැබූ 'රෑ අහස' සංයුක්ත තැටියේ අඩංගු 2013, 2014, 2015 වසරවලදී පවා සම්මාන ලැබූ, නිර්දේශ වූ ගීත ලෙස මල් පිපෙන තුරා, මොනරුන්ට මිහිරි සිංදු කියන, සඳක් පිටුපා යාවි දවසක, සිහිනයෙන් නැඟිටින්න සොඳුරිය, ඉවුරු දෑලට, නොතේරෙන කවිය, බුදල් යන ගීත දැක්විය හැකිය.

මෙම නීතිරීති උල්ලංඝනය කළ සංයුක්ත තැටිය පිළිබඳ දැනුවත් කළ අදාළ තරගයේ තරගකරුවකුට කිසිදු කරුණු විමසීමකින් තොරව සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂවරිය වසර 05ක් යනතුරු කිසිදු රාජ්‍ය සම්මාන උළෙලකට නිර්මාණ ඉදිරිපත් කිරීම වාරණයට ලක් කොට ඇත.
නමුත් තරග කොන්දේසි උල්ලංඝනය කරමින් රාජ්‍ය සම්මාන හිමිකරගත් තරගකරුට එරෙහිව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ බලධාරීන් අසමත්ව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්