කඩුවෙල හිටපු මන්ත්‍රිගේ පාතාල සබඳකම් හෙළිවේ

  👤  2986 readers have read this article !
By mawbima 2017-03-20

චාමර අමරසූරිය

කළුතර, එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි ප්‍රහාර එල්ල කොට පාතාල නායක 'සමයං' ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා සමඟ...දුරකතන සංවාදයේ යෙදුණු පාතාල සාමාජිකයකු පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය හෙළිදරව් කර ගෙන තිබේ.

ඔහු මේ ප්‍රහාරය සැලැසුම් කළ බව කියන පාතාල නායක 'අංගොඩ ලොක්කාගේ' සමීපතම සගයකු බවටද විමර්ශන කණ්ඩායම් හෙළිකර ගෙන ඇත.
මේ වෙඩි ප්‍රහාරයට එම පාතාල කල්ලි සාමාජිකයාද පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරයට පෙර සහ වෙඩි ප්‍රහාරයට පසු කිහිප වතාවක්ම මේ පාතාල කල්ලි සාමාජිකයා කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා සමඟ දුරකතන සංවාදවල යෙදී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

හිටපු නාගරික මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අයකු බවද පොලිසිය පවසයි. ඉකුත් 18 වැනි දින හිටපු නාගරික මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මුදාහැර ඔහුව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon