ත්‍රි’මලේ දැනට ඩෙංගු රෝගීන් 2088ක්: 14ක් මියගිහින්

  👤  2875 readers have read this article !
By mawbima 2017-03-20

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට රෝගීන් 2088 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඩෙංගු රෝගයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.

ත්‍රිකුණාමලය ඕර්සීල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හයක දැරියක්ද ඩෙංගු රෝගය වැලඳී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 17 වැනිදා මිය ගියාය.
ත්‍රිකුණාමලයෙන් ඩෙංගු රෝගීන් 379 දෙනකුද, කුච්චවේලි ප්‍රදේශයෙන් රෝගීන් පස්දෙනකුද, උප්පුවේලි ප්‍රදේශයෙන් රෝගීන් 266 දෙනකුද, මුතූර් ප්‍රදේශයෙන් රෝගීන් 418 දෙනකුද, කින්නියා ප්‍රදේශයෙන් රෝගීන් 911 දෙනකුද, කුරුඤ්ඤන්කේනි ප්‍රදේශයෙන් රෝගීන් 109 දෙනකුද වශයෙන් රෝගීන් 2088 දෙනකු මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

රෝගීන් බහුලව වාර්තාවන කින්නියා ප්‍රදේශයට විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනකු ඇතුළු 23 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැනටමත් ප්‍රතිකාර සඳහා යොදවා ඇති බවත් ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා අගමැතිවරයා විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කරදී තිබෙන බව නැඟෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා අප කළ විමසීමකදී කීය.

මේ වන විට ත්‍රිකුණාමලයේ ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය මත ප්‍රදේශයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබූ බව ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon