වෙහෙර විහාර 150ක් සංවර්ධනයට කෝටි 5ක්

  👤  2878 readers have read this article !
By mawbima 2017-03-20

සවනි ශේශාධි

එළැඹෙන රාජ්‍ය වෙසක් උත්සවය කේන්ද්‍ර කර ගනිමින් මෙරට විසිරී ඇති වෙහෙර විහාරස්ථාන 150ක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් රුපියල් මිලියන 50ක් වෙන් කොට තිබේ.

මේ මුදලට අමතරව දීර්ඝ කාලයක් පුරා සංරක්‍ෂණය නොකෙරුණු උතුරු නැඟෙනහිර ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පිහිටා ඇති රජමහා විහාර හා ආගමික සිද්ධස්ථාන 125ක් සංරක්‍ෂණය කොට ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා මිලියන 450ක් වෙන් කිරීමටද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon