බස්-ලොරි මාරයා මොරටුවේ ජීවිත 3ක් අහිමි කරයි

  👤  2893 readers have read this article !
By mawbima 2017-03-20

තල්පිටිය - කහපොළගේ එස්. ප්‍රනාන්දු, මතුගම - වසන්ත කුමාර, පානදුර - රේඛා පීරිස්, අළුබෝමුල්ල - විමාලි ගමගේ

මොරටුව, එගොඩඋයනේ නව ගාලු පාරේ පෙරේදා (18දා) පස්වරුවේ සිදුවූ මාරක බස්-ලොරි අනතුරකින් බරපතළ ලෙස තුවාල ලැබූ තිදෙනකු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ මොරටුව, එගොඩඋයන, පෙදෙසේ පදිංචි....

48 හැවිරිදි මවක්, ඇගේ 13 හැවිරිදි දියණිය සහ 68 හැවිරිදි පුද්ගලයෙකි. සෙනසුරාදා පස්වරුවේ නව ගාලු පාරේ ඉතා වේගයෙන් ධාවනය කළ ලොරියක් බස් රථයේ ගැටීමෙන් බස් රථය පාරෙන් ඉවතට විසිවී ගාලු පාරේ අයිනේ තිබූ බස් නැවතුමකට කඩා වැදී එහි සිටි මගීන් වූ මව, ඇගේ දියණිය සහ තවත් අයෙක් බස් රියට යටවීමෙන් බරපතළ තුවාල ලැබූහ. ඔවුහු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියහ. මේ අනතුර සිදුවීමෙන් පසු ඇති වූ මහජන නොසන්සුන්තාව නිසා බස් රථය සහ ලොරියද ගිනි තැබීමට මහජනයා සූදානම් වූහ.

වහාම එම ස්ථානයට පැමිණි මොරටු මෝදර පොලිසියේ සහ මොරටුව පොලිසියේ නිලධාරීන් එක්ව මහජන නොසන්සුන්තාව මැඬ පවත්වා ලොරි රියැදුරා සහ බස් රියැදුරාද පොලිස් අත්අඩංගුවට ගෙන ආරක්‍ෂිතව මොරටුව පොලිසිය වෙත ගෙන යන ලදී.
රියැදුරන් දෙදෙනා මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon