‘ආවා’ කල්ලිය කොළඹටත් ඇවිත්

  👤  2829 readers have read this article !
By mawbima 2017-03-20

වවුනියාව - මාධව කුලසූරිය

යාපනය ප්‍රදේශයේ මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් ආදී ක්‍රියාවලට මුල්වී කටයුතු කළ ආවා කල්ලියේ බවට සැකකරන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය ආරක්‍ෂක අංශ පවසයි.

යාපනය පොලිසියට අනුයුක්ත කණ්ඩායම් කිහිපයක් සිදුකළ පරීක්‍ෂණ මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ කොටහේන හා දෙහිවල ප්‍රදේශවල සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් ආරක්‍ෂක අංශ සඳහන් කළේය. ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් විසින් පසුගිය සමයේ යාපනයේ ප්‍රදේශයේ විවිධ මංකොල්ලකෑම් ක්‍රියාවන් හා පුද්ගල පහරදීම් රැසක් සිදුකරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්