එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව යාපනේ පෝස්ටර්

  👤  3199 readers have read this article !
By mawbima 2017-03-20

වවුනියාව - මාධව කුලසූරිය

එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධකරුවන් ආරක්‍ෂා කරන බවට සඳහන් කරමින් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂයේ නමින් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා තිබේ.

යාපනය, කොණ්ඩාවිල්, උරුම්පිරායි, උෟරලි යන ප්‍රදේශවල මේ අදාළ පෝස්ටර් අලවා තිබූ බැව් ප්‍රදේශවාසීහු පැවැසූහ.
යුද්ධයෙන් මියගිය කාන්තාවකගේ හා දරුවකුගේ ඡායාරූප යොදා ගනිමින් මේ පෝස්ටරය සකස් කොට තිබේ.
ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවැසුවේ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටට තවත් වසර දෙකක කාලයක් ලබාදීමට තම පක්‍ෂය විරුද්ධ වන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon