රටවල් 5ක ලාංකිකයෝ 22දා ජිනීවාවල උද්ඝෝෂණයක

  👤  3194 readers have read this article !
By mawbima 2017-03-20

සවනි ශේෂාධි

තිස් වසරක යුද්ධය නිමා කළ හා එයට නායකත්වය දුන් රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නඟමින් අන්තර්ජාතික අධිකරණයක් ඉදිරියේ දඬුවම් ලබාදීමේ යෝජනාවට එරෙහිව ලබන 22 වැනිදා (බදාදා) සවස ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විරෝධතාවක නිරතවීමට තීරණය කොට
ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් රණවිරුවන්ට එල්ල කරන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පෙවීම සම්බන්ධයෙන්, විරෝධය පෑම උදෙසා සංවිධානය කෙරෙන මේ විරෝධතාවට සහභාගිවීම සඳහා ඊයේ (19දා) රාත්‍රියේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර මේ දිනවල විදෙස් සංචාරයක නිරත වන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාද රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා සමඟ එක්ව විරෝධතාවට සහභාගිවීමට නියමිතය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න පැවැසුවේ ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, ජර්මනිය යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ලබන 22 වැනිදා ජිනීවා නුවර විරෝධතාවට එක්වන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදුන් වාර්තාවට අනුව ශ්‍රී ලංකා රණවිරුවන්ට එල්ල කළ යුද අපරාධ චෝදනා සාක්‍ෂි සහිතවම ප්‍රතික්ෂේප කරමින් සැකසූ පිටු 200කින් සමන්විත වාර්තාවක් එදිනට රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් හුසේන් කුමරු වෙත භාරදීමට නියමිතය.

යහපාලන රජය විසින් දිනෙන් දින පළාත් පාලන ඡන්දය කල් දමමින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම හෙළා දකිමින් ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බල කරන ලෙස දක්වා සන්දේශයක්ද එදිනට මානව හිමිකම් කොමිසම වෙත භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon