ඹ්ර්ණීඹ්ඛ් ජාතියේ මූල්‍ය සැපයුම්කරු ලෙස කිරුළු පලඳී

  👤  2935 readers have read this article !
By mawbima 2017-03-19

2017, ඉඹ්ධ්ර් - ව්ඪඥතඵඥද ජනතා සම්මාන ප්‍රදානයේදී, ජනතා හදවත් දිනූ ඹ්ර්ණීඹ්ඛ් 2017 වසරේ මූල්‍ය සැපයුම්කරු ලෙස කිරුළු පැලඳීය. ඹ්ර්ණීඹ්ඛ් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පසුගියදා පැවැති අලංකාරවත් තිළිණ ප්‍රදානයේදී එම අගනා තිළිණය ලබා ගන්නා ලදී.

11 වැනි වරටත් සංවිධානය කෙරුණු, ඉඹ්ධ්ර් - ව්ඪඥතඵඥද ජනතා සම්මාන ප්‍රදානය, අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (ඉඹ්ධ්ර්) ලොව විශාලතම තොරතුරු සහ පර්යේෂණ සමාගමක දේශීය හස්තය වූ ව්ඪඥතඵඥද ශ්‍රී ලංකා ආයතනයේ ඒකාබද්ධ ප්‍රයත්නයකි. ආයතනික දින දසුනේ වඩාත් බලාපොරොත්තු සහගත උළෙලක් වන ඉඹ්ධ්ර් - ව්ඪඥතඵඥද ජනතා සම්මාන ප්‍රදානයේදී ජනතා සිත් සතන් තුළ ප්‍රබල සලකුණක් ඇති කළ සන්නාමයන් පිළිගෙන සම්මාන තිළිණ පිරිනමයි. විනිසුරු මඬුල්ලක් වෙනුවට පාරිභෝගික ප්‍රතිචාර මත පදනම්ව, ජනතාවගේ තේරීමෙන් මෙහිදී ජයග්‍රාහකයන් තීරණය කෙරේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඹ්ර්ණීඹ්ඛ් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි, කපිල ජයවර්ධන මහතා මෙසේ පැවැසීය. මෙම තිළිණය ඹ්ර්ණීඹ්ඛ් සන්නාමය කෙතරම් හොඳින් ජනතා සිත් සතන් හා බැඳි පවතින්නේද යන්න මෙන්ම. ප්‍රතිලාභ සහ වඩාත් වැදගත් ලෙස ප්‍රජාවේ සමාජ, ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා එමඟින් සමාජයට ආපසු ලබාදෙන දැවැන්ත සවිය පිළිබඳ සැබෑ පිළිබිඹුවකි. අනෙකුත් සම්මාන තිළිණ උළෙලකදී මෙන් නොව ඉඹ්ධ්ර් -

ව්ඪඥතඵඥද ජනතා සම්මාන ප්‍රදානයේදී ජනතාව තීරකයන් වීමත් ඔවුන් සිය ජයග්‍රාහකයා තෝරා ගැනීමත් විශේෂත්වයකි. ජනතාව සිය විනිශ්චයෙන් අප තෝරාගෙන ඇති අතර, අප ඔවුන්ගේ හදවත්වලට සහ සිත් සතන්වලට කෙතරම් සමීපදැයි පෙන්නුම් කර තිබේ. වසරේ මූල්‍ය සැපයුම්කරු ලෙස තෝරා ගැනීමෙන් අප සහ ශ්‍රී ලාංකික ජනතාව අතර පවතින සම්බන්ධය මෙන්ම ශක්තිමත් බැඳීම පිළිබිඹු කරන අතර එය ලැබිය හැකි උත්කෘෂ්ටතම පිළිගැනීම ලෙස අප සලකමු. ඹ්ර්ණීඹ්ඛ් සමූහය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගිකෘත සමාගම් පවුරක් වන අතර මූල්‍ය සේවා, සංචාරක, වතු වැවිලි, කෘෂි යෙදවුම්, පුනර්ජනනීය බලශක්ති, ඉදිකිරීම්, නිෂ්පාදන වෙළෙඳ මෙන්ම ක්‍රමෝපාය ආයෝජන ඇතුළු මෙරට ප්‍රධානතම ආර්ථික ක්‍ෂේත්‍රයන්ට විහිදේ. නව වෙළෙඳපොළ සොයා යමින් ශ්‍රී ලංකාව ලෝකය වෙත ප්‍රවේශ කරමින් ඹ්ර්ණීඹ්ඛ් විදේශ ආයෝජනද දියත් කර ඇති අතර, කාම්බෝජය මියන්මාරය සහ පාකිස්තානයේ ව්‍යාපාර මෙහෙයුම් ස්ථාපිත කර ඇත්තේ කලාපීය වශයෙන් ව්‍යාප්ත වීමේ සැලසුම්ද සමඟිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්