පක්ෂ දෙකක් රට පාලනය කරද්දී මත ගැටුම් එනවා: ආණ්ඩුව වැටෙන්නේ නෑ

  👤  3016 readers have read this article !
By mawbima 2017-03-19

මේ ආණ්ඩුව වැටෙනකම් ඉන්න අයගේ සිහිනය කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. මේක ජනතාවාදී ආණ්ඩුවක්. යහපාලනය ඉටු කරන ආණ්ඩුවක්. ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතුවෙලා මේ රට ඉදිරියට ගෙනියනවා. ඔබ එවැනි අර්ථයක් සහිත ප්‍රකාශයක් පසුගියදා කළා. එහෙම කියන්නේ ආණ්ඩුවේ ඇතුළේ ඇති අර්බුද වහගන්න කියලයි විපක්ෂය කියන්නේ. ඇත්තටම ආණ්ඩුව ඇතුළේ අර්බුද තියෙනවද?
විපක්ෂය කියන විදියට ආණ්ඩුව වැටෙයිද?

ආණ්ඩුව ඇතුළේ කිසිම අර්බුදයක් නැහැ. පක්ෂය දෙකක් රට පාලනය කරන කොට යම් යම් මත ගැටුම් අදහස් ප්‍රකාශ කිරීම් තියෙනවා ඒක සාමාන්‍ය දෙයක්. එහෙම කියලා ආණ්ඩුව වැටෙන්නෙත් නැහැ.

ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිම බාධාවකුත් නැහැ.
මේ ආණ්ඩුව බලයට ආවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. හොරු අල්ලන්න. පරණ හොරු අල්ලන්න ඕනෑ. ඒ වගේම අලුත් හොරු ඉන්නවා කියලත් කියනවා. ඒ අය ඊට ඉස්සර අල්ලන්න ඕන. ඒක ප්‍රමාද විය යුතු නැහැ. පරණ හොරු අල්ලලා අලුත් හොරු අල්ලනවා කියන එක හොඳ නැහැ. දෙකම එක සමානව කරන්න බෑ.

ගිය ආණ්ඩුව වැඩියෙන් හොරකම් කළත් මේ ආණ්ඩුව අඩුවෙන් හොරකම් කළත් කමක් නැහැ කියන එක සාධාරණ නැහැ මොකද මේ ආණ්ඩුවට අඩුවෙන්ම හොරකම් කරන්න අයිතියක් නැහැ.

මේ ආණ්ඩුව හදනකොට රජයක් විදියට දුන් පොරොන්දු තියෙනවා. ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉටු කරලා තියෙනවා. බෙහෙත් මිල අඩුයි. ගෑස්, ඉන්ධන, කිරිපිටි, ටින්මාළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරලා තියෙනවා. දැන් හාල් මිලත් අඩු වෙලා. එළවළුත් අඩුයි. පොල් මිල ටිකක් වැඩියි. පොල් රටින් ගේන්න බැහැ තෙල් රටින් ගෙන්න අවසර ඉල්ලලා තියෙනවා. ඒ වගේම වැටුප් රුපියල් 10,000කින් ඉහළ ගියා. සමෘද්ධි වැඩි වුණා, විශ්‍රාම වැටුප් වැඩි වුණා, ඊළඟට මහපොළ වැඩි වුණා.

එහෙම කරපු මේ ආණ්ඩුවට තමයි ඔය පහර ගහන්නේ. දැන් මේ අය සැප්තැම්බර්යේ ආණ්ඩුව පෙරළනවා කියනවා. එහෙම කියන එකේ අසාධාරණයක් නැහැ. මොකද විපක්ෂයේ ඉන්න කොට තියෙන මිනිස් බලය තියාගන්න ඔය වගේ ප්‍රකාශ කරනවා. ඒකාබද්ධය විතරක් නෙවෙයි ජවිපෙත් කියනවා. ජනතාවට මේ අය බලාපොරොත්තු දෙන්නේ ඒ අයගේ පැවැත්මට.

ඒ වගේම මේ ආණ්ඩුව පෙරළන්න ඕන කියන පදනමක් තවම දැනිලා නැහැ. එහෙම අවශ්‍යතාවකුත් නැහැ. එහෙම ක්‍රමවේදයකුත් නැහැ. අනෙක එහෙම මැතිවරණයක් තියන්නත් බැහැ. මොකද 2020 වෙනකම් මැතිවරණයකට යන්න බැහැ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒක සිදුවෙනවා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතු වෙලා සාකච්ඡා කරලා මේ රට ඉදිරියට යනවා. දැන් ආණ්ඩු පෙරළනවා නම් පෙරළන්න ඕන ඔළුගෙඩි හුවමාරුවකින්. හැබැයි ඒකටත් ජනාධිපතිතුමා ඉන්න ඕන. ඒ නිසා ආණ්ඩු පෙරළියක් ගැන හිතන්න බැහැ.

හැබැයි පළාත් පාලන ඡන්දය කලින්ම තියන්න ඕනෑ. ඉදිරි කාලයේ ඒක සැලසුම් සහගතව ඒක කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon