ආණ්ඩුව රැක ගැනීම ප්‍රශ්නයක් වෙලා

  👤  3322 readers have read this article !
By mawbima 2017-03-19

මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. අගමැතිතුමයි, ජනාධිපතිතුමයි සහයෝගයෙන් මේ ගමන යනවා. ඒකාබද්ධය ආණ්ඩුව පෙරළන්න මොන ගැට ගැහුවත් ඒක වෙන්නේ නැහැ. ජනතාවාදී ආණ්ඩුව පෙරළන්න මේ අයට බැහැ. එහෙමයි මහින්ද අමරවීර ඇමැතිතුමා කියන්නේ. මේ කාරණා ගැන ඔබ දක්වන්නේ කවර අදහසක්ද. ඒකාබද්ධය මේ කරන්නේ දේශපාලන පිටියේ බෝල ගැහීමක්ද?

විශේෂයෙන්ම ආණ්ඩුව වැටෙන්නේ නැති වෙන්නේ නැතිව බේරාගන්න එක ඒ අයගේ වැඩක්. මේ ආණ්ඩුව වැටීම කෙසේ වෙතත් මේ ආණ්ඩුව හදපු විදියත් වැරැදියි. එජාපයට ආණ්ඩු පිහිටුවන්න ජනතා බලයක් නැහැ. ජනතාව එහෙම බලයක් දුන්නෙත් නැහැ. ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ගිය සමහරු ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ඒ අයට ආණ්ඩු කරන්නත් ජනතා බලයක් දුන්නේ නැහැ.

මේ අයට දැන් තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව වැටෙන එක නෙවෙයි. හදාගත්ත ආණ්ඩුව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. මේ අය ආණ්ඩු කරනවා කියලා කියන්නේ මාස දෙක තුනකට සැරයක් රැස්වෙන එකයි වාහන අලුතෙන් ගේන එකටයි විතරයි.

රටකට ආණ්ඩුවක් ඕන මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. කලින් පැවැති රජයට වැඩිය අඩියක් හෝ ඉස්සරහට ගිහින් වැඩේ පහසු කරන්න. ජනතා සේවයක් කරන්න. නමුත් මේ ආණ්ඩුවට එහෙම දෙයක් කරන්න බැහැ. මේ ආණ්ඩුව බලයට එන විට රැකියා දෙනවා කිව්වා. බඩු මිල අඩු කරනවා කිව්වා. වයිෆයි දෙනවා කිව්වා. නමුත් ආණ්ඩුව ගත්ත දවසේ ඉඳලා මේ අය පියවරෙන් පියවර ජනතාවගෙන් අෑත් වෙනවා. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගන්නවා.

අපහසු කරනවා. ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන වාහනවල එහාට මෙහාට යන එක නෙවෙයි ආණ්ඩුව කියන්නේ. ජනතා සේවය පහසු කරන එකටයි.
මේ දෙනවා කිව්ව පොරොන්දු දීලා නැහැ. ඊට කලින් දුන් ජනතා සහනත් කපලා. තේවලට මිලක් නැහැ. රබර්වලට මිලක් නැහැ. පොහොර නැහැ. පාසල් නිල ඇඳුම නැහැ. බැංකුවෙන් සල්ලි ගන්නකොට පොලී ගහනවා. රත්තරන් බඩු උකසට තියලා බේර ගන්නකොට පොලී නෑ කිව්වා. දැන් ඒකට පොලී ගන්නවා. පින් පඩියෙනුත් දැන් රුපියල් 200-300ක් කපනවා. හමුදාවට කන්න දෙන්න බැරි ආණ්ඩුවක්. සමෘද්ධි අයගේ දීමනා කපලා. ඉතින් මේක ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ කොහොමද? මෙහෙම රජයක් මීට කලින් බිහිවෙලා නැහැ.

පක්ෂ දෙක තුනම එකතුවෙලා පහුගිය රජයත් කරගෙන ගියපු ජනතා සහනත් කපලා දැන් මේ ආණ්ඩුවට වැඩක් කරගන්න බැහැ. ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්වෙලා. ඔළුගෙඩි ටිකෙන් විතරක් ආණ්ඩුව කරනවා. මේක රටේ ආණ්ඩුවක් නෙවේ.

අද රජය ඇතුළේ විශාල පිරිසක් කලකිරිලා ඉන්නේ. තනතුරුවලට ආණ්ඩුවට ගිය අය ඒකට මුවා වෙලා ඉඳියි. නමුත් ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් තියෙනවා. එජාපයේ ගොඩක් අය ඉන්නේ තමන්ගේ ආණ්ඩුව ගැන කලකිරිලා. ඉතින් ඒ අය අප වටා එක් වෙනවා. සැප්තැම්බර්වල ආණ්ඩුව පෙරළන්න බැරිවෙයි. නමුත් අප වටා එකතුවන පිරිස හරහා යම් වෙනසක් කරන්න බලපෑමක් කරන්න පුළුවන්. ආණ්ඩුව පෙරළෙන්නේ ඒ අය වටා කලකිරීමෙන් ඉන්න අය නිසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon