ආණ්ඩුවට මොකද වෙන්නේ වැටෙයි ද? වට්ටනව ද?

  👤  3223 readers have read this article !
By mawbima 2017-03-19

සංවාදය ප්‍රගීත් සම්පත්

මේ ආණ්ඩුව ජනතාවාදියි. ජනතා සහන දෙනවා. ආණ්ඩුව පෙරළන්න, ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉන්න අයට ඒක කවදාවත් ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. අගමැතිතුමයි, ජනාධිපතිතුමයි එකතුවෙලා මේ රට ඉදිරියට ගෙනියනවා. ඒ වගේ ප්‍රකාශයක් පසුගියදා මහින්ද අමරවීර ඇමැතිතුමා කළා. මේ ආණ්ඩුව ශක්තිමත්ද. ජනතාවාදීද. ආණ්ඩුව කියන විදියටම මේක ආරක්ෂා කරන්න පුළුවන්ද?

ජනාධිපතිවරණයෙන් පස්සේ අවුරුදු 2යි මාස දෙකක් දැන් ගතවෙලා. ඒ වගේම අවුල් ආණ්ඩුව පිහිටුවලා අවුරුදු එකහමාරක් ගිහින්. පවුල හදා ගත්තේ රට හදන්න නෙවෙයි. තමන්ගෙන් ගිලිහුණු ඇමැතිකම් වරප්‍රසාද ගන්න කියන එක දැන් එළිපිට පෙනෙන්නට පටන්ගෙන. ඒ වගේම එජාපයටත් තනියෙන් රට හදන්න බැහැ. ශ්‍රීලනිපයටත් බැහැ. ඒ නිසා මේ දෙක එකතු වෙලත් කරන්න බැහැ. ඒක දැන් පෙනෙනවා.
මේ ආණ්ඩුවේ ලොකුම අවුල තමයි ජනාධිපතිතුමා සහ අගමැතිවරයා ආණ්ඩුවේ වැඩපිළිවෙළ දෙපැත්තට අදින එක. කැබිනට් එක ඇතුළේ එජාප, ශ්‍රීලනිප ඇමැතිවරු දෙපැත්තට අදිමින් ඉන්නවා. මේ තත්ත්වයෙන් ජනතාවට වාසියක් නැහැ.

එහෙම වාසියක් ගන්නවානම් කරන්න තියෙන්නේ මේ අරාජික තත්ත්වය ඊළඟ ඡන්දයේදී පරාජය කරන එක. ඒක හරියට කරගන්න ජනතාව සමත් විය යුතුයි. මේ අප තනිවම සහ හවුලේ ආණ්ඩු කරන්නෙත් තමන්ම ගොඩ බෙදා ගන්න විතරයි. ජනතාවට සේවය කරන්න නෙවෙයි කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම බලයට

කෑදර කම නිසා මහින්ද රාජපක්ෂ කල්ලියත් සැප්තැම්බරයේ ආණ්ඩුවක් හදනවා කියලා කියන්නේ ඇත්තටම ඔවුන්ට ආණ්ඩුවක් හදන්න තියෙන හැකියාවට නොවෙයි.
එවැනි මතයක් සමාජගත කළාම මේ අයට පුළුවන් තමන්ගේ වටේ ඉන්න පිරිස ආරක්ෂා කරගන්න. එහෙම වුණේ නැත්නම් ඔවුන් වටා ඉන්න ජනතාව වෙනත් කඳවුරු සොයාගෙන යනවා.

ඒ වගේම ජනාධිපතිවරයාත් තමන්ට ජනතාව දීපු ජනවරම තේරුම් අරගෙන නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න යහපාලනය පිහිටුවන්න හොරුන්ට දඬුවම් කරන්න. ඒත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාටත් තමන්ගේ ජනවරම පැත්තක තියලා ශ්‍රීලනිපයේ සභාපතිකම ආරක්ෂා කරනවා.
රාජපක්ෂ ආණ්ඩුවේ ඉඳලා මෛත්‍රිපාල සිරිසේන මහතා ළඟට ආපු අයගේ හොරකම්, වංචා ගැන බැලුවම මේ අය එළියේ නිදහසේ සැරිසරන්න ඕන අය නොවෙයි. නමුත් මේ අය එළියේ නිදහසේ ඉන්නවා. ඒ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව යටතේ. ඉතින් තමන්ගේ පක්ෂයට යළිත් ආණ්ඩුවක් හදලා එළිපිටම හොරු ආරක්ෂා කරන එකේ ප්‍රතිඵලය ජනාධිපතිවරයාටත් භුක්ති විඳින්න සිදුවේවි.

අගමැතිවරයා මේ වෙලාවේ කල්පනා කරන්නේ 2020 ජනාධිපතිවරණය කොහොමද දිනන්නේ කියන එක. එහිදී එජාපය විසින් ආණ්ඩුවක් හදලා ජනතා සහන දීලා ව්‍යාපාරිකයන්ට සහන දීලා, කර්මාන්ත හදලා යන්න හදන ගමන සාර්ථක නෑ කියා අගමැතිවරයාත් දන්නවා. රටට ආයෝජකයන් එන්නෙත් නැහැ මේ අරාජික බවෙන් මිදෙන්නත් බැහැ. ඒ නිසා ශ්‍රීලනිපය දෙකඩ කරලා තමන්ගේ තැන හදාගන්න අගමැතිවරයා උත්සාහ කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon