පැන්ෂන් යන ලොක්කන්ට ලොකු ගාණක් දීලා යළි සේවයට

  👤  3218 readers have read this article !
By mawbima 2017-03-19

සිදත් මෙන්ඩිස්

තරාජ්‍ය සේවයේ නියුතු ජේ‍යෂ්ඨ නිලධාරීන් විශ්‍රාම ගන්නා වයස් සීමාව දීර්ඝ කරමින්....ඔවුන්ට ඉහළ දීමනාවක් ගෙවමින් තවදුරටත් රාජ්‍ය සේවයේ යෙදවීමට මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.

කැබිනට් අමාත්‍යාංශ ලේකම්, ජේ‍යෂ්ඨ මහාචාර්ය, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක, ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හෝ ඒ සමාන තනතුරු සඳහා මාසික දීමනාව රුපියල් 350,000ක්ද, අභියාචනාධිකරණ විනිසුරු, මහාචාර්ය, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්, අතිරේක ලේකම්, විශේෂඥ වෛද්‍ය, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ජේ‍යෂ්ඨ විද්‍යාඥ හෝ ඒ හා සමාන තනතුරු සඳහා රුපියල් 2,50,000ක්ද ගෙවීමට යෝජනා කර තිබේ. මීට අමතරව තනතුරට අදාළ ප්‍රවාහන පහසුකම්, ඉන්ධන දීමනාව සහ සන්නිවේදන දීමනාද ගෙවීමට යෝජනා කර ඇත.

මීට අනුමැතිය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මගේ අංක ර්ජ්/03/ඛ්ර්2017/005 යටතේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

දැනට රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 සීමාවේ පැවැතියද සුවිශේෂ තනතුරු කිහිපයක් වන අග්‍ර විනිශ්චයකාර තනතුර, ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සඳහා වයස අවුරුදු 65, අභියාචනාධිකරණ විනිසුරුවන් හා විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63, මහාධිකරණ විනිසුරුවරුන් සඳහා වයස අවුරුදු 61ක් ලෙස වර්තමානයේ විශ්‍රාම යෑමේ වයස ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම වයස් සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීමටත් 2017.01.01 දා දිනට ක්‍රියාත්මක වන පරිදි එය ක්‍රියාත්මක කිරීමටත් මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon