29 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක්

  👤  3271 readers have read this article !
By mawbima 2017-03-19

උපතිස්ස පෙරේරා

තරට පුරා ඩෙංගු රෝගය හිස එසැවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බැවින් ජාතික ඩෙංගු මර්දන සතියක් මේ මස 29දා සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා ස්වේච්ඡා සේවකයන් සම්බන්ධ කරගෙන සියලුම නිවාස රජයේ හා පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා, පාසල් ඇතුළු සියලුම ස්ථාන පරීක්ෂා කිරීම මේ යටතේ කටයුතු කෙරේ. ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඩෙංගු මර්දන වැඩසටහන් ශක්තිමක් කිරීම සඳහා අලුතෙන් බඳවා ගෙන පුහුණු කර ඇති 500ක සේවක පිරිසක්ද අමාත්‍යාංශය මෙම ඩෙංගු මර්දන වැඩසටහනට අනුයුක්ත කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon