හිටපු නාගරික මන්ත්‍රිවරයකු ඇතුළු 3ක් අල්ලයි

  👤  3039 readers have read this article !
By mawbima 2017-03-19

චාමර අමරසූරිය

තකළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි ප්‍රහාර එල්ල කොට පාතාල නායක 'සමයං' ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයකු ඇතුළු...තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ප්‍රහාරයේ මහ මොළකරු වන 'අංගොඩ ලොක්කා' නමැති පාතාල නායකයාගේ ගෝලබාලයන් සමඟ ප්‍රහාරය සිදු කිරීමට පෙර සහ ඉන් පසුව දුරකතන සංවාද පැවැත්වූ අදාළ හිටපු නාගරික මන්ත්‍රිවරයා ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැරි බවද පොලිසිය පවසයි.
එම හිටපු නාගරික මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අයකු බවද පොලිසිය කියයි.

මීට අමතරව වෙඩි ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කාගේ ගෝලයන් තිදෙනකුට නවාතැන් දුන් ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්ද කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව වෙඩි ප්‍රහාරය සඳහා ඔත්තු බැලූ බවට සැක කරන පානදුර, පින්වත්ත ප්‍රදේශයේ තැනැත්තකුද එම කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු නිලධාරීන් විසින් මේ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්