උද්ඝෝෂණවලට කොළඹ තැන් ටික ලෑස්තියි

  👤  3166 readers have read this article !
By mawbima 2017-03-19

උපතිස්ස පෙරේරා

තජනතාවට උද්ඝෝෂණ හා පෙළපාළි පැවැත්වීමට කොළඹ නගරයේ සුදුසු ස්ථාන කිහිපයක් පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිර්දේශ ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. පොදු ජනතාව පීඩාවට පත්වන අයුරින් වාහන තදබද හා මාර්ග වසා දැමීමෙන් තොරව උද්ඝෝෂණ හා විරෝධතාකරුවන්ට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථාන කිහිපයක්...මෙසේ හඳුනාගෙන ඇති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු යොදා ඇති බවත් එම කාර්යාලයීය ප්‍රකාශකයෙක් සඳහන් කෙළේය.

විවිධ හේතූන් මත විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සංවිධාන විසින් කොළඹ නගරයේ පමණක් පසුගිය දෙමස ඇතුළත උද්ඝෝෂණ, විරෝධතා සහ පෙළපාළි 50කට අධික ප්‍රමාණයක් පැවැත්වීම නිසා ජනතාව පීඩාවට පත්වීමත් මාර්ග තදබදය ව්‍යාපාරික ප්‍රජාවට සිදුවන හානි වළක්වා ගැනීම සඳහාත් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්විය හැකි ස්ථාන කිහිපයක් නම් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙසේ නම් කරන ස්ථාන මැයි රැලි හා දේශපාලන ප්‍රචාරක රැස්වීම්වලට අදාළ නොවන බවද එම ප්‍රකාශකයා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon