උෟව පළාත් සභාව හිතවත්කම් මත රැකියා දීලා

  👤  3762 readers have read this article !
By mawbima 2017-01-11

බදුල්ල - ටී.බී. රත්නායක, ඇටම්පිටිය - රත්න වීරසිංහ

උෟව පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂය විසින් කිසිදු විනිවිදභාවයකින් තොරව දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත රැකියා ලබාදීම පිළිබඳ විරෝධය පා ඊයේ (10දා) උෟව පළාත් සභා රැස්වීම වර්ජනය කර පිටව ගිය උෟව පළාත් සභා එජාප මන්ත්‍රිවරු ඉන් අනතුරුව උෟව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපස මාර්ගයේ වාඩිවී සිය විරෝධය පළ කළහ.

උෟව පළාත් සභාවේ විපක්‍ෂ නායක ර.මු. රත්නායක මහතා ඇතුළු එජාප මන්ත්‍රිවරුන් 11 දෙනකු සභා ගැබෙන් පිටව උෟව පළාත් ආණ්ඩුකාරවරයා මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස උෟව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය වෙත ගිය අතර ආණ්ඩුකාරවරයා කාර්යාලයේ නොසිටි බැවින් ඔවුහු එම කාර්යාලය ඉදිරියේ ප්‍රධාන මාර්ගය අබියස ආණ්ඩුකාරවර කාර්යාලයේ පිවිසුම් මාර්ගය අවහිර වන පරිදි බිම වාඩිවී පැය භාගයක පමණ කාලයක් සිය විරෝධතාව දැක්වූහ.

උෟව පළාත් සභාව මඟින් අසාධාරණ ලෙස රැකියා ලබාදීම සම්බන්ධව තමන් උෟව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රජයේ සියලු වගකිවයුත්තන් දැනුවත් කර ඇතත් මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවත් යහපාලන රජය බිහිකිරීමට වෙහෙස වූ තමන්ට පවා කිසිදු රැකියා අවස්ථාවක් නොදී රජයට එරෙහිව උද්ඝෝෂණය කළ අයට රැකියා ලබාදී ඇති බවත් මෙම විරෝධයට එක්ව සිටි මන්ත්‍රිවරු පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්