'සහස්‍ර පූජා' පින්කම අද

  👤  3649 readers have read this article !
By mawbima 2017-01-11

උදයන්ති මුණසිංහ

ඓතිහාසික පඬුවස්නුවර රජමහා විහාරස්ථානය මඟින් ආරම්භ කරන ලද සහස්‍ර පූජා පින්කම් මාලාව 17 වන වරටත් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී අද (11දා) දවස පුරා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උදා වූ නව වසරේ රටට සිදුවන සියලු ස්වාභාවික විපත්වලින් සමස්ත ශ්‍රී ලංකාවත්, රට වැසියනුත් ආරක්ෂා කර ගැනීම උදෙසා මෙම පින්කම පවත්වනු ලබයි.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්වැලිසෑ මහ විහාරාධිපති පල්ලේගම හේමරතන, පඬුවස්නුවර රජමහ විහාරාධිපති උහන්ගොඩ රතනසාර, මහනුවර මල්වතු මහා විහාරවාසී අලුත්ගම ශ්‍රී ධම්මානන්ද, මහනුවර මල්වතු මහා විහාරාධිකාරී කීර්ති ශ්‍රී ධම්මරක්ෂිත, කැටයාපතනේ ශ්‍රී පියදස්සි, කුරුණෑගල හල්මිල්ලකොටුව ශ්‍රී සුමනාරාමාධිපති, මිරිහානේගම සුමනසිරි, පණ්ඩුක පිරිවෙන්හි පරිවේණාධිපති දැහැන්නෑගම ධම්මජෝති ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත්වේ.

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන සහ වෛද්‍ය තෙරිපැහැ ආරියවංශ මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් මෙම පූජෝත්සවය සංවිධානය කරනු ලබයි.

මෙදින අර්ධ ශතාධික මහා සංඝරත්නය උදෙසා සඟසතු සාංඝික දානමය පින්කම සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ස්වර්ණමාලි චෛත්‍ය රාජයානන් උදෙසා කප්රුක් සහ පූජෝපහාර පැවැත්වීමෙන් අනතුරුව පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව අනුරාධපුර භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධාභිධාන නායක හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්