ජූරියක් නැතිව නැවත නඩුව අහන්න

  👤  3795 readers have read this article !
By mawbima 2017-01-11

ඉෂාර රත්නකාර

•පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රවිරාජ් මහතාගේ බිරිය ශෂිකලා රවිරාජ් මහත්මිය අභියාචනාධිකරණය හමුවේ ඊයේ (10දා) විශේෂ පෙත්සමක් ගොනු කළාය.

පෙත්සම්කාරිය සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබූ බවත් එවැනි නඩුවක් ජූරි සභාවක් ඉදිරියේ කැඳවීම දෝෂ සහගත බවත්ය.

එම තත්ත්වය පෙන්වා දෙමින් තමන්ගේ නීතිඥවරුන්, ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කිරීමට ගත් තීරණයට විරෝධය පළ කළ බවද පෙත්සම්කාරිය දන්වා සිටී.

එහෙත් දිනපතා රවිරාජ් නඩුව අසා ඉකුත් දෙසැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ අදාළ ජූරි සභාව විසින් සියලු විත්තිකරුවන් එම චෝදනාවන්ට නිවැරැදිකරුවන් බවට තීරණය කළ බවත් ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කළ බවත් පෙත්සම්කාරිය සිය පෙත්සම මඟින් අභියාචනාධිකරණය වෙත දන්වා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon