logo

28

කොළඹ

නවතම පුවත්

හමුදා ට්‍රක් රථයක් යාල්දේවි දුම්රියේ ගැටී 5ක් මරුට- 2කට බරපතලයි (UPDATE)

කිරින්ද වෙරළ තීරයේදි සැඩ රළ පහරකට හසුව මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

කැසිනෝ ගේන්න හදන ඇමැතිට කාදිනල්ගෙන් කනේ පාරක්

නිවස ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයට කවුදෝ ගිනි තියලා

මාලිංගගේ කැච් එක අත ඇරපු කුසල් මෙන්ඩිස් මාලිංග ගැන කියපු දේ මෙන්න, උඩ පන්දුව ගිලිහුණාම මම ටිකක් බයවුණා
මහ දවාලේ දෙහිවල වෙළඳසැලකට රිංගා හිමිකරුට පිහියෙන් ඇනලා- CCTV නිසා සියල්ල මාට්ටු

ඇෆ්ගනිස්තානය පැරැදූ බංග්ලාදේශය ප්‍රසාද සටහනේ 5ට එයි

සකිබ් අල් හසන්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඇෆ්ගනිස්තානය ලක

09:50 AM Jun 25 2019

මාලිංගගේ කැච් එක අත ඇරපු කුසල් මෙන්ඩිස් මාලිංග ගැන කියපු දේ මෙන්න, උඩ පන්දුව ගිලිහුණාම මම ටිකක් බයවුණා

08:49 AM Jun 25 2019

අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය දැකලා පුදුම වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා - ගහපු විදියට මතක් වුනේ අරවින්ද සිල්වාලු (VIDEOS)

02:20 PM Jun 24 2019

ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීමේ සූදානමක

තමන් ඉරානයට දැඩි ලෙස නව සම්බාධක පනවන බවට ඇමරිකානු ජනපති ඩොනල

09:04 AM Jun 25 2019

ඉරානයට එරෙහි ඇමරිකාවට බ්‍රිතාන්‍ය සහය හිමි වන ලකුණු

12:48 PM Jun 24 2019

ඉන්දියාවේ දරුණු කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට

12:15 PM Jun 24 2019

facebook එකේ යන මඩ කතා වලට සාගලගෙන් පිළිතුරු

මේ දිනවල මම දකිනවා මුහුණු පොතේ සහ මාධ්‍යයේ අපේම ජනතාව කියනවා

10:55 AM Jun 25 2019

ඇමැති අර්ජුනගෙන් අපහාස නඩු තුනක්

09:54 AM Jun 25 2019

මෛත්‍රිගේ 18-19 කතාවට මහින්දගෙන් උත්තරයක්

09:00 AM Jun 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-24
CARTOON ::: 2019-06-21
CARTOON ::: 2019-06-20

මහජන බැංකුවට අත නොතබනු !

ආණ්ඩුව මහජන බැංකුව විකිණීමේ සූදානමක නිරතව සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක හෙළිකර තිබේ. ජනතාවට ඒත්තු නොයන පරිදි ගිණුම් හිමියන්ට හා තැන්පත්කරුවන්ට කොටස් නිකුත් කරන මුවාවෙන් මහජන බැංකුව විකිණීමේ සැලසුම සකස්කර තිබෙන බවද, හෙතෙම පෙන්වාදී ඇත.ආණ්ඩුව 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා', 'ගම්පෙරළිය' ආදී නොයෙක් ව්‍යාපෘති ගැන මහ ඉහළින් කතා කළත්, පොදු දේපොළ විකුණා දැමීම හැර වෙනත් විකල්පයක් වත්මන් ආණ්ඩුවට නැති බව පෙනේ. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැමදාමත් ලංකාවේ ආණ්ඩුවලට උපදෙස් දුන්නේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය පෞද්ගලීකරණය කරන ලෙසය. එහෙත් ඒ හැම අවස්ථාවකම බැංකු ක්‍ෂේත්‍රය ආරක්ෂා කරගන්නට බැංකු සේවකයෝ සමත් වූහ.වර්තමාන ආණ්ඩුවේ අවසන් හය මාසය තුළ ස්වකීය අභ්‍යන්තර අරමුණු සාක්ෂාත් කර ගනිමින් පෞද්ගලීකරණ වැඩපිළිවෙළ වේගවත් කර ඇති බව පෙනේ. මැයි මාසයේදී ආණ්ඩුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ජපානයට සහ ඉන්දියාවට විකුණා දැම්මේය. ජුනි මාසය ආරම්භයේ සෙවණගල සහ පැල්වත්ත සීනි සමාගම් විකිණීමේ මූලික සාකච්ඡා ආරම්භ කළේය. ජුනි මාසයේ අග කොටස් නිකුත් කිරීමේ මුවාවෙන් මහජන බැංකුව විකිණීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සිටී.මහජන බැංකුව වූ කලී ලංකාවේ මූල්‍ය පද්ධතියේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන ප්‍රධාන බැංකුවය. 1997 ඇතිවූ ආසියානු ආර්ථික අර්බුදයටත් 2008 ඇමෙරිකාව කේන්ද්‍ර කොට ඇතිවූ ලෝක ආර්ථික අවපාතයටත් අපේ රාජ්‍ය බැංකු ශක්තිමත්ව මුහුණ දුන් බව රහසක් නොවේ. ඉන්දුනීසියාව, මැලේසියාව වැනි ආසියානු රාජ්‍යයන්ගේ ආර්ථිකය බිඳවැටෙද්දී මෙරට රාජ්‍ය බැංකු ඊට ශක්තිමත්ව මුහුණ දුන්නේය. දැනටත් ජාතික අය - වැයේ දේශීය ණයවලින් වැඩි කොටස දරන්නේ රාජ්‍ය බැංකු විසිනි.මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ 2019 අය -  වැය වාර්තාවේ මහජන බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් කෝටි පන්දහසක් බව සඳහන් කර තිබිණි. ආණ්ඩුව සූදානම් වන්නේ මහජන බැංකුවේ ප්‍රාග්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන වැදගත් පියවරක් ලෙස පෙන්වමින් රුපියල් 50 කොටස්  කෝටි සියයක් වශයෙන් ප්‍රාග්ධනය එකතුකර ගැනීමටය. කොටස් නිකුතුව එළියට දමන්නේ පැනනැඟීමට ඉඩ ඇති වෘත්තීය සමිති විරෝධය මැඬපවත්වා ගන්නා අදහසින් බව පෙනේ.ගෝලීය පසුබෑම් හේතුවෙන් මතුවී ඇති අසීරුතා මැද ආණ්ඩුව බරපතළ අර්බුදයකට මුහුණදී සිටී. 2018 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව 2018 දී ආර්ථික වර්ධනය ඊට පෙර වසරේ වූ සියයට 3.4 සිට සියයට 3.2 දක්වා පහළ ගියේය. ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. 4104  සිට 2018 දී ඇ.ඩො. 4102 දක්වා පහත වැටිණි. මේ වසරේ ගෙවිය යුතු විදේශ ණය ඇ.ඩො. බිලියන 5කි. සිඳී යමින් තිබෙන විදේශ වත්කම් පියවාගනු පිණිස ඇ.ඩො. බිලියන 2.4ක් රාජ්‍ය බැඳුම්කර අලෙවියෙන් උපයාගෙන තිබේ. ඉතිරිය සඳහා විදේශ ණය ගැනීම හැර දැනට ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැත. ඔවුන් රාජ්‍ය බැංකු දෙසට හැරෙන්නේ මෙවැනි අස්ථාවර වටපිටාවකය.1961 අංක 29 දරන මහජන බැංකු පනත ඉතා ශක්තිමත් එකකි. ඊට අනුව සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට හා මුදල් ඇමැතිවරයාට පමණක් ගත නොහැකි තීන්දු තිබේ. ඒවා මහ බැංකු මුදල් මණ්ඩලයට යටත්ය. මහජන බැංකුව මෙතෙක් රැකුණේ එවැනි සංකීර්ණ රැකවරණ හේතුවෙනි. ලංකාවේ රාජ්‍ය බැංකු 8ක් ඇති අතර ඒ සියල්ල ලාභ ලබන ආයතන වේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බැංකුවක මුළු තැන්පතුවලින් 17%ක ප්‍රාග්ධනයක් බැංකුව සතු විය යුතුය. අපේ බැංකුවලට එම සංලක්ෂ්‍යට ළඟාවිය නොහැක්කේ ඔවුන්ට මහා භාණ්ඩාගාරයට අසීමිතව මුදල් පොම්ප කරන්නට සිදුවීම හේතුවෙනි. මහජන බැංකුව 2018 වසර් ලද ශුද්ධ ලාභය රුපියල් මිලියන 17085කි. ජාතික ආර්ථිකයට ඉන් ලැබුණු පිටිවහල සුළුපටු නොවේ. ආණ්ඩුව හදන්නේ 'කිරි එළදෙන මසට විකුණන්නටය'. මහජන බැංකුවේ තැන්පත්කරුවන්, සේවකයන් මෙන්ම රටේ ජනතාව කිසිසේත්ම ඊට ඉඩදිය යුතු නැත.
වීඩියෝ