30

කොළඹ

අධිවේගී මාර්ගය ගාස්තු වලින් නිදහස්

පෞද්ගලික කතෝලික පාසල් සියල්ල තාවකාලිකව වසා දමයි

කොටහේන ප්‍රදේශයෙන් තවත් පිපිරීමක්

හෙට ජාතික ශෝක දිනයක්

මව්බිම වෙනුවෙන් එකට සිටිමු

ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කමිටුවක්
සියලු ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවට තහවුරු වෙයි

කුරිරු ප්‍රහාර වලින් මියගිය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රිකට් තරු හඬා වැටේ (PHOTO)

දිවයිනේ ප්‍රදේශ රැසක  පුපුරා ගොය බෝම්බ ප්‍රහාර වලින් මි

04:42 PM Apr 21 2019

වර්ල්ඩ් කප් එක දිනන්න කලින් නායකත්වයට සටනක්

11:23 AM Apr 20 2019

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදිසියේ මරුට

04:31 PM Apr 19 2019

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ගැන සඳහන් වූ ලියුම ගැන බලධාරීන් නොසලකා හැරියේ ඇයි?

“ජාතික තව්හිත් ජමාත්’ සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් ම

10:13 AM Apr 22 2019

අගමැති ආරක්ෂක ප්‍රධානීන් කැඳවයි

02:13 PM Apr 21 2019

ශ්‍රී ලංකා මහජන පක්ෂය ගෝඨාට එකතු වෙයි

09:34 AM Apr 19 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-21
CARTOON ::: 2019-04-19
CARTOON ::: 2019-04-18

අෑලියාවට ගිය ජාතික ආරක්ෂාව

මෙවර පාස්කු ඉරිදාව කළු ඉරිදාවක් කරමින් අපේ ආදරණීය මාතෘ භූමිය ඉකුත් දශකයක ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයට ඊයේ මුහුණ දුන්නේය. ලක්මවට ඇගේ දරුවන් වෙනුවෙන් යළිත් හඬන්නට සිදුව තිබේ. හිත් පිත් නැති ම්ලේච්ඡ කුරිරු ත්‍රස්තවාදය යළිත් ඇගේ දරුවන්ගේ ජීවිත බිලිගෙන ඇත. පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන අටක සිදුවූ මහා ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ දුක බෙදාගන්නට අපිදු එක්වන බව ප්‍රථමයෙන් සටහන් කරමු.නමුත් රටේ ජාතික ආරක්ෂාව තඹයකටදු මායිම් නොකළ සෙවල බලධරයන් ගැන අපට ඇත්තේ පිළිකුල් සහගත ජුගුප්සාවකි. මන්ද තව්හිත් ජමාත් අන්තවාදී සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් මේ රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමකින් පසුවන බව ජාතික බුද්ධි සේවාව වාර්තා කර ඇතැයි ඊයේට දින දහයකට පෙර එනම් අප්‍රේල් 11 වැනිදා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ප්‍රභූ ආරක්ෂාව භාර බලධරයන් වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.එමඟින් අවධාරණය කර තිබුණේ ප්‍රභූවරුන්ගේ හා ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් හා සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙසය.ජාතික බුද්ධි සේවය කළ මෙම අනතුරු ඇඟවීම රටේ ආරක්ෂාව භාර කිසිදු බලධරයකු පයිසයකටවත් මායිම් නොකිරීමේ ප්‍රතිඵලය වූයේ 228 දෙනකු අකාලයේ මරු තුරුලට යෑමත් පන්සියයකට අධික පිරිසක් තුවාලකරුවන් බවටත් පත්වීමත්ය. එපමණක්ද නොවේ. මෙම අනතුරු ඇඟවීම පසුගියදා ඉන්දියානු බුද්ධි සේවා මඟින්ද මෙරට ආරක්ෂක යාන්ත්‍රණයේ ඉහළම බලධරයන් වෙත වාර්තා කර තිබිණි. මෙතරම් අනතුරු සංඥා සිදු කර තිබියදීත් ඇස් කන් පියාගෙන සිට මේ රට දස වසරකට පසුව යළිත් මිනී කන්නන්ගේ දේශයක් බවට පත් කළ හිකනලුන්ට කවර නම් දඬුවමක් දීම සෑහේද?2009 මැයි 18 වැනිදායින් පසුව ඊයේ දිනය දක්වාම මේ රට තුළ පැවැතියේ නිදහස් සාමකාමී වාතාවරණයකි. මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගන්නට ඇප කැපවූ රණකාමීන් මෙන්ම ඊට අනුපමේය දායකත්වයක් දුන් ආරක්ෂක බුද්ධි අංශ එදා ඉටු කළ විසල් මෙහෙවරට කණ කොකා හැඬුවේ මීට වසර හතරකට පෙරාතුව සිටය.ඊයේ සිදු වූ ජන ඝාතනය මෙරටේ ආරක්ෂක බුද්ධි අංශවල කොන්ද කැඩීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් බව අපි එකහෙළාම මෙහිලා සටහන් කරමු. බෙදුම්වාදී කොටි හිතවාදී ඩයස්පෝරාව, එන්.ජී.ඕ. කැනහිලුන් හා මානව හිමිකම් ඉහඳ පණුවන් සතුටු කරන්නට මේ රටේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට ඇප කැපවූ බුද්ධි අංශ නායකයන් මාස ගණන් සිරගත කරමින් කළ කෙනෙහිලිකම්වල ප්‍රතිඵල දැන් පාරාවළල්ලක්ව අත්විඳින්නට සිදුව ඇත්තේ ඒවා කළවුන්ට නොව මෙරටේ අහිංසක ජනතාවටය. ත්‍රස්තවාදයට එරෙහි සටනේ යුද හමුදාවේ බුද්ධි අංශයට නායකත්වය දුන් සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු බුද්ධි නිලධාරීන්ට සිරබත් කවන්නට හේතු වූ ප්‍රධානතම කරුණක් වූයේ ඔවුන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සමඟ සමීපව රාජකාරි කිරීමත් එනිසාම ඔවුන් හරහා ගෝඨාභය දඩයම් කර ගන්නට දැරූ තක්කඩි දේශපාලන උප්පරවැට්ටිය නිසාත් බව අමුතුවෙන් නොකිවමනාය.එපමණක්ද නොවේ. මෑත වකවානුවේ මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධිය හා වනාතවිල්ලුවෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය හා ඒවාට අදාළ සැකකරුවන් හඹායෑම වුවමනාවෙන්ම නොසලකා හරිමින් දියාරු ආරක්‍ෂක ප්‍රතිපදාවක් අනුගමනය කෙරුණේ නිකමට නොවන බව අපගේ වැටහීමයි. ඒ පිළිබඳ ඍජු අධීක්‍ෂණයක් යටතේ නිසි පරීක්‍ෂණ ක්‍රියාත්මක වූවා නම් ඊයේ සිදුවූ ඛේදවාචකය කිසිවිටෙක සිදු නොවන්නටද ඉඩ තිබිණි. එහෙත් මේ රට තුළ ත්‍රස්තවාදයේ සේයාවකුදු නැතැයි පෙන්වන්නට සිදුකළ දේශපාලන ඇස්බැන්දුම් ඊයේ සිදුවූ මහා විනාශයට පාර කැපූ බව අමුතුවෙන් කිවයුතු නැත.අවසානයේ සිදුවූයේ කුමක්ද? ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේවත් සිදුනොවූ පරිදි එකම කාල පරාසයකදී දේවස්ථාන තුනකත් ආර්ථික මර්මස්ථාන වූ තරු පහේ හෝටල් තුනකත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරා යෑමය. එපමණක්ද නොවේ. ආරක්‍ෂක යාන්ත්‍රණයේ තවත් හිල් ඇති බව පෙන්වමින් දෙහිවලදී හා දෙමටගොඩදී මරාගෙන මැරෙන බෝම්බ ඊයේ පස්වරුවේදී පුපුරා ගියේය.ඊයේ දහවල් වන විටම මේ ත්‍රස්තවාදයේ ඍජු ප්‍රතිලාභ ජනතාවට දැනෙන්නට පටන් ගැනුණි. පාර්සල් රැගෙන බස් රථවල ගමන් කිරීමට මගී ජනතාවට තහංචි වැටිණි. සෑම මොහොතකම අනෙකා දෙස සැකයෙන් බැලීමේ දශකයකට එහා පුරුද්ද නැවත ජනතා සිත් සතන් තුළ ඇති කරන්නට පියවර ගැනිණි. සැමියාත්, බිරියත් එක කෝච්චියේ එක බස් රියේ රැකියාවට නොඑන පුරුද්ද යළි ඇති කරන මානසික බලපෑම් යළි ඇති විණි. දරුවන්ගේ ආරක්‍ෂාව ගැන ඇති බිය සෑම මවුපියකුගේම මොළය පහුරු ගාන්නට පටන් නොගත්තා යැයි කාට නම් කිව හැකිද?බෙදුම්වාදී කොටි හිතවාදී ඩයස්පෝරාවට, එන්.ජී.ඕ. මාෆියාවට හා ජාත්‍යන්තර දණ්ඩ නමස්කාරයට තිබෙන දේශපාලන බලධාරීන්ගේ කැපවීම රටේ ජනතාව තමන් උපන් රට තුළම යළිත් වරක් අනාරක්‍ෂිතයන් කරන්නට හේතුවී තිබේ.දස වසරක කාලයක් නිදහසේ ජීව වායුව ආඝ්‍රාණය කළ ජනතාවක් මෙසේ මර බියෙන් පෙළෙන අසරණයන් බවට පත් කළ බලලෝභී සට්ටඹියන් සියලු දෙනා ඒ පාපයත්, ශාපයත් දෙකම භාර ගත යුතු බව අපි දැඩිව අවධාරණය කරමු.
වීඩියෝ