27

කොළඹ

මඟුල් ගෙදර ආහාර වේල මුස්ලිම් කෝකියකු සෑදු නිසා වුණ දේ

තිහගොඩ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට

බයිසිකලේ යද්දී සැමියා විසින් බිරිඳව ඝාතනය කරලා

වන්ද්‍යාකරණ සිදුවීමට තුඩු දුන් වෛද්‍යවරයාට එරෙහිව CID ට තොරතුරු දෙන්න - පොලීසිය ඉල්ලයි

නාත්තන්ඩියේ කල මෙහෙයුමකින් තවත් සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ

එගොඩ මල්වල ද්විත්ව ඝාතනයේ සැකකරු දින 10කට පසු බණ්ඩාරගමදී අල්ලයි
පාසලක ශ්‍රමදානය අතරතුර බඹර ප්‍රහාරයක් - 30කට අධික පිරිසක් රෝහලට

කෝලි සිනහවෙන් පරාජය පිළිගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි පෙරහුරු තරගය ලෙස ඉන්ද

12:17 PM May 26 2019

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

වර්ජිනියා ප්‍රාන්තයේ වෙඩිතැබීමකින් 8 දෙනෙකු රෝහල් ගත කෙරේ

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.සිද

02:58 PM May 26 2019

ඉම්රාන්ගෙන් අනතුර ඇඟවීමක්

02:38 PM May 26 2019

ට්‍රම්ප් හා අබේ ගොල්ෆ් ගසමින් දෙරටේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරයි (PHOTO)

12:02 PM May 26 2019

හෙට ජනපති,අගමැති වන්නේ කවුරුන්ද යන්න අදාල නෑ රට වෙනුවෙන් ඕනෑම වෙලාවක හිටගන්න සූදානම්

හෙට ජනපති වන්නේ කවුරුන්ද අගමැති වන්නේ කවුරුන්ද යන්න කිසිසෙත්

01:27 PM May 26 2019

තාජුඩීන් සිද්ධිය ගෙනාවේ එවකට මහින්ද රාජපක්ෂ සහ මුස්ලිම් ජනයා අතර බෙදීමක් ඇති කරන්න

11:50 AM May 26 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

10:18 AM May 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

ඉන්දියාවේ මෝදිලා

නිදහසින් පසු ඉන්දීය ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයේදී තනිව ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව එනම්, ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය (ඕබ්ර්ථී) සමත් විය. බී.ජේ.පී. ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය හිමිකරගෙන ඇති මුළු ආසන ගණන 353කි. ලෝක් සභාව හෙවත් මහජන මන්දිරයේ 542ක්වූ මුළු මන්ත්‍රි ආසන සංඛ්‍යාවෙන් ඉන්දීය ජනතා කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට දිනාගත හැකිවූයේ ආසන 92ක් පමණි. ඉන් කොංග්‍රසයට හිමි ආසන ගණන 52කි. 2004 මහ මැතිවරණයේදී බීජේපීය තැබූ වාර්තාව ඔවුන් විසින්ම බිඳ හෙළද්දී කොංග්‍රසය සිය පක්‍ෂ ඉතිහාසයේ විශාලතම පරාජය ලබා වාර්තාවක් තබා ඇත.භාරතීය ජනතා පක්ෂයේ හෙවත් බීජේපීයේ මේ ඓතිහාසික ජයග්‍රහණයට තුඩුදී ඇති ප්‍රධාන කාරණා තුනකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආකර්ෂණීය නායකත්වය පළමු වැන්නයි. දෙවැන්න වන්නේ ජාතික ආරක්ෂාවට මුල්තැනක් දීමය. ‘හින්දු ජාතිකවාදය’ අනෙක් කාරණයයි. භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදය පදනම් කරගෙන බිහිවුණකි. “අනාගමිකත්වය ගැන පසුගිය කාලයේ කතා කළ දේශපාලන පක්ෂවලට ජනතාව මේ මැතිවරණයේදී හොඳ පිළිතුරක් දී ඇතැයි” අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශ කළේ ඒ නිසාය. මහත්මා ගාන්ධිගේ දර්ශනය මත පදනම්ව ගොඩනැඟුණු කොංග්‍රසය අනුගමනය කරන්නේ අනාගමික ප්‍රතිපත්තියකි. අනාගමික - ආගමික සටනේ ජය හිමිව ඇත්තේ ආගමික පාර්ශ්වයටය.2014 දී ඇරැඹි අගමැති නරේන්ද්‍ර මෝදිගේ මුල් ආණ්ඩු වාරයේදී කෘෂිකාර්මික හා කාර්මික ක්ෂේත්‍රයේ යම් කඩාවැටීමක් සිදුවිය. මෝදිගේ ආණ්ඩුව ගත් ඇතැම් ආර්ථික තීන්දු බහුතර ජනතාව පීඩාවට පත් කළේය. එහෙත් ඉහත කී කාරණා තුනට අමතරව වංචා දූෂණ අවම කිරීමට පියවර ගැනීම, නිලධාරීන් හමුවට නොයා අන්තර්ජාලය හරහා රජයේ කටයුතු කරගැනීමට පහසුකම් සැලැසීම, තාක්ෂණික ක්ෂෙත්‍රයේ ශීිග්‍ර දියුණුව බීජේපීයේ මේ ජයග්‍රහණයට පාර කැපූ බව දේශපාලන විචාරක මතයයි. වඩා වැදගත් වී ඇත්තේ අගමැති මෝදි ගැන ජනතාවට ඇති විශ්වාසයයි. 2014දී ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය මෝදි කඩ කළේ නැත. නරේන්ද්‍ර මෝදි නොවන්නට මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීට බීජේපීයට හැකි නොවීමට ඉඩ තිබිණි.අගමැති නරේන්ද්‍ර මෝදිගේ සෘජු, අවංක ගතිගුණ, මිත්‍රශීලීි, සුහදශීලීි හැසිරීම ඉන්දීය ජනතාව තුළ පමණක් නොව ලෝකයේ සෙසු රටවල ජනතාවගේද අවධානයට පාත්‍ර විය. ‘මෝදි’ ලෝකයේ දෙශපාලන නායකයන් අතර ජනප්‍රිය චරිතයක් බව කීම නිවැරැදිය.අසල්වැසි රටේ ආණ්ඩුව දෙවැනි වරටත් බලය හිමිකරගෙන ඇත්තේ මුල්වතාවටත් වඩා වැඩි ජයක් හිමිකර ගනිමිනි. අපේ පාලකයන්ට එය කදිම පාඩමකි. පළමුවැනි වරට දුන් පොරොන්දු සියල්ල ඉටු නොකළද දේශපාලන ස්ථාවරභාවය හා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරමින් යමක් කිරීමට අවංක වෑයමක් තිබෙන බව ජනතාවට පෙන්වීමට මෝදිගේ ආණ්ඩුව සමත් විය. තවත් අවුරුදු පහකට මෝදිගේ ආණ්ඩුවක් සිටීමට ඉන්දියාවේ බහුතර ජනතාවක් තීරණය කළේ ඒ නිසා විය යුතය. එහෙත් අපේ පාලකයන් දිගින් දිගටම පෙන්වමින් සිටින්නේ අවංකකමත් කැපවීමත් තමන්ට නැති බවය. ඔවුන් පාඩමක් ඉගෙන ගන්නේ නැත. පාඩම් උගන්වමින් සිටින්නේ ජනතාවටය.කටින් බතල කොළ සිටුවන මේ පාලකයන්ගේ ගමන පයින් වුණත් කතාව දෝලාවෙන්ය. අඩුම ගණනේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට මරබියක් නැතුව සිටීමට ඉඩකඩ සැලසීමට පවා මොවුන් අසමත්්ය. අසල්වැසි ඉන්දියාවේ දේශපාලන හැසිරීමෙන් නිසැකයෙන්ම ඊනියා දේශපාලනඥයන් එක් කාරණයක් වැරැදි කොනින් අල්ලාගනු නිසැකය. ඒ අනෙකක් නොව භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදයයි. හින්දු ආගමිකයන් සියයට 80ක්  සිටින ඉන්දියාවේ ඉස්ලාම් ආගමිකයන් සියයට 15කි. ක්‍රිස්තියානි, බෞද්ධ, ජෛන හා ශික් ආගමිකයන් ඉතිරිය නියෝජනය කරයි. හින්දු, ඉස්ලාම් ගැටුම් ඉතිහාසයක් ඇති එරට මෝදිගේ ආණ්ඩුව හින්දු ජාතිකවාදය හින්දු අන්තවාදය කරා රැගෙන ගියොත් එය කිසිසේත් ඉන්දියාවේ අනාගතයට හිතකර නොවනු ඇත. ලංකාවේද ජාතිය හා ආගම මුල්කරගත් ‘භේද’ ඇවිළෙමින් තිබෙන බව සලකා බෞද්ධ ආගමික බහුතරය ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගමික සුළුතරය සමඟ සහජීවනයෙන් ජීවත්වන රටක් ගොඩනැඟීම උදෙසා පාලකයන් කැපවිය යුතුය. මෝදිලාගේ (හින්දු) ‘ජාතිකවාදය’ අපි වැරැදි කොනින් අල්ලා නොගත යුත්තේ එනිසාය.
වීඩියෝ