logo

30

කොළඹ

නවතම පුවත්

මාධ්‍ය හමුව මගහැරියාට දෙනවා කිව්ව කිසිම දඬුවමක් ශ්‍රී ලංකාවට නැහැ

සැප්තැම්බර් 9 වනදා පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

ගෝඨාගේ ප්‍රතිශෝධන අයදුම්පත විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ - නීතිපති දන්වයි

ලංකාව ඕස්ට්‍රේලියාවට පරාදයි - මාලිංග නැවතත් ලංකාවට

මොකක්ද මේ Social Media වල අදහස්දැක්වීම පාලනය කරන ‘සයිබර් ආරක්ෂණ පනත’?

මින් ඉදිරියට අපි කාටවත් ඡන්දය දෙන්නේ නෑ.- අපි තනියම අරගලයක් කරනවා
සහරාන්ගේ දෙවනියා මිල්හාන් අරාබියේදී අල්ලලා ලංකාවට ගෙනා හැටි මෙන්න

මාධ්‍ය හමුව මගහැරියාට දෙනවා කිව්ව කිසිම දඬුවමක් ශ්‍රී ලංකාවට නැහැ

ඉකුත් දා ඔස්ට්‍රේලියාව සමග පැවති  තරඟයෙන් අනතුරුව ශ්‍රී

04:35 PM Jun 17 2019

ලංකාව ඕස්ට්‍රේලියාවට පරාදයි - මාලිංග නැවතත් ලංකාවට

01:01 PM Jun 17 2019

කෝලි ලෝක වාර්තාවක් තබද්දී රෝහිත් ශර්මා කොලිගේ පකිස්තානු වාර්තාව බිඳදමයි

11:53 AM Jun 17 2019

පාප් වහන්සේ තෙල් ලොක්කන්ට අනතුරු අඟවයි

ලෝක තෙල් අධිකාරියේ බලවතුන්ට වතිකානයට ආරාධනා කල ෆ්‍රැන්සිස් ප

04:53 PM Jun 17 2019

තුර්කි යානාවක් තුල පුද්ගලයෙක් යකා නටයි

09:24 AM Jun 17 2019

රජයට එරිහිව මිලියන දෙකක් හොං කොං නුවරට

07:30 AM Jun 17 2019

සහරාන් මැතිවරණයට උදව් කළා නම් ජනාධිපති රටට ඇත්ත කියන්න ඕන බත්තරමුල්ලේ සීලරථන හිමි

සහරාන් නැමති රට මළගෙයක් කල මරාගෙන මැරෙන බෝම්බකරුවා වත්මන් ජන

01:08 PM Jun 17 2019

චීනෙන් සිගරට් ගෙනාවොත් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නේ නෑ

08:55 AM Jun 17 2019

මින් ඉදිරියට අපි කාටවත් ඡන්දය දෙන්නේ නෑ.- අපි තනියම අරගලයක් කරනවා

08:43 AM Jun 17 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-14
CARTOON ::: 2019-06-13
CARTOON ::: 2019-06-11

අධර්මයෙන් ධර්මය වෙන් කරගමු!

ක්‍රියාකාරී දේශපාලනය යනු ‘බලය’ සමඟ කරන ක්‍රීඩාවකි. බලය ලබා ගැනීමටත් ලබාගන්නා බලය තහවුරු කර ගැනීම සඳහා දේශපාලනඥයෝ විවිධ උපා යොදති. ජාතිවාදය හා ආගම්වාදය ඒ අතර ප්‍රමුඛය. බලලෝභීන්ගේ අන්තිම තුරුම්පුව වන්නේ ජාතිවාදයයි. මේ ‘අවස්ථාවාදී ජාතිවාදියා’ තරම් රටකට වින කරන අනෙකකු ඇත්තේ නැත. මේ ජාතිවාදයට ආගම්වාදයද එකතු වූ විට ඉන් අත්විය හැකි විනාශය අතිමහත්ය. පාස්කු ඉරිදා ප්‍රහාරය ඊට කදිම නිදසුනකි.හුදු බලලෝභය මිස අන් කිසිදු අරමුණක් පෙරදැරි කර නොගන්නා දේශපාලනඥයන්ට ‘බලය’ උදෙසා ඕනෑම අශිෂ්ට ක්‍රියාවක නිරත විය හැකිය. එවැන්නන්ට බුදු දහමේ පෙන්වාදී ඇති දසරාජ ධර්මයෙන් ඇති පලක් නැත.ලංකාව බහුජාතික, බහුආගමික රටක් වුවද එදාමෙදාතුර පාලක පන්තිය කටයුතු කර ඇත්තේ ඒ බව නොසලකාය. ඉන් සිදුව ඇත්තේ ජාතීන් අතර, ආගමිකයන් අතර මතභේද ඇති වී ඔවුනොවුන් එකිනෙකාගෙන් දුරස් වීමය. මෙරට ජනගහනයෙන් බහුතරය සිංහලයන් වේ. ආගමිකයන්ගෙන් බහුතරය බෞද්ධයෝ වෙති. ඒ බවද අමතක කළ යුතු නැත.පොසොන් පොහෝ දින මිහිඳු මහ රහතන් වහන්සේ රැගෙන ආ බුද්ධාගමින් පෝෂණය වීම නිසා මෙරට මහා සංස්කෘතිය තුළ ඇත්තේ බෞද්ධ මුහුණුවරකි. ඒ සංස්කෘතිය තුරුල්ලේ සෙසු ජාතිකයන් හා ආගමිකයන් චිරාත් කාලයක් මෙරට ජීවත් විය. එහෙත් බලලෝභී දේශපාලනය නිසා ජාතීන් අතර හා ආගමිකයන් අතර ගැටුම් වරින්වර නිර්මාණය විය. ඉන් සිදුවූ ජීවිත හා දේපළ විනාශය මිල කළ නොහැකිය. එහෙත් බලලෝභී දේශපාලනඥයන්ට ඉන් පාඩම් ඉගෙන ගැනීමට වුවමනාවක් ඇති බව නොපෙනේ. ඔවුහු තවදුරටත් ජනතාව ජාතිවාදී, ආගම්වාදී මඩගොහොරුව වෙත රැගෙන යමින් සිටී. සක්විති රජකම අතහැර පැවිදි ජිවිතය තෝරාගත් බව පැවැසෙන සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වූ පසු කිසි විටෙක කිසිදු රාජ්‍ය පාලකයකුගේ කටයුතුවලට මැදිහත් වූයේ නැත. දෙව්දත් හිමි රාජ්‍ය පාලකයන් සමඟ එකතු වී උන්වහන්සේට එරෙහිව කුමන්ත්‍රණ කරද්දී පවා බුදුන් වහන්සේ ඉවසා වැදෑරූහ. අනුශාසනාවක් ඉල්ලූ විට කළා මිස බුදුන් වහන්සේ කිසිදු රාජ්‍ය පාලකයකුට හෝ පාලක පන්තියේ කිසිවකුට හෝ උපදෙස් දුන් බවක් ඉතිහාසයේ සඳහන් වන්නේ නැත.ලෝකයේ කොතැනත් සිදුව ඇත්තේ දේශපාලනඥයන්ට බලයට ඒම සඳහා ආගම, ජාතිය පාවිච්චි කිරීමයි. ක්‍රිස්තුස් වහන්සේ පවා පූජක  පන්තියේ හා පාලක පන්තියේ මේ එකතුවට එරෙහි වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කර ඇත්තේ රජු රාජ්‍යයේ භාරකරුවා මිස හිමිකරුවා නොවන බවය. ඒ දේශනාව එදාටත් වඩා ගැළපෙන්නේ අදටය. වර්තමානයේ බොහෝ රටවල බලයට පත්වන පාලකයන් තෝරාගන්නේ සර්වජන ඡන්දයෙන් වීම ඊට හේතුවය. ජනතාවගේ කැමැත්තෙන් මිස උරුමයෙන් ඔවුන්ට රාජ්‍යයේ පාලන බලය ලැබෙන්නේ නැත. එනිසා ගිහි-පැවිදි කිසිවකුට හිතුමනාපයට රාජ්‍ය පාලනය කිරීමේ අයිතියක් නොලැබෙයි. මේ බව අවබෝධ කර නොගන්නා කවරකු වේවා සතර අගතියට පත්වන්නේය.අටලෝ දහම තේරුම්ගෙන සතර සංග්‍රහ වස්තුවෙන් ගනුදෙනු කරන්නකුට මිස රටක් ගොඩනැඟිය නොහැකිය. මේ පොසොන් සමයේ දේශපාලනඥයන් පමණක් නොව ජනතාවද වටහාගත යුතු ධර්ම කාරණය එයයි. හංසයා දියෙන් කිරි වෙන් කරගන්නා සේ අධර්මයෙන් ධර්මය තෝරා බේරා ගැනීමට අපි වෙහෙසෙමු.
වීඩියෝ