logo

30

කොළඹ

නවතම පුවත්

ගිරාඳුරුකෝට්ටේ වාහනයක තිබී බෝම්බ, ගිනි අවි සහ කිණිසි සමග තරුණයන් 6ක් අල්ලයි

කොච්චිකඩේ පල්ලිය අසල වෑන් එකේ නිෂ්ක්‍රිය කල බෝම්බයේ ඝනත්වය ගැන ඉදිරි දිනයකදී වාර්තා කරනවා

කොටි වලදැමූ රත්තරන් ගොඩගන්න සැප වාහන 3කින් ආ සැකකරුවන් 14 දෙනෙකු අධිබලැති ස්කෑන් යන්ත්රරයක් ඇතුලු උපකරණ සමග මුලතිව්හිදී අත්අඩංගුවට

යටියන්තොට බලා ධාවනය වූ බස් රථයක් පෙරලි 28ක් රෝහලේ

පකිස්තානය සිදුකල වීරකමෙන් නවසීලන්තයේ අපරාජිත කම බිඳ වැටිලා - ලංකාවට අවසන් පූර්ව වටයට එන්න දැන් බැරි වෙයිද? (VIDEO)

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති
ඕස්ට්‍රේලියානු මාධ්‍ය යෝධයෝ නිදහස ඉල්ලති

හෙට තරඟයට නුවන් ප්‍රදීප් නෑ

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන හත් වන ත

04:07 PM Jun 27 2019

ලෝක කුසලානයේ දුර්වල ක්‍රීඩා විලාශයත් එක්ක සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ක්‍රිකට් පිටියෙන් සමුගනී (VIDEOS)

11:02 AM Jun 27 2019

ලෝක කුසලානයේ දුර්වල ක්‍රීඩා විලාශයත් එක්ක සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ක්‍රිකට් පිටියෙන් සමුගනී (VIDEOS)

10:53 AM Jun 27 2019

සහරාන් නිසා යුරෝපය උණුසුම් වෙයි, තිදෙනෙක් මරුට

ලෝකය පුරා ඇති වන දේශගුණික වෙනස්වීම් වලට සාපේක්ෂව යුරෝපිය රටව

02:38 PM Jun 27 2019

මැඩගස්කර් නිදහස් දින සැමරුමේ තදබදය වැඩි වී 16ක් මිය ගිහින්

01:08 PM Jun 27 2019

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති

09:45 AM Jun 27 2019

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඒකාධිපති පාලනයක් යයි එස් බී කියයි

සංවර්ධනය වීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලන

05:31 PM Jun 27 2019

ඉදිරි මාස කිහිපය තුල බස්රථ 2000 ක් ගෙන්වීම සැලසුම්

04:33 PM Jun 27 2019

ආණ්ඩුව ගෙදර යවන දැවැන්ත පා ගමනක් ජවිපෙන්

04:22 PM Jun 27 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-26
CARTOON ::: 2019-06-25
CARTOON ::: 2019-06-24

'78 ව්‍යවස්ථාව හා 19 වැනි සංශෝධනය

2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානම පොරොන්දුව වූයේ 18 වැනි සංශෝධනය අවලංගු කර විධායක ජනාධිපති බලතල අඩු කෙරෙන 19 වැනි සංශෝධනය ගෙනඑන බවය. පොරොන්දු වූ පරිදිම මහ මැතිවරණයට පෙර 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමත් විය. එ.ජ.නි.ස. එක් මන්ත්‍රිවරයෙක් හැර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, දමිළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරුන් ‘19’ ට අත ඉස්සුවේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 19 වැනි සංශෝධනය සිය ජයග්‍රහණයක් ලෙස උදම් ඇනුවේ විධායක බලතල ස්වකැමැත්තෙන්ම අඩු කරගත් එකම ජනාධිපතිවරයා බව පවසමිනි. අගමැතිවරයා සමඟ එකතු වී ‘හොදි හලා නොගෙන ගැටය ලිහාගත් බව‘ ජනාධිපතිවරයා එසමයෙහි ප්‍රකාශ කර තිබුණේය. එහෙත් අවුරුදු හතරහමාරක ඇවෑමෙන් 19 වැනි සංශෝධනය රටට ශාපයක්  වී ඇති බව ජනාධිපතිවරයාට අවබෝධ වී ඇත. එතුමා මෑතකදී කොළඹ දී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේ 18 වැනි සංශෝධනය ආඥාදායක ඒකාධිපති ක්‍රමයක් වූවාසේ 19 වැනි සංශෝධනය රට දේශපාලන වශයෙන් අස්ථාවර කළ බවය. ඉකුත් 26 වැනිදා මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී තවදුරටත් ‘19’ ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ 19 වැනි සංශෝධනය අහෝසි කළ හැකිනම් වඩාත් හොඳ බවය. ඊළඟට බලයට පත්වන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ‘19’ අහෝසි කිරීමෙන් 2020 නව වසර රටට සුබදායක වනු ඇති බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශ ගැඹුරින් සලකා බැලිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය නිසාය. තමන්ගේම මැදිහත්වීමෙන් සම්මත කරගත් ‘19’ රටට අහිතකර බව ජනාධිපතිවරයා පවසන්නේ නම් එතැන කුමක් හෝ පරහක් තිබිය යුතුය. එපමණක් නොව අගමැතිවරයාද මෑතකදී උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුණේ වාහනයක දෙදෙනකු ගමන් කරන විට පැදවීම අසීරු බවත් තනිවම යද්දී ගමන වේගවත් බවත්ය. මේ පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමුකළ යුතු යැයි අපේ විශ්වාසයයි. 2002 වසරේ ද පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙක් ජනාධිපති හා අගමැති ධුරවල සිටීම නිසා රටේ අවුලක් නිර්මාණය විය. 2015 පොදු අපේක්ෂකයකු ජයගත්තද හෙතෙම පසුව ප්‍රධාන පක්ෂයක නායකයා වීම නිසා යළි රටේ නිර්මාණය වූයේ 2002 අවුලමය. මේ වන විට අවුල උච්චස්ථානයකට පත්ව ඇති බව පෙනේ. ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වුවද මේ ‘අවුල’ විසඳෙන්නේ නැත. මහ මැතිවරණයකින් නව ආණ්ඩුවක් පිහිටුවුවද එය මේ අවුලට පිළිතුරක් වේ යැයි සිතිය නොහැකිය. එසේ නම් ‘මැතිවරණ’ පසෙක තිබියදී ‘අවුල’ නිරවුල් කර ගැනීමට පක්ෂ - විපක්ෂ සියලුදෙනා එකතුව සාකච්ඡා කළ යුතුය. ඇඟේ හලා නොගෙන ‘මේ ගැටය’ ලිහා ගැනීම ලෙහෙසි නැත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මේ ‘ගැටය’ ගැන ආචාර්ය එන්.එම්. පෙරේරා කියූ අනාවැකිය යළි යළිත් සනාථ වෙන බව පමණක් දැනට ලියා තබමු. 
වීඩියෝ