logo

29

කොළඹ

නවතම පුවත්

අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය දැකලා පුදුම වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා - ගහපු විදියට මතක් වුනේ අරවින්ද සිල්වාලු (VIDEOS)

පාස්කු ප්‍රහාරය ගැන අහන්න තේරීම් කාරක සභාවට ජනපති ගෙන එන්න සුදානමක්

කටුවාපිටිය බෝම්බකරු මොහොමඩ් හස්තූන් ගේ හිස රජයේ වියදමින් මිහිදන් කෙරේ

තුර්කි නායකයාට යලි ඉස්තාන්බුල් හි බලය අහිමි වෙයි

රටේ ජන ගහණයෙන් 12% වඩා ඉන්නේ වැන්දඹු පවුල්

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
මුස්ලිම්-දමිළ ජනතාව කෙරෙහි මගේ කිසිදු වෛරයක් නෑ

අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය දැකලා පුදුම වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා - ගහපු විදියට මතක් වුනේ අරවින්ද සිල්වාලු (VIDEOS)

පසුගියදා ශ්‍රී ලංකාව එංගලන්තය සමග පැවති තරඟයේදී ප්‍රහාරාත්මක

02:20 PM Jun 24 2019

තරඟ දිනවන්න ඕනේ දක්ෂතාවය මිසක් සික්ස් පැක් නෙමෙයි

01:06 PM Jun 24 2019

පකිස්තානයට ජය ගෙන ආ Haris Sohail තමන්ගේ වටිනාකම ඔප්පු කල හැටි (VIDEO)

07:11 AM Jun 24 2019

ඉරානයට එරෙහි ඇමරිකාවට බ්‍රිතාන්‍ය සහය හිමි වන ලකුණු

ඇමරිකාව පසුගියදා ඉරානයට එල්ල කල සයිබර් ප්‍රහාරයෙන් පසුව බ්‍ර

12:48 PM Jun 24 2019

ඉන්දියාවේ දරුණු කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට

12:15 PM Jun 24 2019

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

08:47 AM Jun 24 2019

ඉදිරි මහ කන්නයේ සිට වි මිළ ඉහළ දැමීමට කටයුතු කරනවා

 ”වී සඳහා දැනට පවතින සහතික මිළ පිළිබඳව සෑහිමකට පත් විය

03:17 PM Jun 24 2019

රුහුණ සරසවිය - කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.

11:37 AM Jun 24 2019

මේ ආණ්ඩුවක් ගැන ජනතාවට විශ්වාසයක් නැහැ

11:19 AM Jun 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-21
CARTOON ::: 2019-06-20
CARTOON ::: 2019-06-19

දුම්රිය මගීන්් පළි නෑ

මහ බි්‍රතාන්‍යයේ දුම්රිය සේවය ආරම්භ වී වසර කිහිපයක් ගත වන්නටත් පෙර බි්‍රතාන්‍ය ස්වකීය යටත්විජිතවලද දුම්රිය සේවාව ආරම්භ කරන්නට කටයුතු කළේය. 19 වැනි සියවසේ අග භාගය වනවිට මෙරට දුම්රිය ගමනාගමනය ඇරැඹිණි. ලංකාවේ දුම්රිය ගමනාගමනය ආරම්භ කළේ, දුම්රිය මාර්ගවලින් දිවයිනේ සතර දිග් භාගය යා කළේ, කඳු, පාලම්, උමං හරහා යකඩ යකා ගෙන ගියේ අපේ මුදල්වලින් නොවේ. බි්‍රතාන්‍ය රන් පවුම්වලිනි. රේල් පාරවල් තනන්නට මුදල් පාස් කළේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙනි.දුම්රිය මාර්ග තනා බි්‍රතාන්‍ය දුම්රිය සේවය හා සමාන පහසුකම්වලින් යුතු අනර්ඝ දුම්රිය සේවාවක් අපට භාරදී 1948දී සුද්දා යන්නට ගියේය. එතැන් සිට අපේ පාලකයන්ට පැවැරුණේ ශ්‍රී  ලංකා දුම්රිය සේවය යහතින් පවත්වාගෙන යෑමටය. නමුත් වසර 71ක් ගෙවුණු තැන සමස්ත දුම්රිය සේවාවම අවුල් ජාලාවක් කරගෙන තිබේ. එක පැත්තකින් දුම්රිය සේවාවම රටේ මහජන මුදල් ගිලින සුදු අලියෙකි. දුම්රිය කිසි දිනෙක ලාභදායී ව්‍යාපාරයක් කරන්නට කිසිදු ආණ්ඩුවක් සමත් වූයේ නැත.ගමනාගමනය ලාභ උපයන ව්‍යාපාරයක් නොව මහජන සේවාවක් බව සැබෑය. එහෙත් දුම්රිය සේවාවේ නිරත සේවකයන් හැසිරෙන්නේ ලාභදායී ව්‍යාපාරයක වැඩ කරන්නවුන් පරිද්දෙනි. දුම්රිය සේවාවේ පමණක් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් තිබේ. වැටුප් පරිමාවන්ගේ විෂමතා ඇති වීමද පුදුමයට කරුණක් නොවේ. දුම්රිය වෘත්තීය සමිති අතර අනේ‍යාන්‍ය එකඟතා නැති බැවින් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය ප්‍රශ්න එකවර විසඳීමක් කිසි දිනෙක අපේක්‍ෂා කළ නොහැකිය.කම්කරුවන්ට ස්වකීය සේවා අයිතීන් හිමිවිය යුතුය. මහජන මන්ත්‍රිවරු යානවාහන, දීමනා, වැටුප් ආදිය සඳහා ඉවක් බවක් නැතිව මහජන මුදල් වැය කරන රටක දුම්රිය කම්කරුවන් වෘත්තීය හිමිකම් පසෙකලා කැපකිරීම් කළ යුතු යැයි කිසිවකුට බණ දේශනා කළ නොහැකිය. කම්කරු පන්තිය කවර කලෙක වේවා අයිතීන් දිනා ගත්තේ අරගල කිරීමෙනි. එහෙත් ඕනෑම කම්කරු අරගලයක වුවද මානුෂීය සදාචාරයක් තිබේ. මේ දිනවල පවත්වන දුම්රිය වැඩ වර්ජනය එකී මානුෂීය ස්වරූපය ඉක්මවා යන්නක් බව පැවැසිය යුතුය.මගී ජනතාව පත්ව ඇති අසීරුතාවය දැක දුම්රියක් ධාවනයට ඉදිරිපත් වූ එක් රියදුරකු ගැන ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහුගේ ඒ ඉදිරිපත් වීම පැසසුම් කටයුතුය. මගී ජනතාවගේ ආචාරය ඒ රියැදුරාට හිමි වනු ඇත.සිකුරාදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන බව ප්‍රකාශ කළ දුම්රිය වැඩ වර්ජනය සිකුරාදා හවස 5.00ට ආරම්භ කොට දුම්රිය මගීන් දහස් ගණනකට යන එන මං නැති කිරීමේ ඇති සදාචාරය කුමක්ද? දුම්රිය ශේ‍ර්ණි හා වැටුප් විෂමතාව විසඳීම සඳහා 2018 මැයි 16දා සම්මත වූ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලයි. මේ සම්බන්ධව ප්‍රවාහන ඇමැති, මුදල් ඇමැති ආදීන් සමඟ කරන ලද සාකච්ඡා සාර්ථක නොවූ බව ඔවුහු පවසති.ප්‍රශ්නය නාහෙන් උඩට එනතුරු ආණ්ඩුව කල්මරන බව එක පැත්තකින් පැහැදිලිව පෙනේ. ප්‍රශ්නයෙන් බැටකන්නේ වෘත්තීය සමිති හෝ ආණ්ඩුව නොවේ දහසක් ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින මගී ජනතාවය. ආණ්ඩු සාකච්ඡා මඟින් ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුය. ඕනෑම ප්‍රකාශයකට තනි විසඳුමක් නොව විකල්ප ගණනාවක් තිබිය හැකියි. ඒවා සාකච්ඡාවෙන් සම්මුතියෙන් එළැඹිය යුතු නිගමනයන්ය. කොටුව දුම්රියපොළේ රස්තියාදු වන අසරණ ජනයා දෙස බලා වැඩ වර්ජනය සියයට සියයක් සාර්ථක යැයි මාධ්‍යයට ප්‍රකාශ කළාට ප්‍රශ්න විසඳෙන්නේ නැත.මෙතැන් සිට සෑම බ්‍රහස්පතින්දා දිනයකම පැය 24ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය සමිති ප්‍රකාශ කර තිබේ. මේ මස් රාත්තලම ඉල්ලන අලුත් සටන් සම්ප්‍රදායකි. ඔවුන් පැය 24න් වර්ජනය නතර කළාට දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට එන්නට තවත් දින දෙකකට වඩා කල් ගතවේ. ඒ අනුව මේ කරන්නේ සමස්ත දුම්රිය සේවාවම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයකි. අපරාධයකි. දුම්රිය සේවාව වැනසී ගියහොත් ශේ‍ර්ණි සහ වැටුප් විෂමතා හැදුවාට වෙන සෙතක් නැත. කිකිළිය මරා රන් බිජු ගැනීමෙන් ඇති ඵලය කුමක්ද. තමන් යැපෙන්නේ මගී ජනතාවගෙන් බව තේරුම් ගෙන සටන් දියත් කරනවා නම් දුම්රිය සේවාවත්, මගී ජනතාවත් පඩිපතත් බේරාගත හැකිය.
වීඩියෝ