logo

30

කොළඹ

ඕස්ට්‍රේලියානු මාධ්‍ය යෝධයෝ නිදහස ඉල්ලති

සති දෙකක් ඇතුළත හතරදෙනකු එල්ලන්න ජනපති අස්සන් කරයි

රාජ්‍ය නායකයකු රජරටින් බිහිකරන්න අපිට ඕනෑ වුණා

දුම්රිය වර්ජනය අද මැදියම් රෑ සිට

නිවෙස හා ඉඩම විකුණා පාරට වැටුණු තිදරු පියා ටකරන් මඩුවේ අවසන් ගමන් ගිහින්

දකුණු අප්‍රිකාව ගැන අපි හොඳින්ම දන්නවා
හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

දකුණු අප්‍රිකාව ගැන අපි හොඳින්ම දන්නවා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී  ලංකා පිලේ මීළඟ තරග

08:32 AM Jun 27 2019

මට පන්දුයවන්නගෙන් වැඩක් නෑ කවුරු දැම්මත් මම ගහනවා

09:45 AM Jun 26 2019

වොනර්ටයි ස්මිත්ටයි ප්‍රේක්ෂකයෝ හූ කියයි (VIDEO)

07:34 AM Jun 26 2019

ඕස්ට්‍රේලියානු මාධ්‍ය යෝධයෝ නිදහස ඉල්ලති

ජනමාධ්‍යයට කටකලියා දැමීම මඟින් අදහස් පළ කිරීමේ නිදහස මර්දනය

08:59 AM Jun 27 2019

ඕස්ට්‍රේලියාවේ නිවසක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට

11:38 AM Jun 26 2019

යෙහියා ජනාධිපතිවෙලා ඉද්දි එයා මාව දුෂණය කළා - ගැම්බියානු සුරුපිනිය සියල්ල හෙළිකරයි

08:30 AM Jun 26 2019

‘19’ හැදුවේ ව්‍යවස්ථා හදලා නැති දැනුමක් නැති බක පණ්ඩිතයෝ

එළැඹෙන ජනාධිපතිවරණයට හෝ අලුතෙන් බලයට එන ආණ්ඩුව 19 වැනි සංශෝධ

09:25 AM Jun 27 2019

සති දෙකක් ඇතුළත හතරදෙනකු එල්ලන්න ජනපති අස්සන් කරයි

08:47 AM Jun 27 2019

රාජ්‍ය නායකයකු රජරටින් බිහිකරන්න අපිට ඕනෑ වුණා

08:41 AM Jun 27 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-25
CARTOON ::: 2019-06-24
CARTOON ::: 2019-06-21

'78 ව්‍යවස්ථාව හා 19 වැනි සංශෝධනය

2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානම පොරොන්දුව වූයේ 18 වැනි සංශෝධනය අවලංගු කර විධායක ජනාධිපති බලතල අඩු කෙරෙන 19 වැනි සංශෝධනය ගෙනඑන බවය. පොරොන්දු වූ පරිදිම මහ මැතිවරණයට පෙර 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමත් විය. එ.ජ.නි.ස. එක් මන්ත්‍රිවරයෙක් හැර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, දමිළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරුන් ‘19’ ට අත ඉස්සුවේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 19 වැනි සංශෝධනය සිය ජයග්‍රහණයක් ලෙස උදම් ඇනුවේ විධායක බලතල ස්වකැමැත්තෙන්ම අඩු කරගත් එකම ජනාධිපතිවරයා බව පවසමිනි. අගමැතිවරයා සමඟ එකතු වී ‘හොදි හලා නොගෙන ගැටය ලිහාගත් බව‘ ජනාධිපතිවරයා එසමයෙහි ප්‍රකාශ කර තිබුණේය. එහෙත් අවුරුදු හතරහමාරක ඇවෑමෙන් 19 වැනි සංශෝධනය රටට ශාපයක්  වී ඇති බව ජනාධිපතිවරයාට අවබෝධ වී ඇත. එතුමා මෑතකදී කොළඹ දී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේ 18 වැනි සංශෝධනය ආඥාදායක ඒකාධිපති ක්‍රමයක් වූවාසේ 19 වැනි සංශෝධනය රට දේශපාලන වශයෙන් අස්ථාවර කළ බවය. ඉකුත් 26 වැනිදා මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී තවදුරටත් ‘19’ ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ 19 වැනි සංශෝධනය අහෝසි කළ හැකිනම් වඩාත් හොඳ බවය. ඊළඟට බලයට පත්වන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ‘19’ අහෝසි කිරීමෙන් 2020 නව වසර රටට සුබදායක වනු ඇති බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශ ගැඹුරින් සලකා බැලිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය නිසාය. තමන්ගේම මැදිහත්වීමෙන් සම්මත කරගත් ‘19’ රටට අහිතකර බව ජනාධිපතිවරයා පවසන්නේ නම් එතැන කුමක් හෝ පරහක් තිබිය යුතුය. එපමණක් නොව අගමැතිවරයාද මෑතකදී උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුණේ වාහනයක දෙදෙනකු ගමන් කරන විට පැදවීම අසීරු බවත් තනිවම යද්දී ගමන වේගවත් බවත්ය. මේ පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමුකළ යුතු යැයි අපේ විශ්වාසයයි. 2002 වසරේ ද පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙක් ජනාධිපති හා අගමැති ධුරවල සිටීම නිසා රටේ අවුලක් නිර්මාණය විය. 2015 පොදු අපේක්ෂකයකු ජයගත්තද හෙතෙම පසුව ප්‍රධාන පක්ෂයක නායකයා වීම නිසා යළි රටේ නිර්මාණය වූයේ 2002 අවුලමය. මේ වන විට අවුල උච්චස්ථානයකට පත්ව ඇති බව පෙනේ. ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වුවද මේ ‘අවුල’ විසඳෙන්නේ නැත. මහ මැතිවරණයකින් නව ආණ්ඩුවක් පිහිටුවුවද එය මේ අවුලට පිළිතුරක් වේ යැයි සිතිය නොහැකිය. එසේ නම් ‘මැතිවරණ’ පසෙක තිබියදී ‘අවුල’ නිරවුල් කර ගැනීමට පක්ෂ - විපක්ෂ සියලුදෙනා එකතුව සාකච්ඡා කළ යුතුය. ඇඟේ හලා නොගෙන ‘මේ ගැටය’ ලිහා ගැනීම ලෙහෙසි නැත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මේ ‘ගැටය’ ගැන ආචාර්ය එන්.එම්. පෙරේරා කියූ අනාවැකිය යළි යළිත් සනාථ වෙන බව පමණක් දැනට ලියා තබමු. 
වීඩියෝ