logo

30

කොළඹ

නවතම පුවත්

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු වටරවුමේ විශාල වාහන තදබධයක්

දුම්රිය වර්ජනයේ අවසන් තීරණය අද - සවස 2 පසු දුම්රිය නැතිවෙන ලකුණු

වසර 14 කට පසු චීන නායකයෙක් උතුරු කොරියාවේ සංචාරයක

නායකත්වයේ ආදර්ශය පෙන්වමින් විලියම්සන් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හැටි (VIDEO)

හෙරොයින් තොගයක් සමග ගාල්ලේදී අයෙක් අත්අඩංගුවට

ප්‍රශ්නය ගැන කතා කරන්න මුදල් ඇමති කැමතියි - දුම්රිය වැඩ වර්ජනය කල්යයි
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නැහැ

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරුට ලෝක කුසලාන තරඟාවලියම අහිමි වෙයි (video)

මහපටැඟිල්ලේ ඇති වූ ආබාධය හේතුවෙන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්

11:50 AM Jun 20 2019

ක්‍රිකට් ආයතනයෙන් සිදුවුණු අසාධාරණයට එරෙහිව අවිශ්ක ගුණවර්ධන අභියාචනාධිකරණයේ පිහිට පතයි

08:41 AM Jun 20 2019

නායකත්වයේ ආදර්ශය පෙන්වමින් විලියම්සන් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හැටි (VIDEO)

07:25 AM Jun 20 2019

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ ක්‍රියාත්මක කල අවි ආයුධ තහනම ඉවතට

නවසීලන්තයේ  ක්‍රයිස්ට්චර්ච් හි සිදුවූ දරුණු වෙඩි තැබීමෙ

11:29 AM Jun 20 2019

අමෙරිකානු ඔත්තු ඩ්‍රෝන යානාවට පහර දීමේ වගකීම ඉරානය භාරගනී

10:29 AM Jun 20 2019

වසර 14 කට පසු චීන නායකයෙක් උතුරු කොරියාවේ සංචාරයක

07:37 AM Jun 20 2019

ජනාධිපති අපේක්ෂකයා වෙන්න සුදුසුකම් මට තිබෙනවා, නැත්තම් රට වෙනුවෙන් එන කෙනෙක්ට සහාය දෙන්න සූදානම් - තිස්ස

පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන අපේක

11:40 AM Jun 20 2019

එජාපය දිය වෙමින් යනවා - තිස්ස අත්තනායක

11:21 AM Jun 20 2019

ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල් එන ලකුණු තියෙනවා

10:29 AM Jun 20 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-19
CARTOON ::: 2019-06-18
CARTOON ::: 2019-06-17

ශ්‍රමිකයන්, මන්දපෝෂණය හා දරුවන්

තිස්සමහාරාම, නැදිගම්වල පදිංචි දුගී පවුලක සිවුවැනි දරුවා ඉකුත් දිනෙක මියගොස් ඇත. මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ නම් මාස එකොළහක් වයසැති මේ දරුවාගේ මරණයට හේතුව මන්දපෝෂණයෙන් පෙළීම බව වෛද්‍ය නිගමනයයි. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කර තිබුණේ මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවට අනුව ආහාර හිඟකම නිසා ඇති වූ මන්දපෝෂණයෙන් දරුවා මියගොස් ඇති බවය.මේ පවුලේ පියා කරන්නේ මාළු වෙළෙ¼දාමය. දරුවාගේ පවුලේ මව රැකියාවක් කරන්නේ නැත. වැඩිමහල් දරුවෝ පිළිවෙළින් අවුරුදු 9,8 සහ 5 යන වයස්වල පසුවෙති. ඔවුන් කිලෝමීටර් තුනක් දුර පිහිටා ඇති පාසලට යන්නේ පා ගමනිනි.සමෘද්ධි ආධාර මේ පවුලට මෙතෙක් ලැබී නැත. නිවාස අධිකාරියෙන් රුපියල් ලක්ෂ පහක ආධාරයක් ලබාදී තිබුණද ඉදිකිරීමකට ඇත්තේ නිවෙසේ අත්තිවාරම පමණක් බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබිණි. එහිදී තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ අවධාරණය කර තිබුණේ මව ශාරීරිකව ඉතා දුර්වල බවත් පියා ජාතියට දරුවන් බිහි කළ යුතුය යන ස්ථාවරයේ සිටින්නකු බවත්ය. රජයෙන් ලබාදෙන පෝෂණ මල්ලට අදාළ අයැදුම්පත පුරවාදීම අතපසු කර ඇති බවත් නිලධාරීන්ගේ පැත්තෙන් අඩුපාඩු සිදුවී ඇති බවත් ලේකම්වරයා පිළිගෙන තිබිණි. එය අවංක ප්‍රකාශයකි.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව ග්‍රාම නිලධාරිවරයා, පවුල් සෞඛ්‍ය නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි ඇතුළු විවිධ විෂයයන්ට අදාළව නිලධාරීහු රැසක් සිටිති. එහෙත් මේ ‘පවුල’ ගැන නිසි සොයාබැලීමක් අදාළ නිලධාරීන් කර ඇති බවක් පෙනෙන්නට නැත.මන්දපෝෂණයෙන් තිස්සමහාරාමයේ එකොළොස් හැවිරිදි දරුවා මියයෑම පුදුමයට කාරණයක් නොවේ. ඉකුත් දශකයේ මැද භාගයේ කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණේ පාසල් දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය. මේ වන විට ඒ තත්ත්වය වර්ධනය වී ඇති බවට සැක නැත.මෙවැනි උෟන සංවර්ධිත රටක ආර්ථික ගැටලු, දේශපාලන ගැටලු හා සමාජ ගැටලු හමුවේ වඩාත් දුක්විඳින්නේ දරුවෝ වෙති. ඉකුත් බදාදා දිනපතා ‘මව්බිම’ වාර්තා කර තිබුණේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී  ලංකා - මාලදිවයින් අධ්‍යක්ෂිකාවට අනුව ලංකාවේ දරුවන් සිය දෙනකුගෙන් එක් දරුවෙක් ළමා ශ්‍රමිකයෙක් බවය. දරුවන් හතළිස් දහසක් ළමා ශ්‍රමිකයන් වන අතර පාසල් වයසේ පසුවන්නන්ගෙන් 1%ක් ලෙස ඒ ගණන සැලකිය හැකිය. “දරුවන් වැඩ කළ යුත්තේ ඔවුන්ගේ සිහින වෙනුවෙන් විනා රැකියාවක් වෙනුවෙන් නොවේ” තේමාව යටතේ සැමරූ ඉකුත් 12 වැනිදාට යෙදුණු ළමා ශ්‍රමයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ මේ කරුණු සඳහන් වී තිබිණි. කුරුණෑගල, කොළඹ, ගම්පහ, මොනරාගල සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබෙන බවද ඉන් අනාවරණය විය.අපයෝජනයට, වධහිංසාවලට දරුවන් බහුලව ගොදුරු වන රටක දරුවන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම බරපතළ කාරණයකි. ළදරුවන් හා පාසල් යන වයසේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළීම රටේ අනාගතයට කෙතරම් අනතුරුදායකද? මේ පිළිබඳව දේශපාලනඥයන් නිලධාරීන් ඇතුළු සමාජයේ වැඩි අවධානයක් යොමු විය යුතුය. එකිනෙකාට ඇඟිල්ල දිගු කරගන්නවාට වඩා අවශ්‍යවන්නේ මේ ඛේදවාචකයෙන් රට ගලවා ගන්නා මඟක් පාදා ගැනීමට මොළය වෙහෙසීමය. 
වීඩියෝ