27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
ගොසිප්

දෝනි සහභාගි වන අවසන් ලෝක කුසලාන මෙකලු, ක්‍රිකට් වලින් සමුගත්තට පස්සේ දෝනි කරන දේ twitter වීඩියෝවෙන් ලෝකෙටම හෙළි කරයි,

බීබර් අතෑරලා වයස 68ක කෝටිපති තරුවක් බඳින්න යන සෙලීනා
සුරඟන කිරිල්ලියගේ බෑග් එකේ තිබුණ දේවල්
කෙල්ලන්ගේ හිත් හොරාගත්ත මේජර්වරයාට පියුමිගෙන් ආරාධනාවක් ...

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙකට ගොසිප් මවන කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි ගොඩක්

01:25 PM May 21 2019
නීටා ප්‍රනාන්දුට තවත් ජාත්‍යන්තර සම්මානයක්...

ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Nice International film festival) ශ්‍රී ලංකාව නියෝජනය කරම

12:23 PM May 21 2019
නෙටොල්පිටියට කුරු මිනිසෙක් ඇවිත්, මම බය වුණා, කවදාවත් මම දැ...

නොටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සිකුරාදා (10දා) පස්වරු 6.40ට පමණ පැමිණි කුරු මිනිසකු

09:04 AM May 21 2019
පාරේ යන්න වාහන BLOCK කරන ඇමතිලාට ජනතාවගෙන් කනේ පාරක් (VIDEO)...

ඇමතිවරුන්ට මේ දවස් වල ලංකාවේ මිනිස්සුනම් ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද පහුගිය කාලේ එය

06:11 PM May 20 2019
ලංකාව ආපසු ආරක්‍ෂිත බවට ලෝකෙටම කියල දඹුල්ල වඳින අයට ජර්මානු ...

ජර්මානු ජාතික සංචාරකයන්   පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය  සමරමින් සි

04:20 PM May 20 2019
නාද රටා සහ විදුලි බුබුළු 80 කින් හැඩවූ 12 වසරේ වැඩ්ඩෙක්ගේ සු...

මොණරාගල වැල්ලවාය පැත්තේ සිසුවෙක් විසින් නිර්මාණය කරපු අපූරු බයිසිකලයක් ගැන තමයි මේ විස්තර කියන්නේ. න

12:24 PM May 20 2019
ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇඳ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකට අව...

ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇද හසලක කොලොන්ගොඩ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් ගම්වාසීන්ගෙන් ලද පැමිනිල්ලක

04:18 PM May 18 2019
දෙවැනි ඉනිමේ ඉන්න ජැක්සන් ඇන්තනී වගේ මේ නළුවා කවුද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:09 PM May 18 2019
වෙසක් එකට කුමාර් සංගක්කාර තමාගේ රෙස්ටුරන්ට් එකේදී අබාධිත රණව...

කුමාර් සංගක්කාර. ඒ නම ඇහෙනකොට අපි ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඔහු ඒ තරම් නිහතමානී චරිතයක්. ශ්‍රී ලංකාව ව

01:19 PM May 18 2019
එදා මෙදා තුර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම සල්...

මැයි 30 වෙනිදායින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ම

12:59 PM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් කිව්ව දේ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

12:58 PM May 18 2019
ලොව බුද්ධිමත්ම දැරිය එංගලන්තයේ සුපිරි ගණිකාවක් වුණේ ඇයි?...

මවුපියන් තරම් දරුවන්ට ආදරය කරන්නවුන් මිහිපිට නැත. ඉපදුණු දිනයේ සිට සුරතල් කරමින් හදන තම පුංචි දුව හෝ

12:07 PM May 18 2019
ශාරධා ගීතයෙන් කොල්ලන්ගේ හිත් අස්සට රිංගපු ජනිතා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

10:10 AM May 18 2019
Tomorrowland වගේ අපේ එක...

"Tomorrowland කියලා කියන්නේ විනෝද වෙන්න ලෝකේ තියන හොඳ තැන" එහෙම තමයි tomorrowland ලෝලීන් නම් කියන්නේ

01:34 PM May 17 2019
ජැක්ලින් ඩිජිටල් සිනමාවෙන් ඉතිහාස පොතට ...

ලෝකය පුරා රසික ආදරය දිනාගත්ත සුරූපී බොලිවුඩ් තාරකාවියන් අතරේ ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් කියන්නේ කැපී පෙන

11:20 AM May 17 2019
මෙන්න ලෝක කුසලානයේ සිංහ සැලැස්ම - තිසර දිමුත් එක්ක ආරම්භය ගද...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට ස්කොට්ලන්තය එක්ක එක්දින ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත තරගාවලියකට මුහු

10:25 AM May 17 2019
සිංගපූරුවේ කෞතුකාගාරයකදි ෂහිඩ්ට මුණගැහුණ අලුත් යාළුවා ...

ලොව පුරා සංචාරකයන් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත සිංගපූරුවේ Madame Tussauds කෞතුකාගාරය ඔන්න මේ පාර තව

01:46 PM May 16 2019
කාලයක් තිස්සේ තමාව අපයෝජනයට ලක් කල බව කියමින් කන්ගනා පොලීසි ...

බොලිවුඩ් ලෝකේ ඉහලින්ම වැජඹෙන නිලියක් වුන කන්ගනා රනාවුට් කියලා කියන්නේ විටින් විට කතා මවන රංගන ශිල්පි

12:06 PM May 16 2019

ආච්චී ඔයා පරිස්සම් වෙන්න කියා ලියා ලිපියක් අතට දීලා මුණුබුරා මගේ දෑස අබියසම දෙව්මව් තුරුලට ගියා

ගොසිප්

20වන සෙනසුරාදා ආච්චී ඔයා පරිස්සම් වෙන්න කියා ලියා ලිපියක් අතට දීලා 21 වන ඉරිදි උදේ අපිත් එක්ක පල්ලියට ගිය මුණුබුරා නමය වනවිට අපිව තනිකර මගේ දෑස අබියසම දෙව්මව් තුරුලට ගියා. අම්මා තවම රෝහලේ ඇයට වරින් වර සිහිය එනවා. ඇය තාමත් දන්නේ නැහැ පුතා මැරිලා කියලා. යැයි ආච්චි අම්ම පවසන්නේ ඇයද තුවාල ලබා එක් කණක ශ‍්‍රවන ආබාධයකට ලක්ව තම එකම දියණිය මේවනතුරුත් රෝහල් ගතකර ඇති අවස්තාවක ත‍්‍රස්ත බෝම්බයට ලක්ව ඇතිවූ පීඩණය යටපත්කරගෙනය. ඇය හැටදෙවන වියේ පසුවන සිල්වියා ප‍්‍රනාන්දු නම් ධෛර්යය සම්පන්න කටුවපිටියේ මවක්ය.

කටුවපිටිය දේවස්ථානයේදි ත‍්‍රස්තයා විසින් බිලිගත් ජීවිත අතර එකපොදියට මිහිදන් වූ අය අතර අංක 34 මහහුණුපිටිය කටුවපිටිය මීගමුව ලිපිනයෙහි පදිංචිව සිටි අවරුදු හයයි මාස පහක් වන දුලොද් පේමිණ ඇන්තනී දරුවාද සිටිති. 

දුලොද් පේමිණ පුතා කඳාන ද මැසනොත් විදුහලේ ගරුවරුන්ගේ සිත්දිනා සිටි දුටුවන් වසගයට පත්වන පියකරු සිනාවකින් කොයිකාටත් සමීප වන පවුලේ දෙවන දරුවාය. 

ඔහුට වැඩිමල් අක්කාවන දහවන වියේ පසුවන ලයාරා ඇන්තනී වත්තල ලයිසීම් විදුහලේ ඉගෙණුම ලබයි. දුලොද් පුතාට මල්ලියෙක්ද සිටී ඔහුට අවරුදු දෙකයි මාස හතරකි. තාත්තා ව්‍යාපාරිකයෙකි. දැනට රෝගාතුර අම්මා මීගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ කළමණාකාර සහයක වරියක් ලෙස සේවය කරණ තැනැත්තියකී. ඒ සියලූමදෙනා තනිකර සැවොම හඩවා දුලොද් දෙව්මව් තුරුලේය.

දුලොද් පේමිණ පුතාගැන විස්තර දැනගන්න අම්මා ජීවතුන් අතර සිටියත් ඇය එදා සිට තවමත් රෝහලේය. දුලෝද් ගේ නංගීවයි මල්ලීවයි මේ වනවිට බලා හදා ගන්නේ ආච්චී වූ සිල්වියා ප‍්‍රනාන්දු සහ සීයා වන හැට හයවෙනි වියේ පසුවන හැරල් අප්පුහාමි යන දෙපල විසින්ය. 

එනිසාම එදා මෙම ප‍්‍රහාරයට මූණ දුන් කාන්තාවක් වන ආච්චී වන සිල්වියා ප‍්‍රනාන්දු සමග එදා සිදුවීම ගැන කථාකලෙමි. ඇය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

මියගිය පුතා අම්මාටත් තාත්තාටත් වඩා ඇලූම්කලේ ආච්චි සීයා වන අප දෙපලටයි. සීයාගේ ගෙවත්තේ හෝ ඔනෑම වැඩකට උදව්වන්නේ උදව් ඉල්ලා නොවෙයි. පුතාට හොඳ ඉවක් තිබුණා. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අපිට ලන්කරනවා. අක්කාටත් මල්ලීටත් හරිම ආදරෙයි. ඉගෙන ගන්න හරිම උනන්දුයි.  ඕනෑම දෙයක් එකවරක් කිව්වාම එයා එය වටහා ගන්නවා. පාසලේ ගුරුවරුන් හරිම ආදරෙයි. පාසැල් වාහනයෙන් බැස්ස තැන සිට වටේ සිටින අයට බායි, බායි කියාගත්තු ගමන්තමයි ගෙදරට එනකම්ම. වටේ පිටේ අයටත් අපේ පුතාගේ නැතිවීම දැඩිව බලපාලා. ඒ අයත් තවම කම්පාවෙනවා.

20වන සෙනසුරාදා දරුවෝ තිදෙනා සෙල්ලම් කරමින් මිඳුලේ සිටියා. අපි කුස්සියේ මං`ගල්‍යට සුදානම් වෙවී අවශ්‍ය දේවල් කරමින් සිටියා. මියගිය මගේ මුණුබුරා අක්කටයි මල්ලිටයි පවසලා තියෙනවා ඉන්න මම ආච්චීට ලියුමක් දීලා එන්නම් කියා. පසුව ගේ ඇතුලට දුවගෙන විත් කොල කෑල්ලක් අරගෙන පැලැටීග්නම් පෑනකින් ආච්චි ඔයා පරිස්සම් වෙන්න ආච්චී කියා ලියලා කුස්සියට දුවගෙන විත් මට දීලා දුවගෙන ගියා අපි ඒක බලලා පිස්සු කොල්ලා කියා පැත්තකට දාලා අපේ වැඬේ කරා. ඒ තමයි මගේ මුණුබුරාගේ අවසන්ම කුරුටු ගෑම. මට පරිස්සම් වෙන්න කියා එලෙස කියන්න හිතුනේ පසුවදා මෙවන් විපතක් වෙන බවක් එයාට තේරිලාද දන්නේ නැහැ.  

මියගිය පුතාගේ අච්චි අම්මා වූ  සිල්වියා සහ සිය පවුලම කටුවපිටිය දේවස්ථානයේ ඉරිදා පවත්වන උත්තාන පෙරහැර පටන් ගත්දා සිටම යන්න පුරුදු වෙලා සිට ඇත. එදාද වෙනදා මෙන් කිසිම වෙනසක් නැතුව දේවස්ථානයට ගොස් ඇත.

මෙදින පැවැත්වූ දිව්‍ය සප්ප‍්‍රසාද පුජාව අවසන් වෙද්දිම වගේ ලොකු බරක් එල්ලාගත් පුද්ගලයෙක් පල්ලියට ඇතුලූ වනවා ඇයද දැක තිබේ. එදා දේවස්ථානයේ පවත්වන පූජාවට මියගිය කුඩා පුතත් අනිකුත් දරුවන් දෙන්නත් මියගිය පුතාගේ අම්මත් පමණයි සහභාගීවී ඇත්තේ. වෙනදා මෙන්ම වෙන්කර ඉදගන්නා සුපුරුදු බංකුවේම ඔවුන් වාඩිවී සිට ඇත. එය තියෙන්නේ පල්ලියේ දකුණත බිත්තියකට සමීපවය බව ඇය පවසයි.

ස්තූති තතාවටත් එළබී ඇත. සියල්ලෝම දැඩි ආසාවකින් බලා සිටියේ උත්තාන පෙරහැර පටන් ගන්නා තැනට යාමටය. නොසිතූ විලසට කිසිදා අත්නොවින්ද කිසිදා නොදැක්ක දෙයකට මූණදෙන්න සිදුවූවේ ඒ මොහොතේදීය. එකවරම විශාල ශබ්දයක් ඇසිනි. ඒ සමගම වීශාල ගිණිජාලාවක් දුටිමි. ඉන් අනතුරුව පල්ලිය වසාගත් දුමක් දුටුමි. ඒ වනවිටත් එකම විලාපයකි. සියල්ලෝම බිම වැතිරිලා සිටියා. අප සිටි තැන පුතා නැත. මා අසලම සිටි මගේ දියණිය පොඩි පුතාව තුරුලූකරගෙන මුණින් අතට වැටී සිටිනු මම දුටුවෙමි. මාව ලේ වලින් නෑවිලා. පොඩිපොඩි මස් කැබලි ඇ`ග දැවටිලා. පසුව බලන විට දුවගේ ලොකු දුව ලේ විලක් මැද ඔලූව උස්සලා බලලා මාත් එක්කම නැගිටගත්තා. එවිට මම  දැක්කා මියගිය පුතා බිත්තිය අයිනේ ඉන්නවා අමාරුවෙන් එතනට ගොස් බැලූවත් පුතාගේ කිසිම හැලහොල්මනක් නැහැ. 

මූණේ එක් පැත්තකින් කඩාගෙනගිය යමක් ඉතා විශාලෙට සිදුරුකරගෙන එළියට මතුවෙලා. මම වටහා ගත්තා එයා දෙව්මව් තුරුලේ බව. ඉන් පසු පොඩි දියනිය අතින් අල්ලාගෙන මගේ දුවගාවට පැමිණියා එයාට කතාකලත් උත්තර නැහැ. නමුත් ඇයට යටව සිටි චූටි පුතා නිරුප්පද්දිතව සිටියා. දුව අමාරුවෙන් හුස්ම ගන්නවා දැක්කා පසුව මම ආදාර ඉල්ලලා කෑගහැව්වා. අනේ මගේ දුව හුස්ම ගන්නවා කවුරුහරි උදව් කරන්න කියා. 

කිවෙකුව තවත් කෙනෙකුට උදව්කරන්න පුළුවන් මොහොතක් නොවේ උදාවෙලා තිබුණේ. තමතමන් තමන්ගේ අය අරගෙන දුවනවා. එහෙම එකවර උදව්කරන්න කවුරුන් හෝ හිටියානම් මීට වඩා ගොඩකගේ ජීවිත ගලවාගන්න හැකිවනවා.

ඉන්පසුව දෙවියෝ එව්වා වාගේ මගේ මහත්තයා දුවගෙන ආවා. තව අයගේ ආදාරයෙන් දුවවත් දුවගේ පොඩි පුතාවත්, දියනියත් රෝහලට අරගෙන ගියා. පසුව පුතාවත් අරගෙන ගියා නමුත් අපි දැනගත්තා ඒ මොහෝතේම එයා අපෙන් සමුගෙන ඉවරයි කියා.

ඉන් අනතුරුව මාවද රෝහලවෙත අරගෙන ගියා. මගේ හිස තුවාල වෙලා. අත පය සියල්ලම තුවාල වෙලා. ලේ පෙරෙනවා. අපේ ලේ වලට වඩා අනිත් අයගේ ලේ අපේ ඇගවල්වල තැවරිලා. මාව මීගමුව රෝහලට අරන්යන විටත් අනේ මගේ දුවව ලිප්ට් එක  විදුලි සෝපානය ල`ග බිම දාලා තියෙනවා දුටුවා. මම දුව ලගට දුහලා ගොස් බැලූවා ඇයත් සමුගෙනද කියා. නැහැ ඇය පල්ලියේ වගේම හුස්ම ගන්නවා. 

මම හයියෙන් කෑගැහැව්වා අනේ මගේ දුවට පණතියෙනවා. දුවව බේරාදෙන්න ඇයට දරුවන් තිදෙනෙක් ඉන්නවා කියා. ඒ දෝන් කාරය මීගමුව රෝහල පුරාම පැතිරෙන්න ඇති. හනික පැමිණි රෝහලේ කාර්යය මණ්ඩලය තවත් ලෙඩෙක් ඉන්නා ට්‍රොලියක මගේ දුවවත් දාගෙන උඩට අරන් ගියා. මමත් ඒකෙම නැගිලා පිස්සුවෙන් වගේ උඩට ගියා. පසුව දෙවියෝ වගේ ඉන්න වෛද්‍ය වරුන් දුවව පොඩිකර පොඩිකර කෘතිමස්වසනය දුන්නා මම දැක්කා. පස්සේ මගේ දුව ඇස්ඇරියා. ඇයට අවශ්‍ය ප‍්‍රථිකාර දී වැඩිදුර ප‍්‍රථිකාර අවශය නිසා රාගම රෝහලට යැව්වා. මාවත් පොඩි දියනියත් පුතාවත් මීගමුව රෝහලේ නවත්වා ගත්තා. මගේ දියනියගේ හිසට බරපතල හානිවී සුසම් නාව බිදී ඇති බව පවසා රාගම රෝහලෙන් ජාතික රෝහල වෙත යවා තියෙනවා. එහිදි ශෛලකර්ම කීපයක්ම කරලා තිබෙනවා. මේ වනවිට ඇයගේ ස්නායු ආබධයට වෛද්‍ය සුනිල් පෙරේරා මහතාට යොමුකරලා එතුමා ආසිරි රෝහලට ඇතුලත් කරන්න කියා පවසා සිටිනිසා එම රෝහලට ඇතුලත් කරනවා. එම රෝහලේ සියලූම වියදම් කාඳිනල් උන්වහන්සේ විසින් දරණ බව පවසා තිබෙනවා.

දුවගේ එම ශෛලකර්මය කලත් ඇයට තුනටියෙන් පහල කොටස අප්ප‍්‍රානික වන බව වෛද්‍යවරුන් පවසනවා. ඇයට ජීවිතකාලෙම රෝඳ පුටුවක ගෙවන්න සිදුවෙනවා. මදිද මේ කුරිරු ත‍්‍රස්තයෝ අපිට දුන් දුක. මෙවන් දුකක් යලි යලිත් නොවේවා මාගේ ඒකායන පාර්ථනයයි. 

එදා සිට මේදක්වාම තවමත් ප‍්‍රථිකාර ලබාදෙන සහ ලබාදුන් මීගමුව, රාගම, කොළඹ ජාතික රෝහල් වල සියලූම කාර්යය මණ්ඩල වලට ස්තූති වන්ත වනවා. අප වැටුණ තැනින් නැ`ගිට්ට වන්නට වෙහෙනෙ අතිඋතුම් කාදිනල්උන්වහන්සේටද ස්තුති වන්ත වනවා.

සීදූවේ - නිශ්ශංක