31

කොළඹ
ගිගුරුම් සහිත වැසි

ජෝන් සීනාට අභියෝග කරන සමනල් නිරූපන කලාවට සමුදුන් ලංකාවේ සුපිරි MMA fighter

ගොසිප්

ඇමෙරිකානු මිශ්‍ර සටන් කලාවේ (MMA) සටන් බිම හෙල්ලූ ශ්‍රී ලාංකිකයෙකු ගැන මේ දිනවල ටිකක් කතාවක් ඇතිවී තිබෙනවා. නමින් සචින්ත කෝබ්‍රා හෙවත් 'හක්ක තලන්නා' ලෙස ප්‍රසිද්ධ වී ඇති මේ වැඩ්ඩා  මික්ස් මාෂල් ආර්ට් සටන්කරුවෙක්. ලංකාවට සම්පූර්ණයෙන්ම ආගන්තුක වූ මේ ක්‍රීඩාවේ නියැලෙන සචින්ත අද ජීවත් වන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර. ඇමරිකානු මාධ්‍ය අද ඔහුව හඳුන්වන්නේ සචින්ත සෙනරත් හෙවත් Cobra Jaw Breaker නැතිනම් ‘ ‘කෝබ්‍රා නම් හක්ක තලන්නා’ ලෙසින්.


සචින්ත නිවියෝර්ක් සටන් දක්ෂතා පෙන්වන්නේ ඔහුටම ආවේනික ශෛලියකින් වීම විශේෂත්වයක්. අඩි හය හමාරක් උස තවමත් 23 හැවිරිදි වියේ සිටින සචින්ත සටන් බිමේ අපරාජිතයෙක්. 


සචින්තගේ පියා සරදා තිස්ස සෙනරත්. ඔහු ගුවන් හමුදා නිළධාරියෙක්. මව කුඩා කාලයේදීම අපෙන් ඔවුන් හැර ගොස් ඇති අතර අධ්‍යාපනය ලබා ඇත්තේ ගේට්වේ ජාත්‍යන්තර පාසැලෙන්. පාසැල් යන කාලෙයේදී පිහිනුම්, කරාටේ සහ ජූඩෝ ක්‍රීඩා කල ඇති ඔහු අවුරුදු 15 දී මම ජාතික ජූඩෝ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. අඩි 6 යි අඟල් 5 ක් උස සචින්ත පාසැල් ජීවිතයෙන් පසු නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබෙන බව සඳහන්.


සචින්ත පවසන ආකාරයට මේ ක්‍රීඩාවට යොමුවුනේ යාළුවෙක් නිසා කියල තමයි පවසන්නේ. ඩිශෝන් රවීන්ද්‍රන් කියන යාළුව එදා කළ මග පෙන්වීම නිසා සචින්ත මේ තැනට ආව කියල තමයි ඔහු කියන්නේ. අවුරුදු19 වෙන කොට ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ලැබුන සචින්ත නිව්යෝර්ක් වලට ආවම ඊශ්‍රායෙල් ජාතික පුහුණුකරුවෙකු හමුවී තිබෙනවා. Freddy Mihelson නම් ඔහු හිටපු professional MMA fighter කෙනෙක්. දැන් ඔහු සමග UFC Gym (Ultimate Fighting Champion Training Gym) එ‌කේදී සචින්ත පුහුණුවීම් කරනවා . ‌කෙනෙක් MMA ක්‍රීඩාවට යොමු වූ පමණින් Conor McGregor වැනි ප්‍රවීනයන් සමග තරග කල හැකි පසුබිමක් නෑ. ඒ සඳහා කඩඉම් ගණනාවක් පසුකළ යුතුයි. Ametuer Tournamant කියන්නේ එහි පළමු කඩඉම. එම තරඟ හතෙන් හතම සචින්ත ජයග්‍රහණය කර තිබෙනවාලු. දැන් සචින්ත සිටින්නේ ලයිට් හෙවි වේට් බර පංතියේ MMA Triton Fights වලට සහභාගී වෙමින් කියල ඔහු පවසනවා. එම තරඟ වලදීත් තවමත් සචින්ත අපරාජිතයි. දැනට තරග 2 ක් ජයග්‍රහණය කොට තිබෙනවා. එකක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඊලඟ තරගය අප්‍රියෙල් 12 දා නිව්යෝර්ක් හි දී පැවැත්වීමට නියමිතයි. ට්‍රයිටන් තරඟවල ශූරතාවය දිනා ගැනීම තුලින් Ultimate Fighting Champion) තරඟ සඳහා ඉදිරිපත් වීමට හැකි වෙනවා. UFC සටන් බිම තමයි MMA ක්‍රීඩාවේ මුදුන් මල්කඩ බවට සචින්ත මාධ්‍යට පවසා තිබෙනවා. 


සචින්ත පවසන විදියට WWE wrestling කියන්නේ ක්‍රීඩාවක් නොවේ. එය විනෝදාශ්වාදය (Entertainment) සඳහා රූ ගත කරන වැඩසටහනක්. අන්ඩර්ටේකර් , ජෝන් සීනා වැනි ප්‍රකට පුද්ගලයන් ක්‍රීඩකයන් නොවේ . ඔවුන් නළුවන් . ඔවුන් කරන්නේ ද්වන්ධ සටනක් නොව රඟපෑමක්. WWE wrestling කියන්නේ පැහැදිලිවම චිත්‍රපටියක්, ටෙලිනාට්‍යයක් වගේ එකක්. තාත්වික කිසිවක් එහි නෑ. නමුත් MMA UFC කියන්නෙ ක්‍රීඩාවක්. ඒ තුල සිදුවන සියල්ල තාත්විකයි. හැපීම, සීරීම සහ ලිංගේන්ද්‍රියට පහරදීම තහනම් වන අතර ඉන් බැහැර ඕනෑම ප්‍රදේශයකට පහර දිය හැකියි. MMA UFC කියන්නෙ නියම ‘ප්‍රහාරකයා’ කවරෙක්ද යන්න උරගා බලන සටනක් කියල තමයි ඔහු කියන්නේ.


ඉතින් සචින්ත සෙනරත් හෙවත් ‘කෝබ්‍රා නම් හක්ක තලන්නා’ තවදුරටත් ලංකාවේ නම ජාත්‍යන්තරයට එකතු කරාවි. එතකම් අපිත් බලාගෙන ඉන්නවා.



ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ