logo

30

කොළඹ

නවතම පුවත්

මහ රෑ මැද සමරපු ආලියාගේ උපන්දින සාදය

ගොසිප්

ජනප්‍රිය බොලිවුඩ් නිලි ආලියා බාට් පහුගිය දවසක එයාගේ උපන්දිනය බොහොම ජයටම සමරලා තිබුනා. තමන්ගේ හිතවත් යාලුවෝ ගොඩක් මේ සාදයට එකතු කරගන්නත් ආලියා අමතක කරල තිබුනේ නෑ. රන්බීර් කපූර්, කරන් ජෝහර්, මසාබා ගුප්තා වගේ බොහෝ පිරිසක් ඊයේ රෑ (14) පැවැත්වුන මේ සාදයට සහභාගී වෙලා ඉන්නවා දකින්න ලැබුනා. 

මුම්බායේ පැවැත්වුන මේ උපන්දින සාදයට බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් වුන ආලියාගේ තාත්තා මහේෂ් බාට් වගේම  අම්මා සෝනි රස්දාන් ද සභාගි වෙලා තිබුනා.

ඇත්තටම ආලියාගේ උපන්දිනය දීල තියෙන්නේ අද (15) වුනාට යාලුවෝ ඔක්කොම එකතු වෙලා දවස පටන් ගන්න රෑ 12ට මේ සතුට සමරන්න ඕන කියල ගත්ත තිරණයක ප්‍රතිපලයක් විදිහට තමයි මේ උත්සවය ඊයේ මේ විදිහට සංවිධානය වෙලා තිබුනේ. 

මේ සාදයේදී බොහොම ලස්සන උපන්දින කේක් දෙක තුනක්ම කපන්න ආලියාට සිද්ධ වෙලත් තියනවා. ආලියාගේ පුංචි කාලේ ඉඳලම හොඳම යාලුවෙක් වුන මසාබා ගුප්තා සාදයේදී ආලියා එක්ක ගත්ත ඡායාරූප කිහිපයක් තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුනා. ඒත් එක්කම  “You were pure magic since we were babies …. and you continue to be pure magic…. Happy birthday Alu.” කියලා ලස්සන උපන්දින සුබපැතුමක් ආලියා වෙනුවෙන් එකතු කරන්නත් ඇය අමතක කරලා තිබුනේ නැහැ.  

මේ තියෙන්නේ ඇගේ උපන්දින සාදයේ  ඡායාරූප කිහිපයක්. 





ඉයන් මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

අපකීර්තිමත් ලිපි 600 ක් සමඟ අත්අඩංගුවට ගත් අමාත්‍යංශ සේවකයින් තිදෙනාට ඇප

බෝම්බය පිපිරුණාම අම්මා ලේ විලක් මැද වැටිලා හිටපු හැටි අදත් මැවී පෙනෙනවා - අම්මාගේ ඔළුවෙ කෑල්ලක් ගැලවී ගිහින් තිබුණා

නවසිලන්ත ප්‍රහාරය ෆේස්බුක් ශෙයා කලාට අවුරුදු දෙකක බන්ධනාගාර දඬුවමක්

ටොරන්ටෝ නුවර වෙඩිතැබීමකින් සිව් දෙනෙකුට තුවාල (VIDEO)

පාස්කු ප්‍රහාරයේ තේරීම් කාරක සභාව අද තීරණාත්මකයි
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි බොහෝදෙනකු මගෙන් ඉල්ලනවා

ඉයන් මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීම

06:24 PM Jun 18 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂාව වැඩිකෙරේ - හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුරට

03:48 PM Jun 18 2019

ෂකීබ් අල් හසන් ගැන හතුරුසිංහගේ අනාවැකි අමු අමුවේ බොරු වූ හැටි (VIDEO)

09:19 AM Jun 18 2019

නවසිලන්ත ප්‍රහාරය ෆේස්බුක් ශෙයා කලාට අවුරුදු දෙකක බන්ධනාගාර දඬුවමක්

පසුගිය දා නවසීලන්ත පල්ලියක් තුල සිදු වූ සමූහ  ඝාතනයට අද

01:28 PM Jun 18 2019

ට්‍රම්ප් නැවත ඉරානයට හමුදා යවයි

12:49 PM Jun 18 2019

ටොරන්ටෝ නුවර වෙඩිතැබීමකින් සිව් දෙනෙකුට තුවාල (VIDEO)

10:26 AM Jun 18 2019

පලාත් සභා මැතිවරණය කවදා පැවැත්වෙනවාද, උඩ ඉන්න දෙයියෝ දන්නවා දැයි කියා මම දන්නේ නැහැ

පලාත් සභා මැතිවරණය කවදා පැවැත්වෙනවාද කියන්න බැහැ. උඩ ඉන්න දෙ

04:00 PM Jun 18 2019

තව දින 154ක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි

11:21 AM Jun 18 2019

මම ආසියාවේ හොඳම මුදල් ඇමැති වුණේ ජනතාවට වැඩ කරලා

10:36 AM Jun 18 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-17
CARTOON ::: 2019-06-14
CARTOON ::: 2019-06-13

ලිච්ඡවි පාලනය

1978දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදූ අගමැති ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස පත්විය. ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා පොත් පිංචක් ලියමින් අවධාරණය කළේ මේ විධායක ජනාධිපති ධුරය රටට අනතුරුදායක බවය. කල් නොයවා ජේ.ආර්. ජයවර්ධන එන්.එම්.ගේ අනාවැකිය සනාථ කළේය. 1978 සිට ජනාධිපති හා අගමැති එකම පක්ෂයකින් පත් වුවද 2002දී ජනාධිපති හා අගමැති තනතුරුවලට පක්ෂ දෙකක නායකයන් පත්විය. එවැනි අවස්ථාවක් එළැඹුණහොත් එය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමකට මුලපුරනු ඇතැයි ආචාර්ය එන්.එම්. පෙරේරා කල්තියා කියා තිබිණි. 2015 සිදුවූයේ කිසිවකු නොසිතූවකි. පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගැනීම ජනාධිපති - අගමැති ගැටුමකට මුලපුරනු ලැබීය. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ලිච්ඡවි රජදරුවන් මෙන් සමඟියෙන් රැස්වී සමඟියෙන් සාකච්ඡා කර සමඟියෙන් විසිර යන බවය. එහෙත් ජනාධිපති - අගමැති ගැටුම වසරින් වසර වර්ධනය වී ඉකුත් ඔක්තෝබරයේ පුපුරා ගියේය. අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. අධිකරණය දුන් තීන්දුවක් නිසා අගමැති ධුරය යළි රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණද ගැටුම සමථයකට පත්වූ බවක් පෙනෙන්නට නැත. විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නයෙන් පෙනෙන්නේද ඒ ගැටුම පවතින බවය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ පොළොන්නරුවේදී පොසොන් පෝදා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ලිච්ඡවි රජදරුවන් මෙන් වැඩකටයුතු සිදුකරමින් සිටින බවය. අගමැතිවරයා එලෙස පැවැසුවද “ලිච්ඡවි” මොඩලයක් නම් රටට පෙනෙන්නේ නැත. යහපාලනය, සංහිඳියාව වැනි වටිනා සංකල්ප පවා අද විහිළුවට ලක්වී අවසන්ය. “ලිච්ඡවි” කතාව එවැනි විහිළුවක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. තවදුරටත් ලිච්ඡවි කතා නොකියා ආණ්ඩුව කළ යුත්තේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකවර තබා ජනමතය උරගා බැලීමය. යහපාලනය, සංහිඳියාව, ලිච්ඡවි කතා සියල්ල එවිට මැතිවරණ වේදිකාවේ යළි සංවාදයට සාකච්ඡාවට ලක්කළ හැකිය. වක්කඩේ හකුරු හැංගුවේ කවුද? කටින් බතල සිටුවූයේ කවුද? ආඳා යවාලා වල්පත ගත්තේ කවුද? යන්න ගැන එවිට සබුද්ධික ජනතාව තීරණය කරනු ඇත.
වීඩියෝ