logo

31

කොළඹ

"තිත්ත ඇත්ත" පෙන්නන්න ගිය ඉරාජ්ගේ තාත්තට අන්තිමට වෙච්ච දේ

ගොසිප්

ප්‍රීතිරාජ් වීරරත්න කියන්නේ සිංහල සිනමාවට ආදායම් ලැබීම අතින් සාර්ථක නිර්මාණ ඉදිරිපත් කරන ඉතාම සාර්ථක නිර්මාණකරුවෙක්. සෑහෙන්න නිහඬව ඉඳලා කාලෙකට පස්සෙ පසුගියදා නැවතත් ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්න සූදානම් වුණේ නව නිර්මාණ තුනකුත් එක්ක. ඒ අතරින් ඔහුගේ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය පසුගියදා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම ඇරැඹුණා. ඒත් ඒ සමඟම ප්‍රීතිරාජ් සිදුවුණේ විශාල අකරතැබ්බයකට මූණපාන්න. ඉතින් ඒ ගැන අපි ඔහු සමඟ කතාබහකට මුලපුරද්දී ඔහු කතාව ආරම්භ කළේ මෙලෙසයි.

“තිත්ත ඇත්ත” සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ අප්‍රේල් 20 වැනිදා. චිත්‍රපටය සිනමාහල් 36ක  එකවර ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. ඒ මුල් දවසෙම වාර්තාගත ආදායමක් ලබන්න අපට හැකිවුණා. කුලියාපිටිය, කන්තලේ, අනුරාධපුර වගේ ප්‍රදේශවල රාත්‍රි 9.30 දර්ශන පවා ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් ගම් පළාත්වලින් ලැබුණු ආදායම් ඉතා සාර්ථකයි. ඒත් පසුවැනිදා (අප්‍රේල් 21) පාස්කු ඉරිදා උදේ බෝම්බ පිපිරීමත් එක්ක හැමදේම කණපිට හැරුණා. එදා 10.30 දර්ශනය නරඹන්නත් සෑහෙන පිරිසක් ඇවිත් හිටියා. ඒත් බෝම්බ පිපිරීමේ ආරංචියත් එක්ක ඒ කට්ටියත් සිනමාශාලාවලින් නැඟිටලා යන්න ගියා.

මේ තත්ත්වයත් එක්ක චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තාවකාලිකව නතර කරලා මේ තත්ත්වය දුරුවුණාට පස්සේ නැවත එය ප්‍රදර්ශනය කරන්න තීරණය නොකළේ ඇයි කියලා මගෙන් බොහෝදෙනා ඇහුවා. ඒත් මං ඒකට කැමැති වුණේ නැහැ. මං හිතාගත්තා කොහොමහරි ඒ අභියෝගයට මුහුණදෙනවා කියලා. එහෙම හිතලා මං ආපහු චිත්‍රපටය ප්‍රවර්ධනය කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට සතියකට විතර පස්සෙ චිත්‍රපටය නරඹන්න එන ප්‍රේක්ෂක පිරිස සෑහෙන්න වැඩිවුණා. මං මගේ ප්‍රචාරක කටයුතු 100%ක්ම සාර්ථකව සිදුකිරීම ඒ සඳහා සෑහෙන්න බලපෑවා. ඒ වුණත් මිනිස්සු රැස්වන තැන්වලට යන්න එන්න මිනිස්සු තුළ තිබුණු බය අඩුවෙලා තිබුණේ නැහැ. එහෙම තියෙද්දී තමයි එක්තරා අන්තවාදී කොටසක් විසින් ආයෙත් ප්‍රදේශ කිහිපයක කෝලාහල ඇතිකළේ. ඒ එක්කම පනවපු ඇඳිරි නීතියත් එක්ක ආයෙත් තත්ත්වය බිමටම කඩාගෙන වැටුණා. මේකෙන් මිනිස්සු සෑහෙන්න බයවුණා. සමහර සිනමාශාලා තාවකාලිකව වහලා දැම්මා. කොටින්ම අපේ ගෙදර වැඩට කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය පවා තවම චිත්‍රපටය බලලා නැහැ. මොකද සිනමා ශාලාවකට යන්න බය හින්දා. ඇත්තෙන්ම මේක අනියත බයක්. දැන් සිනමා ශාලාවලට මිනිස්සු ඇතුළු කරගන්නේ හොඳින් පරීක්ෂා කරලා.

කොහොමහරි ඒ බය පහව යද්දී මේ වනවිට ආයෙත් චිත්‍රපටය බලන්න සෙනඟ ඇදී එන්න පටන් අරගෙන තියෙනවා. මේකට ත්‍රස්තවාදී ප්‍රහාරය වගේම දෙවැනියට ඇති වූ කෝලාහල නිසා පැනවූ ඇඳිරි නීතියත් බලපෑවා. මගේ අදහසේ හැටියට මේ තත්ත්වය ඇතිවෙන්න මුල රජයේ පැවැති දුර්වලතාවන්. ඇත්තෙන්ම ඒ ගැන තියෙන්නේ සෑහෙන කලකිරීමක්. මම කිසිම පක්ෂයකට නැති කෙනෙක්. රටේ උත්තරීතර ආයතනයේ නූගතුන් ඉන්න කොට රටකට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම මේකට වගකිවයුතු පළමු පුද්ගලයා තමයි ඡන්ද දායකයා. අපේ රටේ බහුතරයක් ඡන්ද දායකයන්ට ඡන්දයක් ළඟ එද්දී සිමෙන්ති කොට්ටයක්, ටකරං තහඩුවක් නිකං දෙනව නම් ඕනම මී හරකෙකුට ඡන්දය දෙනවා. මං හිතන්නේ දැන්වත් ඡන්දදායකයන් තමන්ගේ දෑස් ඇරිය යුතුයි. ඕනෑම කෙනෙක් දෙන ඒවා ගන්න. ඒත් තමන් වෙනුවෙන් රට කරවන්න හරි පුද්ගලයා තෝරාගන්න වගබලා ගන්න.

ඇත්තෙන්ම මේ තත්ත්වය මං පෞද්ගලිකව මූණපාලා ඉන්න තත්ත්වයක් එහෙම නෙමෙයි. මුළු ක්ෂේත්‍රයම මේකෙන් අඩපණ වෙලා ඉන්නෙ. මේ අර්බුදය ඇතිවූ කාලයේ ප්‍රදර්ශනය අරඹන්න හිටිය හැම චිත්‍රපටයක්ම වගේ ප්‍රදර්ශනය කිරීම නතර කළා. දෙයියන්ගේ පිහිටෙන් මම නම් මේ නිර්මාණ කළේ කාටවත් ණය වෙලා නොවෙයි. ඒ වුණත් ණයවෙලා තමන්ගෙ නිර්මාණ කරපු බොහෝදෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ අයට තමන් ගත් ණයවලට ගෙවිය යුතු පොලිය දිග්ගැස්සෙනවා. මේක අහම්බෙන් මූණදෙන්න සිදුවූ තත්ත්වයක් බව ඇත්ත. ඒත් රජය මේ අමාරුවේ වැටුණු කර්මාන්තකරුවන්ට සහනයක් සැලසීම වෙනුවෙන් මොනයම්ම හෝ වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.

83 කළු ජූලියෙන් පස්සේ හැම දමිළ මනුස්සයකුටම කොටියෙක් කියලා ඇඟිල්ල දිගු කළා. ඇත්තෙන්ම ඒ හැමදෙනාම කොටි ත්‍රස්තවාදී නොවෙයි කියන එක අපේ හදවත් දන්නවා. එදා අපේ ක්‍රියාකලාපය නිසා කොටි නොවූ අයත් අන්තිමටම කොටි වුණා. ඒ කියන්නේ ඒ අයව කොටි කළා. ඒ වගේම හැම මුස්ලිම් මනුස්සයෙක්ම අන්තවාදීන් නොවන බව මතක තබාගැනීම ඉතා වැදගත්. මේ සිද්ධියෙන් පස්සෙ අපේ රටේ මහජාතිය හැසිරුණු ආකාරය පිළිබඳ විශේෂයෙන් ජාත්‍යන්තරයෙන් හොඳ පිළිගැනීමක් ඇතිවෙලා තියෙනවා. ඒ තත්ත්වය නැති කරගන්න උත්සාහ කරන්න එපා.


ගැමුණු රත්නායක

මීගමුව කළඹවමින් අහසට වෙඩි තැබුවේ ඇයි? - ඇත්ත කතාව මෙන්න

ජනාධිපතිවරණය නියමිත දිනයට පවත්වනවා

වොනර්ටයි ස්මිත්ටයි ප්‍රේක්ෂකයෝ හූ කියයි (VIDEO)

කිලිනොච්චි හමුදා ට්‍රක්රථ අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහලට (UPDATE)

ටොරින්ටන් වතුයායේ තේ දළු නෙලමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

ඇත්දළ සමග අයෙක් අත්අඩංගුවට
කිරින්ද වෙරළ තීරයේදි සැඩ රළ පහරකට හසුව මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

මට පන්දුයවන්නගෙන් වැඩක් නෑ කවුරු දැම්මත් මම ගහනවා

සත්කාරකයන්ට අමතක නොවන අමිහිරි පරාජයක් ශ්‍රී  ලංකා කණ්ඩා

09:45 AM Jun 26 2019

වොනර්ටයි ස්මිත්ටයි ප්‍රේක්ෂකයෝ හූ කියයි (VIDEO)

07:34 AM Jun 26 2019

ඇෆ්ගනිස්තානය පැරැදූ බංග්ලාදේශය ප්‍රසාද සටහනේ 5ට එයි

09:50 AM Jun 25 2019

ඕස්ට්‍රේලියාවේ නිවසක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ දකුණුදිග වේල්ස් ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් කුඩ

11:38 AM Jun 26 2019

යෙහියා ජනාධිපතිවෙලා ඉද්දි එයා මාව දුෂණය කළා - ගැම්බියානු සුරුපිනිය සියල්ල හෙළිකරයි

08:30 AM Jun 26 2019

ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීමේ සූදානමක

09:04 AM Jun 25 2019

ඉදිරි ජනපතිවරණයට රටට ජාතියට ආදරය කරන ප්‍රතිපත්ති ගරුක කෙනෙක් ඉදිරිපත් කරන්න පසුබට වන්නේ නැහැ

ජාතික කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් අපි හදනවා.එයට ඔබේ සහය

11:45 AM Jun 26 2019

රාජකාරියත් එක්ක දේශපාලනය කරන්න බැහැ

11:38 AM Jun 26 2019

බන්දුල ගෙන් සජිත්ට අභියෝගයක්

07:46 AM Jun 26 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-25
CARTOON ::: 2019-06-24
CARTOON ::: 2019-06-21

අපේ අතීත උරුමය අනතුරේ!

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කල්ලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන ආරාම සංකීරණයක් සහ ස්තූපයක් විනාශ කරමින් බෝග වගා කිරීමේ සිදුවීමක් ඊයේ දිනපතා ‘මව්බිම’ මුල් පුවතින් වාර්තා කෙරිණි. දිගින් දිගටම වාර්තා වන සිදුවීම්වලට අනුව ලංකාවේ පෞරාණික උරුමය විනාශ කිරීම එන්න එන්නම වැඩි වන බව පෙනේ.ජාතික අවශ්‍යතා මත දැනුවත්ව පුරාණ උරුමය විනාශ කිරීම එකකි. ඒවා නිසි අධ්‍යයනයක් හා ලේඛනගත කිරීම්වලට යටත්ව විධිමත්ව සිදුවේ. එහෙත් නිදන් හාරන්නන් සහ ඉඩම් අල්ලන්නන් විසින් පුරාවස්තු වැනසීම කිසිදු වග විභාගයකින් තොරව සිදුවේ.ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක දළ වශයෙන් ලක්ෂ තුනකට ආසන්නව පවතින අතර පුරාවිද්‍යා අණපනත්වලින් ආවරණය වන පරිදි ඉන් ලේඛන ගතකර ඇති ස්මාරක ප්‍රමාණය ඉතා සීමිතය.බි්‍රතාන්‍ය යටත්විජිත ආණ්ඩුව විසින් 1940දී පුරාවිද්‍යා ආඥා පනත සම්මත කරනු ලැබූ අතර ඊට යටත්ව ප්‍රධාන පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් ලේඛනගත කරන ලදී. එලෙස ගැසට් කළ ස්මාරකයන්හි ආරක්ෂාව එමඟින් සැලසුණු නමුත් මෙරට පුරාණ ස්මාරකවලින් බහුතරය පවතින්නේ නීතිමය ආවරණයක් නොමැතිවය.වැලි, ගල්, පස්, මහපොළොව සූරාකමින් මුදල් පසුපස හඹා යන නරුම මිනිසුන් සිටින වර්තමානයේ පුරාණ ස්මාරක සහමුලින්ම වැනසී යමින් පවතී. මෙම විනාශයන් දේශපාලන බලවතුන්ගේ රැකවරණය මත සිදුවන බැවින් රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ද ඊට මැදිහත් නොවන බව පෙනේ. එය අතිශය භයානක තත්ත්වයකි. දැනට බලපවත්නා නීතියට අනුව යම් හඳුනාගත් ස්ථානයක් 1815 මාර්තු 2 දිනට ප්‍රථම ඉදිකරන ලද්දක් නම් එම ස්ථානය හෝ ස්මාරකය සම්බන්ධව පුරාවිද්‍යා ආඥා පනතේ නියමයන්ට අනුකූලව නීතිමය පියවරගත හැකිය. එය යම් හානියක් සිදුවීමෙන් පසුව එළැඹෙන තත්ත්වයකි. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඍජු කාර්ය භාරය වන්නේ හඳුනාගත් ස්මාරක සීමා මායිම් සහිතව ගැසට් කොට නීතිගත කිරීමය.එහෙත් පසුගිය දශක තුන හතර මුළුල්ලේම එම කටයුතු සිදුව තිබෙන්නේ ඉතාමත් මන්දගාමීවය. උදාහරණයක් වශයෙන් දක්වතොත් සෑම බිම් අඟලකම ඓතිහාසික යුගයේ නටබුන් විසිරී පැතිරී ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගැසට් කර ඇති ස්මාරක ප්‍රමාණය 17කි. 2004න් පසු පොළොන්නරුවේ එකම පුරාවිද්‍යා ස්මාරකයක් හෝ ගැසට් කර නැත. ඉන් ගම්‍ය වන්නේ ජාතියේ අතීත උරුමය අනතුරක මුවවිට පවතින බවයි.අනුරාධපුර ඓතිහාසික රාජධානියේ තත්ත්වයද මෙයට දෙවැනි නැත. සමාධි පිළිමය, කුට්ටම් පොකුණ ඇතුළු ප්‍රධාන ස්මාරක සියල්ල පුරාවිද්‍යා  කොමසාරිස් එච්.සී.පී. බෙල් විසින් ආඥාපනතට ඇතුළු කොට සංරක්ෂණය කොට ඒවායේ ආරක්ෂාව සහතික කරන ලදී. මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ ඉන් ඔබ්බට උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද වැඩකොටස අසීමිතය. අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය ආරම්භ කර අනුරාධපුර පුරාණ නගරය සැලසුම් කළේය. 1961දී අංක 32 දරන අනුරාධපුර සංරක්ෂණ මණ්ඩල පනත ප්‍රකාරව පුරාණ නගරයෙන් ජනාවාස ඉවත් කෙරිණි.එහෙත් වර්තමානයේ සංරක්ෂිත භූමිය පුරා අනවසර ඉදිකිරීම් සිදු කරමින් මිනිසුන් එය ආක්‍රමණය කර හමාරය. අභයගිරි ස්තූපය ඉදිරිපිට අනවසර ඉදිකිරීම් 267කි. වෙස්සගිරියේ 30කි. නුවර වැව ආශ්‍රිතව 275ක් හා තිසා වැව් තාවුල්ලේ 130කි. පොදුවේ සෑම තැනකටම දේශපාලන හෙන්චයියන් රිංගා ‘උරුමය’ වනසති. එවැනි පසුබිමක අපේ රටේ පාලකයන් අතොරක් නැතිව  දේශප්‍රේමය ගැන කතා කිරීම විහිළුවකට වඩා තක්කඩිකමකි. ජාතික උරුමය වනසන්නවුන්ට මෙන්ම ඊට අනුබල දෙන්නන්ටද නීතියෙන් දඬුවම් කළ යුතුය.
වීඩියෝ