25

කොළඹ

දුර්ලභ ගණයේ බකමූනෙක් ගාල්ලේ කුඹුරක අතරමං වෙලා

ගොසිප්

දුර්ලභ ගණයේ බකමූනෙකු ගාල්ල පිලාන බක්මීගහ ප්‍රදේශයේ කුඹුරක අතරමංව සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙනවා.

මෙම බකමූනා දුර්ලභ ගනයේ සතෙකු බවද ඊයේ උදෑසන බක්මීගහ ප්‍රදේශයේ කුඹුරක වැටී සිටියදී වෙනත් සතුන් විසින් මෙම සත්වයාට පහරදීමට සූදානම් වන අවස්තාවේදී ප්‍රදේශවාසීන් විසින් ඔහුව මෙලෙස බේරාගෙන තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් මෙම සත්වයා වනජීවී නිළධාරීන්ට භාරදීමට කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.


මාපලගම රසික සෙනවිරත්න 

හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කමිටුවක්

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්
ගම්පහින් - රත්නපුරින් මනුෂ්‍ය ඝාතන 3ක්

අපි කොහොමත් ‘සෙමි ෆයිනල්’ යනවා - එංගලන්ත නායකයා කියයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳ

11:24 AM May 23 2019

ඉන්දීය - පාකිස්තාන තරගයේ ප්‍රවේශපත්‍ර වලට පැය 48ක් යන්න කලින් වෙච්ච දේ මෙන්න

09:35 AM May 23 2019

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගුවන් යානයේදී පිස්සු නටයි,ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් ‍දොර අගුළුදාගෙන

08:38 AM May 23 2019

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ

12:59 PM May 23 2019

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

10:21 AM May 23 2019

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

09:01 AM May 23 2019

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම්

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට ප

02:43 PM May 23 2019

රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු විශ්වසභංගයට පක්ෂ වුනත් ආණ්ඩුව ඉවරයි විරුද්ධ වුනත් ආණ්ඩුව ඉවරයි

12:04 PM May 23 2019

ත‍්‍රස්ථවාදීන් සොයා දෙන්න මුස්ලිම් ජනතාවට යුතුකමක් හා වගකීමක් තියෙනවා

09:23 AM May 23 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-22
CARTOON ::: 2019-05-21
CARTOON ::: 2019-05-17

රජ බස!

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් තරග කළ මහජන එක්සත් පෙරමුණට 1956 මහ මැතිවරණයෙන් බලය හිමි කර ගැනීමට ‘භාෂා ප්‍රශ්නය’ ආශීර්වාදයක් විය. සිංහල භාෂාව පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව කරන බවට බණ්ඩාරනායක මහතා කළ ප්‍රකාශය මැතිවරණ ව්‍යාපාරය තුළ රැව් දුන්නේය. පැය විසිහතරෙන් කෙසේ වෙතත් බලයට පැමිණ, වසර කිහිපයකින් සිංහල 'රාජ්‍ය භාෂාව' කිරීමට බණ්ඩාරනායක ආණ්ඩුව පියවර ගත්තේය.ඉංග්‍රීසියට ලැබී තිබුණ තැන අහිමි කොට බහුතරයක් කතා කරන භාෂාව වූ සිංහලයට මුල්තැන දීම කළ යුතුව තිබුණකි. කිසිවකු එහි වරදක් දකින්නේ නැත. වරද වූයේ දමිළ භාෂාවට නිසි තැන ලබා නොදීමය. මේ භාෂා ප්‍රශ්නය දමිළ අන්තවාදය පෝෂණයට මහත් දායකත්වයක් ලබා දුන් අතර වාර්ගික ප්‍රශ්නය උග්‍ර කළ සාධකයක් විය. පසුකලෙක දමිළ භාෂාවට නිසි තැන ලබාදීමට පාලකයන් කටයුතු කළද ඒ වන විට පෙරහර ගොස් අවසන්ව තිබිණි.සිංහල භාෂාවට මුල් තැනද දමිළ භාෂාවට නිසි තැන ලැබුණද මේ වන විට රටේ වැඩි තැනක් ලැබී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවටය. පෞද්ගලික අංශයේ බොහෝ විට වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසියෙනි. රාජ්‍ය අංශයේද ඉංග්‍රීසියට විශේෂ තැනක් ලැබී ඇත. සිංහල භාෂාව වැරැදියට පාවිච්චි කළද කිසිවකුට ඒ ගැන ලැජ්ජාවක් තිබෙන බව නොපෙනේ. එහෙත් ඉංග්‍රීසි භාෂාව ගැන ඇති සැලකිල්ල ඉමහත්ය. ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි අනිවාර්යයෙන් ඉගෙන ගත යුතු සාමාන්‍ය භාෂාවකි. අසල්වැසි ඉන්දියාව සමඟ සසඳන විට ලංකාවේ ඉංග්‍රීසි  අධ්‍යාපනය දුර්වලය. ඒ අංශයෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත විශාල දියුණුවක් ලබා ඇත.කාරණය අනෙකකි.‘භාෂාව‘ සම්බන්ධයෙන් ලංකාව දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඒ ඒ බලධාරීන්, ඒ ඒ පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය ආකාරයට ‘භාෂාව‘ යොදා ගනිමින් සිටී. තත්ත්වය කෙතරම් දුරදිග ගොස් ඇත්ද කියතොත් ඇතැම් පළාත්වල 'අරාබි' භාෂාවෙන්ද නාමපුවරු ප්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇත. ඇතැම් තැනක 'සිංහල' ලියා ඇත්තේ වැරැදියටය. රාජ්‍ය භාෂාව දෙවැනි තැනට දමා වෙනත් භාෂාවක් මුල්තැනට දමා ඇති තැන්ද තිබේ. දිවයින පුරා ඇති සියලු වීදි නාම පුවරු සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශීය කටයුතු ඇමැතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විය යුතුය.ඒ අනුව සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවලින් කිසිදු වීදි නාම පුවරුවක් නම් නොකළ යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත.වීදි නාම පුවරු පමණක් නොව පාසල්, නිවාස සංකීර්ණ ඇතුළු විවිධ රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැඟිලිවල මෙලෙස ‘භාෂාව‘ අනවශ්‍ය ආකාරයෙන් යොදා තිබීම පිළිබඳවද රජයේ අවධානය යොමු කළ යුතුය.වාද භේද ඇති කර ගනිමින් ‘සිංහල’ රාජ්‍ය භාෂාව කළ රටක රාජ්‍ය භාෂාවට තිබිය යුතු ‘තැන’ අහිමි වීම කනගාටුදායකය. දමිළ භාෂාවද පසෙකට විසි කර අරාබි වැනි භාෂාවට මුල් තැනදීම විකාරයකි. මේ පිළිබඳව පමා වී හෝ අවධානය යොමුවීම සතුටට කරුණකි. කොතැනින් හෝ වැරැදි නිවැරැදි කිරීම ඇරඹිය යුතුය.
වීඩියෝ