සියලුම රජයේ සේවකයන්ට අවුරුදු 70 දක්වා අග්‍රහාර රක්ෂණය දෙනවා

  👤  5695 readers have read this article !
2017-12-08

'රජයේ නිලධාරියකුට කිසියම් අසාධාරණයක් වුවහොත් අපි ඒ ගැන සොයා බලනවා. කවුරු වුණත් වැරැද්දක් කරල තියෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයට පෙනී හිටින්න ඕන. රජයේ සේවකයන් අස්ථාන බියට පත්කරන්න එපා' යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පැවැසීය. අපි ආණ්ඩුව භාරගන්න කොට ගණකාධිකාරිවරුන් 500කට වැඩි පුරප්පාඩු තිබුණා. අපි ඒ පුරප්පාඩු පුරවාගෙන යනවා. 'භාෂා පරිවර්තකයන්ගේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. මේකට හේතුවක් වුණේ වැටුප් අඩුවීමයි. මේ අයට ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් දැමුවා. මේ අයට උසස්වීම් ලබාදීමට කටයුතු කරනවා.'

'පරිපාලන සේවයට බඳවාගත් 108 දෙනා අතුරෙන් 35 දෙනකු දෙමළ හා මුස්ලිම් ජාතිකයන්. ඒ අයගෙන් වැඩිම දෙනා උතුරු නැඟෙනහිර පළාත්වලින් බඳවා ගත්තේ.'
'සියලුම රජයේ සේවකයන්ට අවුරුදු හැත්තෑව වනතෙක් අග්‍රහාර' රක්ෂණය ලබා දෙනවා.

උතුරේත්-දකුණේත් තරුණයන් කැරලි ගැසුවේ ඇඟේ තෙල වැඩි නිසා නොවේ

'උතුරෙයි දකුණෙයි තාරුණ්‍ය කැරලි ගැසුවේ ඇඟේ තෙලේ වැඩිවෙලා නෙවි' යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ පැවැසීය.
'මම හොඳ ශ්‍රී ලාංකික සිංහලයෙක්. නමුත් මගේ සිංහලකම සහෝදර ජාතීන් තළල පෙළල කටයුතු කිරීමට යොදාගන්න මට අවශ්‍ය නැහැ.'
'ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාදී ඇති වාර්තා අසත්‍යයි. එසේ වීමට හේතු වූයේ සමහර භික්ෂුන් වහන්සේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කටයුතු කරන්න ඉඩ දුන්නේ නැහැ. මම විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහත්තයා, මනෝ ගනේෂන් මහත්තයා, ස්වාමිනාදන් මහත්තයා මාතරට කැඳවාගෙන ගියා.'

'වැවිලි මානව සම්පත් භාරය, නිසි පාලනයක් ඇතිව පවත්වාගෙන යන්න ඕන. එසේ නොවුණහොත් නොයෙක් දූෂණ අක්‍රමිකතා සිදුවීම නවත්වන්න බැහැ.'
'දෙමළ ජනතාවගේ ප්‍රදේශවල හින්දු කෝවිල්, විනාශ වී යෑම වළක්වා, ඒවා වැඳුම් පිදුම් කිරීමට හැකිවන තත්ත්වයට පත්කරන්න. 'බන්ධනාගාරවල රැඳවියන් සඳහා උපදේශන සේවාවක් ක්‍රියාත්මක කරන්න.'

පළාත් ඡන්දය ඒකාබද්ධයට
කං කං බූරු වගේ

'ඒකාබද්ධය මැතිවරණය ඕනෑ කියා ඉස්සර වෙලා ගිහින් ඇප මුදල් බඳින්නේ කං කං බූරු සිං සිං නෝරු සෙල්ලම වගෙයි.' කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන (එජාප) පැවැසීය.

වාණිජ නගරවල වැඩි වටිනාකම් සහිත ඉඩම් සුරක්ෂිත කර ගනිමු. බන්ධනාගාර හදන්න ඕනෑ නම් එවැනි වටිනාකම් නැති නගරවල හදමු. බන්ධනාගාරයට ගියාම සල්ලිකාරයන්, දේශපාලනඥයන් බන්ධනාගාරයේ රෝහලේ ගත වී සැප විඳිනවා.

බන්ධනාගාරගතව සිටින විශාල පිරිස රටේ ආර්ථිකය සංවර්ධනයට යොදා ගත හැකි නම් හොඳයි. පසුගිය කාලේ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළා පරීක්ෂණ කමිටුවක් පත් කළා. එය හිටපු විජයදාස රාජපක්ෂ ඇමැතිට භාර දුන්නා. කෝ අද ඒ වාර්තාව කියා එතුමා අද මෙතැන හිටියා නම් මා අහනවා.
උතුරේ අන්තවාදීන් ඉන්නවා. ඒ වගේම දකුණෙත් එවැනි අන්තවාදීන් ඉන්නවා. සහජීවනය ඇති වීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන්න ඕනෑ. ඒ සඳහා මැතිවරණ අවශ්‍ය වෙනවා. අපි ලහි ලහියේ මැතිවරණයට ලැහැස්ති වෙන කොට සීමා නිර්ණය වැරැදියි කියලා නඩු දැම්මා.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට නාම යෝජනා අවශ්‍යයි කියමින් දැන් ඒකාබද්ධ
විපක්ෂය නඩු දානවා. ඒ වගේම මැතිවරණය ඕනෑ කියලා ඉස්සර වෙලාම ගිහින් ඇප මුදල් බඳිනවා. ඒක හරියට කං කං බූරු සිං සිං නෝරු සෙල්ලම වගෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්