1818 කැරැල්ලේදී වැදි හමුදා පෙරමුණ ගත් හැටි

  👤  4031 readers have read this article !
2017-12-03

මෙතෙක් කතාව

1815 උඩරට ගිවිසුමේ කුමක් සඳහන් වුවද එවකට මෙරට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග්ට අවශ්‍ය වූවේ ඉංග්‍රීසීන්ට ගැති රදලයන් හා සුළු ජන කොටස් මඟින් ලංකාව පාලනය කිරීමටය. ගිවිසුමට එරෙහිව වෙල්ලස්සේ ජනයා නැඟී සිටි විට බදු එකතු කිරීම පිණිස හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා උෟවට පත් කර යවන ලද්දේ එක් වැදගත් පියවරක් වශයෙනි. මේ අතර බදුල්ලේ උප තානාපති ඩග්ලස් විල්සන් කැරලිකරුවන් වෙතින් මැරුම් කයි.

ඉංගී්‍රසීන් විසින් ඔවුන්ගේ යටැත්විජිතවල කුලී හමුදා සහ පහතරට දේශීය හමුදා මෙන්ම මොල්ලිගොඩ පළමු අදිකාරම්ගේ රත්වත්තේ දිසාවගේ (මාතලේ) දුල්ලෑව වලපනේ දිසාව, තුන්කෝරලයේ දිසාව මොල්ලිගොඩ (කනිෂ්ඨ) වැනි තමන් ඉතා ළැදි රදල නායකයන්ගේ හමුදා වෙල්ලස්සට මෙහෙයවීම ආරම්භ කළත් වෙල්ලස්සට ඇතුළු වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. ඉංගී්‍රසීන්ට ඉතාම හිතවත් මාතලේ දිසාව හා වලපනේ දිසාව සිටින බැවින් මහනුවර සිට උෟවට (බදුල්ලට) හමුදා එවීමට ඔව්හු කටයුතු කළහ.
වැදි හමුදා ලෙස හඳුන්වා දුන් කොළ ඇතුවලින් නිර්මිත ඇඳුම්වලින් සැරැසී දුනු ඊතල භාවිත කරන ළඟට කඩාපැන ශබ්ද නොනඟින ලෙස පොරොවෙන් ගසා මරා දමන හමුදා කඩවත් අසල මුරපොළවල නවතා තිබීම පිටස්තරයකු හට වෙල්ලස්සට ඇතුළුවීම මරු වැලඳ ගැනීමක්ම විය. වෙල්ලස්සේ ඊතණවත්තට සහ අලුපොතට පැමිණ විමුක්ති හමුදා විනාශ කිරීමට සහ ඔවුන්ට වූ අවමානෙන් පළිගැනීමට අවශ්‍යව තිබිණි.

මේ වනවිට මොල්ලිගොඩ මහ අදිකාරම් බදුල්ලේ සිට තමා හිතවත් මොහොට්ටාලලා ප්‍රධාන රදල නිලධාරීන් හා සුළු නිලධාරීන් කැඳවා තිබුණත් ඒ සඳහා වෙල්ලස්සෙන් සහභාගි වූවේ ඉතාම ටික දෙනෙකි. එයිනුත් කොටසක් ඔත්තු සේවා සඳහා එක්වී ඇත. ඇහැළේපොළට සහ කැප්පෙටිපොළට ළඟම ඥාති වන කටුගහ වලව්වේ කටුගහ ලොකු බණ්ඩාර සහ කුඩා බණ්ඩාර ඔහුත් සමඟ දැඩි වෛරයකින් පසුවේ. එයට හේතුව කටුගහ ලොකු බණ්ඩාර කතරගම දේවාලයේ බස්නායක කමින් ඉවත් කිරීම හා කරවිලේ රත්නායක මුදලි මහබෙත්මේ ඉවත් කිරීමය.

එසේම ඔවුන්ට හිතවත් පොතුබන්දන රටේරාල, තල්දෙන රටේරාල, පස්සර මොහොට්ටාල, ගෝනිගොඩ සෙනෙවිරත්න දිසාව, බිබිලේ මුදියන්සේ හා කොටගම අදිකාරම් ගම්වල රහසිගතව සේනාව සංවිධානය කරගෙන සිටියත් මහ අදිකාරම් හෝ ඉංගී්‍රසි සෙන්පතියන් සොයාගෙන යෑමට නම් කිසිම හැකියාවක් නැත. එයට හේතුව සියලුම පන්සල් සහ මුරපොළවල් කොහුකුඹුරේ බූටෑවේ සහ කිවුලේ ගෙදර යන අයගේත් වෙල්ලස්සේ සියලුම මොහොට්ටාලලා සහ ගමරාලලා විහාරස්ථාන හරහා එකම විමුක්ති සේනාවක් වී තිබීමය.
කෙල්ලන් කොල්ලන් කාන්තාවන් යුද පෙරමුණට යා නොහැකි වයෝවෘද්ධයන් පොදු ස්ථාන හෝ ගම් ප්‍රධානීන්ගේ හා වෙදරාලලාගේ නිවෙස්වල වී කෙටීම, කුරක්කන් ඇඹරීම, බඩඉරිඟු, ඉදල් ඉරිඟු කොටා සැකසීම අටුකොස් දැමීම, ඉවුම් පිහුම් කිරීම, ඔෟෂධ වර්ග එකතු කිරීම, බෙහෙත් ඇඹරීම, කෙටීම, රත්කිරීම, ප්‍රතිකාරවලට සහාය දීම ආහාර සහ බේත්හේත් කඳවුරු ආසන්නයට ගෙනයෑම, වානර සටන් සඳහා වේවැල් කොබ්බෑ වැල් කිරිඳිවැල්වලින් ගෙතීම, ඒවාට අලුත් නුගකොළ අතු එල්ලීම, ඊතල මුවහත් කිරීම, දුනුවලට ලණු ඇඹරීම, රෝගී සෙබළුන්ට සත්කාර ප්‍රතිකාර කිරීම, දරුවන් සහ ගවයන් බලාගැනීම වැනි දහසක් කටයුතුවල නියැළී සිටිති.

මේජර් කොක්ෂන් සහ මොල්ලිගොඩ ඇතුළු විශාල දේශීය හා විදේශීය හමුදාවක් වියළුව මීගහකිවුල, ආ¼දාඋල්පොත, රිදීමාලියද්ද හරහා කොටගම යල්කඹුර ඊතණවත්තට පැමිණීමට පිටත් වූවත් කිවුලේගෙදර මොහොට්ටාල ප්‍රධාන විමුක්ති හමුදාව මඟින් කිවුලේගෙදරදීම පහරදී විනාශ කරන ලදී. මොල්ලිගොඩ සහ මේජර් කොක්ෂාන්ට තුවාල සිදුවූ බැවින් ඉතිරි ටික දෙනා සමඟ නැවත බදුල්ලට පලා ගියහ. හමුදා වෛද්‍යවරයා ඇතුළු විශාල පිරිසක් මරුමුවට පත්විය.

පස්සර, හිඟුරුකඩුව, සොරගුණේ, කැලිවැස්ස, පැල්වත්ත, බුත්තල, බඩල්කුඹුර හරහා අ¼දාපොතට ළඟාවීමට බදුල්ලෙන් පිටත් වූ කැප්ටන් ප්‍රෙෂර්, ලෙප්ටිනන් ජෝන් ඇම්ලේන්, කටුගහ ලොකු බණ්ඩාර සහ කුඩා බණ්ඩාර, ලන්දේ කුඹුරේ නිලමේ ප්‍රධාන දේශීය හා විදේශීය හමුදා කණ්ඩායමට බුත්තල මුතුකෙලියාවදී කොහුකුඹුරේ රටේරාල, කරවිලේ විදානේ, කැන්දවිත්තේ දිසාවේ මොහොට්ටාල කච්චාවේරාල, නක්කල රටේ රාලව්ඩා, බටුගම්මන විදානේ, බකිණිගහවෙල අදිකාරම් ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ලෙප්ටිනන් ජෝන් ඇම්ලේන් ඇතුළු ඉංගී්‍රසීන් ඇතුළු විදේශ හමුදාවත් මොරටුවගම ගමරාල ඇත්තලා මුල්ලේරාල ප්‍රධාන දේශීයන්ද විශාල පිරිසක් මැරුම් කෑහ. ඉතිරි ටික දෙනා පලා ගියහ.

පොතුවිල්, පානම, ඔලුවිල්, මඩකළපුව යන කඳවුරුවලින් පිටත් වූ විදේශ හමුදා සහ ඔවුන්ට මාර්ග පෙන්වා දෙන සහ සහාය දෙන කණ්ඩායම්ද වෙල්ලස්සට පැමිණීමට පිටත් වූ බව ඔත්තු සේවා මඟින් සහ මරගල, දානිගල, නැව්ගල, චිමිනිගල, කොහොඹාපොළ, වළංදාපොළ වැනි බැලුම්ගල් නොහොත් මුරපොළවල් මඟින් දැනගෙන මඟදීම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් පැවතිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්