මේ ආණ්ඩුවට මොනව කිව්වත් වැඩක් නෑ: දූෂිතයන් රකිනවා

  👤  3500 readers have read this article !
2017-11-30

"රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට මේ ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. තමුන්නාන්සේලා අසාර්ථකයි. දේශපාලන පක්ෂ වශයෙන් නෙවි, ආණ්ඩුව අපොහොසත් වෙලා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි බිමල් රත්නායක පැවසීය. "යම්කිසි රාජ්‍ය ආයතනයක් 1994ට පෙර හැදුවනම්, ඒවා හැදුවෙ යම්කිසි විද්‍යාත්මක පදනමකින්. එන්.එල්.ඩී.බී. ආයතනය හැදුවෙ විද්‍යාත්මක පදනමකින්. අද ඒක විකුණන්නෙ බිත්තරයි, කිරියි, කුකුළනුයි. දැන් ආයතන හදන්නේ හොරකම් කරන්නයි"
'ඔබතුමාලට රාජ්‍ය සංස්ථා ලාභ කරන්න බැරිව තිබෙනවා. ලාභයක් ලබන්නේ බැංකු ටික විතරයි. කොයිතරම් දක්ෂ සභාපතිවරු නිලධාරීන් හිටියත් දේශපාලන මැදිහත්වීම් නිසා ආයතන ලාභ ලබන්න නොහැකි වී තිබෙනවා"

"මේ ආණ්ඩුවට කියල වැඩක් නෑ. මොකද දූෂිතයො රකිනවා. ඒ නිසා කිසිදෙයක් කියලා වැඩක් නැහැ"
"මහජන බැංකුව මහා පරිමාණයෙන් ලබාදීපු ණයවලින් විශාල ප්‍රමාණයක් කපා හැර තිබෙනවා. තමුන්නාන්සේලා දුප්පත් මිනිස්සුන්ගෙන් එකතු කර ගන්නා මුදල්, මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ලබාදීලා, ඒවා නොගෙවා හැර තිබෙන අවස්ථා රාශියක් තිබෙනවා. 1994 කතරගම පැත්තේ දේවාලෙක කපුවෙකුටත් ණය ලබාදීලා නොගෙවපු සිද්ධියක් තිබුණා. රක්ෂණ සංස්ථාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු විශාල මුදලක් ලබාගෙන ඇති බව කෝප් කමිටුවට වාර්තා වුණා. මේවායේ වර්තමාන තත්ත්වය ගැන දැනගන්නට කැමැතියි"

මා වෙළෙඳ ඇමැති කාලේ සතොස ආයතන 20යි තිබුණේ:
ඒක 200 දක්වා වැඩිකළා

මා එදා වෙළෙඳ ඇමැති ධුරය භාර ගන්නා විට සතොස කාලා විනාශ කර තිබුණා. මා ලක් සතොස 200ක් රට පුරා ආරම්භ කළා යැයි කොළඹ දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
නූල කැඩුණු සරුංගලයක් වගේ භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා.

මා වෙළෙඳ ඇමැති කාලේ සතොස විස්සයි තිබුණේ. සතොස සම්පූර්ණයෙන්ම කාලා විනාශ කරලා තිබුණෙ. මා ලක් සතොස 200ක් ආරම්භ කළා. ආර්ථික මධ්‍යස්ථාන දහතුනක් හැදුවා. මා උදේ දවල් රාත්‍රි වෙන වැඩ නැතුව වෙළෙඳපොළේ ගියා. ගෑස්වලට වෙනම මිල සූත්‍රයක් හැදුවා. 2015 ලෝකයේ මිල දැවැන්ත ලෙස පහළට කඩා වැටුණෙ අවුරුදු තිහකට පසුවයි. ඒ දැවැන්ත වාසිය ලැබුණෙ තමුන්නාන්සේලාගෙ ආණ්ඩුවටයි. මම කතා කරන්නෙ රුපියල් ගැන නොවේ. ඩොලර් ගැනයි. අවුරුදු තුනක කාලය තුළ අපේ කාලයට වඩා විදේශ විනිමය බිලියන 5ක් රට තුළ ඉතිරි වුණා. ඒ මුදලට මොකද වුණේ?

මේ දැවැන්ත අර්බුදය වෙළෙඳ ඇමැතිට විසඳන්න බැහැ. මුදල් අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක් වුණේ නැත්නම් කරන්න බැහැ. ඩොලරයේ අගය රුපියල් 131% සිට 154% දක්වා වැඩි වෙනකොට මේ අර්බුදය පාලනය කරන්න බැහැ. ණය පොලී අනුපාතය ඉලක්කම් දෙකක් වුණාට මේ තත්ත්වය පාලනය කරන්න බැහැ. වෙළෙඳ පොළේ තරගකාරිත්වය ඇති කිරීමට රජය මීට වඩා මැදිහත් විය යුතුයි.

අපේ රටේ ස්වාභාවික විපත්වලට පාර කැපුවේ මිනිසුන්මයි

"නාය යන ප්‍රදේශවල ගෙවල් හදන්න එපා කීවත් ඒ ප්‍රදේශවල ගෙවල් ඉදිකරන අවස්ථා තිබෙනවා. මේවාට දේශපාලනඥයන් හැටියට අපිත් වගකියන්න ඕනෑ." යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් පැවැසීය.

"දැඩි නියඟය නිසා මේ වනවිට කන්න තුනක් පමණ වගා කරන්න බැරි වුණා. රජයට විශාල මුදලක් ආපදා නිසා වියදම් කරන්න සිදු වුණා."
"අනවසර ඉදිකිරීම් නිසා අද කොළඹ ප්‍රදේශයේ ගංවතුර ඇතිවනවා. ස්වාභාවික ආපදා ඇතිවන්නේ අපේ රටේ විතරක් නෙවි. අපේ රටේ ස්වාභාවික විපත් ඇතිවීමට පාර කැපුවේ මිනිසුන්මයි. පසුගිය කාලයේ සිදුවූ ස්වාභාවික උපද්‍රවවලින් සුනාමියට වඩා වැඩි හානියක් සිදුවුණා."
"පසුගිය කාලයේ දිගින් දිගටම ආපදා සිදුවුණා. එම තත්ත්වයෙන් බේරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon