හිටපු මුදල් ඇමැති අධ්‍යාපනයට බි. 203ක් වෙන්කර බි.65ක් දීලා අධ්‍යාපන ඇමැතිව රැවැට්ටුවා

  👤  3008 readers have read this article !
2017-11-24

"හිටපු මුදල් ඇමැතිවරයා අධ්‍යාපනයට අය වැයෙන් බිලියන 203ක් වෙන්කර ඉන් ලබාදුන්නේ බිලියන 65යි. ඒ වෙන් කළ මුදල ලබා නොදී එතුමා අධ්‍යාපන ඇමැති අමාරුවේ දැමුවා." යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
"මුදල් අමාත්‍යාංශය මුදල් දෙන්නෙ නැත්නම් අධ්‍යාපන ඇමැතිතුමා කුලියාපිටියෙන් ගෙනැල්ල වැඩ කරන්නද?

මේ ආණ්ඩුව බලයට ඒමට කලින් කීවේ දළදේශීය
නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරනවා කියලයි. නමුත් එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ."
"ග්‍රාමීය පාසල්වල ඉදිකිරීම් අද නතර වෙලා තිබෙනවා. එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුදල් ලබාදිය යුතුයි. එසේ නොකළහොත් එම ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට නොහැකි වනවා."

"පාසල්වල පළමුවැනි ශේ‍ර්ණියේ සිට උසස් පෙළ පන්ති දක්වා අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන්න යනවා. නිදහස් අධ්‍යාපනය යටතේ දරුවන්ට ලබාදුන් මේ අයිතිවාසිකම ආරක්ෂා කරන්න ඕන. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එය ආරක්ෂා කරන්න දැඩි වෙහෙසක් දැරුවා. නිදහස් අධ්‍යාපනය සල්ලි තියෙන අයට විතරක් දෙන්න එපා."

අධ්‍යාපනය සඳහා දරුවන්ට එල්ල කරන පීඩනය වළක්වන්න මවුපියන්ට
වැඩමුළු තියන්න

'පහේ ශිෂ්‍යත්වයට කලින් මවුපියන්ට වැඩමුළුවක් පවත්වන්න. එසේ
නොකළහොත් අපේ අහිංසක දරුවෝ විපතට පත්වෙනවා' යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් පැවැසීය.
'ශ්‍රී ධරන් මන්ත්‍රිතුමා කතා කරන්නේ මැරිල ඉපදිලා වගේ. එතුමා දන්නවා වසර තිහක් තිස්සේ යුද්ධයක් පැවැතුණා. ඒ කාලෙ දෙමළ නිලධාරියෙක් සොයාගන්න බැරි වුණා. එතුමා ජාතිවාදය අවුස්සන කතා කිරීම සුදුසු නැහැ.'

'ජාතික කොඩිය එසවීමට විරුද්ධව කතා කළා. එතුමා උතුරු පළාතේ මාන්කුලම් පන්සල ඇති කිරීම ගැන කතා කළා. ඒ ප්‍රදේශයේ පන්සලක් ඇති කිරීමේ ඇති වැරැද්ද කුමක්ද? එහෙම කතා කරනකොට වැල්ලවත්තෙ කෝවිල ඇති කිරීමට මෙහේ මිනිස්සු විරුද්ධ වෙනවාද? ඒ නිසා කවුරුත් ආගමික සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනෑ.'
'එතුමා අධ්‍යාපනය ගැන කතා කරනවාට වැඩිය කතා කළේ වෙනත් කතාවක්. අද දරුවන් ටියුෂන් දෙන්න ගෙන යන තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. දරුවන්ගේ කැමැත්ත විදියට අධ්‍යාපනය ලබන්න අද විදියක් නැහැ. අධ්‍යාපනයේ විශාල පෙරළියක් කළ යුතු අවස්ථාවක් උදා වෙලා තිබෙනවා.'

'අද දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙන්නේ මවුපියන්ට ඕන විදියටයි. මේ නිසා දරුවන්ට කැමැති විදියට අධ්‍යාපනය ලබන්න අවස්ථාව සලසා දීම සඳහා මවුපියන්ගේ මනස වෙනස් කරන්න ඕනෑ. ඒ නිසා අ.පො.ස. (සා.පෙළ) දරුවන් සමත් වූ පසු මවුපියන් සඳහා අඩු තරමෙන් දින දෙකකවත් පාඨමාලාවක් පවත්වන්න ඕන. මේ තත්ත්වය නිසා තමයි පහ වසර ශිෂ්‍යත්වය සමත් වන දරුවා ළිඳට පැනල දිවි නසා ගන්නේ.'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්