අධිකරණ පද්ධතිය තුළ විශ්වාසය නැතිවුණු විට මහජනතාව නීතිය අතට ගන්නවා

  👤  3448 readers have read this article !
2017-11-21

"දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනව වගේ තමන්ට හිමි නැති තනතුරක් ලැබුණාම නීතිපති පී්‍රතියෙන් පිනා යනවා. තමන්ගේ නීතිපති සිහිනය සැබෑ කරපු අයට කළගුණ සලකන්න පටන් ගන්නවා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"යුක්තිය ඉටුකිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. යුක්තිය විසඳපු බවත් පේන්න තිබිය යුතුයි. අධිකරණ පද්ධතිය තුළ විශ්වාසය නැතිවුණු විට තමයි මහජනතාව නීතිය අතට ගන්නේ"
"අද අධිකරණය පිළිබඳ විශ්වාසය ජනතාව අතුරින් අඩුවෙමින් පවතිනවා. නීතිපතිවරයා පත්කිරීම පිළිබඳ නිර්ණායක නැහැ. එසේ නිර්ණායක නැත්නම් සුදුසුකම් ඇති පුද්ගලයා ඒ තනතුරට පත්විය යුතුයි"

"මේ ආණ්ඩුව පත්වුණු සමයේ විධායක සභාව නමින් හංස සන්ධානයේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත සභාවක් තිබුණා. මේ සභාවට නීතිපති කැඳවලා නඩුවල ප්‍රගතිය අහනවා. ඉක්මන් කළ යුතු නඩු තියෙනවා. මේ සිද්ධියට කොහොමහරි ගෝඨාව අත්අඩංගුවට ගන්න, නැතිනම් අපට ආයෙත් එයාව අත්අඩංගුවට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියලා උපදෙස් දෙනවා. මම නොවේ මේක කියන්නේ හිටපු අධිකරණ ඇමැතිතුමා මේක කියන්නේ."
"අතීතයේ වගේ මේ ආණ්ඩුව මැරයන් භාවිත කරලා මේ ආණ්ඩුව විරුද්ධවාදීන් තළන්නේ නෑ. ඊට වඩා බොහොම දියුණුයි. නීතිපති, පොලිස්පති වගේ නිලධාරීන්ට යොදාගෙන තමයි විරුද්ධවාදීන් තළන්නේ"

"හිටපු අධිකරණ ඇමැතිතුමා, පක්ෂ භේදයෙන් තොරව නීති ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වූ අයෙක්. එතුමාට අධිකරණ ඇමැති ධුරයෙන් සමුගන්න වුණේ අධිකරණයට ඇඟිලි ගැසීම ප්‍රතික්ෂේප කළ නිසා කියලා එතුමාම කිව්වා. ඇමැතිකම තාවකාලිකයි. නීතිඥකම සදාකාලිකයි"

"අධිකරණ ඇමැති ධුරයට තලතා අතුකෝරල ඇමැතිතුමිය පත්කරන කොට අපි ඒ දිහා සැකයෙන් බැලුවේ. එතුමිය බරපතළ ලෙස අධිකරණයට ඇඟිලි ගසාවි කියා අපි හිතුවා. මේ දක්වා එතුමියට එල්ල කරන්න අපිට චෝදනාවක් නෑ." තලතා නීතිය තළයි" වගේ සිරස්තලයක් මාධ්‍ය තුළ දකින්නට නොලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

හම්බන්තොට
නව ආයෝජන කලාපයක්
ඇති කිරීමට ක්‍රියා කරනවා

'ඉන්දියාව ශීඝ්‍රයෙන් වර්ධනය වන වෙළෙඳපොළක්. එම වෙළෙඳපොළේ පවතින බාධා අපට ඉවත් කර ගත හැකි යැයි' ජාත්‍යන්තර වෙළෙඳ හා උපායමාර්ගික සංවර්ධන ඇමැති මලික් සමරවික්‍රම පැවැසීය.

'ඉන්දියාව සමඟ ඇති කරගන්නා ද්විපාර්ශ්වික ගිවිසුම වැදගත් වෙනවා. මේ වන විට ඍජු විදේශීය ආයෝජන වර්ධනය වෙලා තිබෙනවා.'
'අපි ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ආයෝජන මණ්ඩලය නව සැලැස්මක් සකස් කර තිබෙනවා' 'හම්බන්තොට නව ආයෝජන කලාපයක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. චීන මෙන්ම අනෙකුත් රටවල කම්හල්ද එම ආයෝජන කලාපයට ඇතුළත් වෙනවා.' 'අපි මේ වන විට නව ජාතික ආර්ථික ක්‍රමෝපායක් සකස් කරගෙන යනවා.'

හැකිනම්, නව මහාධිකරණයේදී
මහ බැංකු බැඳුම්කර නඩුව
විභාග කර පෙන්වන්න

අලුතින් පිහිටුවන ලද මහාධිකරණයේදී කෝප් කමිටු වාර්තාව පදනම් කරගෙන මහ බැංකු බැඳුම්කර වංචාව ගැන නඩුව අසා පෙන්වන්නැයි අධිකරණ ඇමැතිනියට අභියෝග කරනවා. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජවිපෙ) පැවැසීය.

ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අද සිටින්නේ විනිසුරුවරුන් එකොළොස් දෙනකු පමණයි.
මේ නිසා මූලික අයිතිවාසිකම් නඩු අසා නිම කිරීමට සෑහෙන කාලයක් ගතවෙනවා. මේ ප්‍රශ්නය විසඳීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා සංඛ්‍යාව වැඩිකරන්න. ව්‍යවස්ථා සංශෝධනයකින් එය සිදු කළ හැකියි. ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම පිණිස කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න. එවැන්නකට කාගේත් සහයෝගය ලැබෙයි.

කෝප් කමිටු වාර්තාව අවසන් වන විට ජනාධිපති කොමිසමක් පත් කළා. කොමිසමෙන් කරන්නේ වාර්තාවක් ජනපතිට ලබාදීමයි. ජනාධිපති එය අධිකරණයට යොමු කරයි. ඒ අනුව උසාවිය මුල සිට නඩු අහනවා. නඩුව ඉවර වෙනකොට තව අවුරුදු තුනක් විතර යයි. එතකොට ආණ්ඩුව ඉවරයි. වැරැදිකරුවන්ට දඬුවම් ලැබෙන්නෙ නැහැ.
ජනාධිපති කොමිසමේ වාර්තාව එනතුරු ඔබ පිහිටුවන ලද මහාධිකරණයේ බැඳුම්කර වංචාව කෝප් කමිටු වාර්තාව පදනම් කරගෙන නඩු අහන්න. නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලද කෝප් වාර්තාව පිළිබඳව ගත් ක්‍රියාමාර්ග මොනවාද?

පුළුවන්නම් නව මහාධිකරණයේදී මහ බැංකු බැඳුම්කර නඩුව අසා ජනතාවට පෙන්වන්නැයි අපි අධිකරණ ඇමැතිනියට අභියෝග කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්