මහ බැංකුව ගැන ඇමැති කෙනකු කතා කළේ භූමිතෙල් බීපු ගැර¾ඩියකු වගේ

  👤  3308 readers have read this article !
2017-11-20

'හෙරොයින් ගේන මහා ව්‍යාපාරිකයෝ මහා පරිමාණයෙන් ඒ ව්‍යාපාර කරගෙන යනවා. කන්ටේනර් පිටින් කුඩු වරායට ගෙන ආවා. අද ලංකාව කුඩු අලෙවි කරන මධ්‍යස්ථානය බවට පත්වෙලා' යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පැවැසීය.

අපි ඇමැතිවරු කිහිපදෙනකු සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. එක ඇමැතිවරයෙක් පොලිසියට ගේන්න පොලිස්පතිවරයාට පුළුවන් වුණාද'
'මහ බැංකු හොරාට දුරකතන ඇමැතුම් 62ක් දීපු ඇමැතිවරයෙක් භූමිතෙල් බීපු ගැර¾ඩියෙක් වගේ කතා කළා.'

'අද පොලිසියට ලබා දෙන්නේ තෙල් ලීටර් 200යි. තෙල් ලීටර් 200කින් පුළුවන්ද විශාල ප්‍රදේශයක අපරාධ මැඬපවත්වන්න.'
'එෆ්.සී.අයි.ඩී. එක ඇති කරලා පසුගිය රජයේ අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම මේ මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධවූ අය සම්බන්ධයෙනුත් නිසි පියවර ගන්න.'

'බැඳුම්කර කොමිසමට ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන දවසක් තමයි එන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අය වෙන වෙන දේවල් කතා කරනවා. ඇයි තමන්ගේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ මරණය ගැන කතා කරන්නෙ නැත්තේ. ප්‍රේමකීර්ති අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් වැනි අයගේ මරණ ගැනත් සොයන්න කියලා ඩීල් සහෝදරයන්ගෙන් ඉල්ලනවා.

පොලිස්පතිතුමනි, භාවනා කරලා පොලිසිය නිදි කරවන්නෙ නැතිව මේ කුඩු ජාවාරම මැඬපවත්වන්න කටයුතු කරන්න.

උතුරේ අධ්‍යාපන ඇමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීම හෝ නොපිළිගැනීම කෙසේ වෙතත් පිළිගත් හා නොපිළිගත් හැම දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් බවද එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තියේ උප ලේඛනයෙහි සඳහන් සිංහ කොඩිය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය බැවින් එයද පිළිගත යුතු බවද පෙන්වාදෙන මන්ත්‍රිවරයා මහජන නියෝජිතයන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දුන් පසු ඊට විරුද්ධව ක්‍රියා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද පැවැසීය.
කඩුවෙල අක්කගෙ නමට, පුතාගෙ නමට ගෙවල් ගත් මන්ත්‍රිවරයා කවුද? අප දන්නවා කොළඹ නතර වෙන්න තැනක් නොතිබ්බ අය අවුරුදු 2 1/2ක් යනකොට ගෙවල් ගත්තේ කොහොමද?

සියලු මන්ත්‍රිවරුන් චූදිතයන් සමඟ කළ ගනුදෙනු හෙළි කළ යුතුයි. නම් හෙළිදරව් වූ පසු යාළුවෙක්, සීයාගෙ තාත්තගෙ යාළුවෙක් ආදී කතා නොකියා දැන් වතගොත කියන්න.
මූල්‍ය වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවක් මහජන දේපළ කෝටි ගණන් යටිමඩි ගහන මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත නම් එහි මූලික කාර්යය ඉක්මවා තම සුඛවිහරණය සඳහා කටයුතු කරන බවයි.
කාලාන්තරයක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ආයතනයක් නම් මහ බැංකුවයි. මුදල් අමාත්‍යාංශය කාලයක් පුරා පැවැතියේ රාජ්‍ය නායකයා අතයි. තමුන්නාන්සේලා ගොඩනැඟූ ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් බෙදා ගැනීම සඳහා එකඟතාවකට ආවා. මුදල් අමාත්‍යාංශයට පැවැරිය යුතුව තිබූ මහ බැංකුව ඉතිහාසයේ පළමු වතාවට අගමැතිවරයා යටතට පවරා ගත්තා. ඇයි මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කර ගත්තේ?

මුදල් පනත සම්මත කරන විට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට පිටතින් යතැයි සිතා නැහැ. ජනපති මහ බැංකු අධිපති පත් වෙන විට මුදල් ඇමැතිවරයා විමසා සිදු කරන්නේ. මහ බැංකුව නැති මුදල් ඇමැතිවරයාත් මහ බැංකු අධිපතිවරයාත් මුදල් නෝට්ටුවේ අස්සන් කරන විකෘති ක්‍රමයක් ක්‍රියාත්මක වුණා.
ආන්දෝලනයට තුඩුදෙන ගනුදෙනුව සිදුවී ඇත්තේ පෙබරවාරි 27 වැනිදායි. මේ දූෂිත ගනුදෙනුව සඳහාම අමාත්‍යාංශ වෙන් කළා දැයි සැකයක් මතු වෙනවා. බැඳුම්කර විකිණීම සඳහා එතෙක් පැවැති ක්‍රමය වෙනස් කර වෙන්දේසි ක්‍රමයට යන්නයි තමා යෝජනා කළ බව අගමැති මේ සභාවේ ප්‍රකාශ කළා.

අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා කළේ නැහැ. අධිපති එතැන තබා ගනිමින්ම කටයුතු කිරීමට තමුන්නාන්සේලාට වුවමනාව තිබුණු බව පේනවා. කෝප් කමිටුවේදී මේ ගනුදෙනුව ආරක්ෂා කර ගැනීමට එ.ජා.ප. මන්ත්‍රි කණ්ඩායම දැඩි බලපෑමකින් ක්‍රියා කළා.

බැඳුම්කර වංචාවට අගමැති සෘජුවම වගකිව යුතුයි

මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැතිවරයා සෘජුව වගකිව යුතු බව කළුතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පෙරේදා (18දා) අවධාරණය කළේය.
"ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතට පවරා ගැනීමේ සිට දැනට හෙළිදරව් වී ඇති කරුණු ගැන බැලූ විට මේ වංචාවට වගකිව යුත්තේ අගමැතිවරයාමයි. ඔහුට ගැලවෙන්න බැහැ. අස්පනාපිට ඔප්පු වී ඉවරයි" යනුවෙන්ද මන්ත්‍රිවරයා පැවැසීය.

අගමැතිවරයා එම සිද්ධියට සෘජුව වගකිව යුතු බව කරුණු දහයක් මත ප්‍රකාශ කරන්නේ යැයි පැවැසූ මන්ත්‍රි නලින්ද ජයතිස්ස ඒවා එකිනෙක ඉදිරිපත් කළේය.
• කවදාවත් නැති විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තමා යටතට පත්කර ගත්තා සේ මුදල් අමාත්‍යාංශය යටතේ තිබිය යුතු මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කර ගැනීම.

• ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන සිංගප්පූරු පුද්ගලයකු කැබිනට් මණ්ඩලයේ විරෝධතා මැද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් කර ගැනීම.
• බැඳුම්කර ගනුදෙනුව ගැන විභාග කිරීම සඳහා කිසිදු බලයක් හෝ ආර්ථික දැනුමක් නොමැති සිරිකොතේ නීතිඥ මහත්වරු තුන්දෙනෙක් පත් කිරීම.
• කෝප් කමිටුවේ සාමාජිකයකු වූ එ.ජා.ප. මන්ත්‍රි එම්. වේලු කුමාර් හදිස්සියේ ඉවත් කොට බැඳුම්කරය ගැන "ඇත්ත නැත්ත" නමින් පොතක්ද ලියා තිබූ සුජීව සේරසිංහ කෝප් කමිටුවට පත් කිරීම.

• බැඳුම්කර ක්ෂණික මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළේ තමා බැව් අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවේදී ප්‍රකාශ කර තිබීම.
• මේ සිද්ධියට අගමැතිවරයා වගකිව යුතු බව කමිටුවේ සමහර මන්ත්‍රිවරුන්ගේ හැසිරීමෙන් පැහැදිලි වීම හා එම මන්ත්‍රි කණ්ඩායම එසේ හැසිරුණේ අගමැතිවරයාගේ වුවමනාවට බව පැහැදිලි වීම.

(කමිටු සාමාජිකයකු වූ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රිවරයා මීට පෙර අර්ජුන් ඇලෝසියස් ගැන දැන නොසිටියා වෙන්න පුළුවන්)
• කෝප් වාර්තාව සඳහා බලයක් නැති කරුණු එකතු කිරීම.
• සදාචාරය ගැන හෝ සිතා මහ බැංකු අධිපතිවරයා ඉවත් නොකර ඔහුගේ සේවා කාලය අවසන් වනතුරු සිටීම.
• කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කළ පසු එම වාර්තාවට විරුද්ධව එ.ජා.ප. භික්ෂු පෙරමුණේ නායක තිනියාවල පාලිත හිමි ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම.
• කරුණු හෙළිදරව් වී තිබියදී පවා ඊට අදාළ අයට එරෙහිව පියවර නොගැනීම එම කරුණු 10යි.
මහ බැංකුව තමා යටතට පවරා ගැනීමේ සිට දැනට හෙළිදරව් වන කරුණු ගැන බැලූ විට මෙයට වගකිව යුත්තේ අගැමැතිවරයාමයි. ඔහුට ගැලවෙන්න බෑ. මේක ඇස්පනාපිට ඔප්පු වී ඉවරයි යනුවෙන්ද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීවේය.

ඡන්දය
වෙනස් කිරීමට යනවාට
විරුද්ධයි

'විධායක ජනාධිපති ක්‍රමය තියාගෙන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට යනවට අපි විරුද්ධ යැයි' එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවැසීය.
ඇතැම් ඇමැතිවරු විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕන කියලා කියනවා. ඔවුන් ඡන්ද ක්‍රමය වෙනස් කළාම ඇති යැයි පවසනවා. අපි රටට පොරොන්දු වුණේ විධායක ජනාධිපති ක්‍රමයත් ඡන්ද ක්‍රමයත් යන දෙකම වෙනස් කරන බවටයි. විධායක ජනාධිපති ක්‍රමය ඇතුළේ ඡන්ද ක්‍රමයත් තිබෙනවා.
අපි එදා සෝභිත හාමුදුරුවෝ ඉදිරිපිටදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට එකඟතාව පළකරමින් ගිවිසුමක් අස්සන් කළා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒකට අස්සන් කළා. අපට ජනමතය ලැබුණෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි.'
මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්ක ඉඳගෙන අපේ නායකයන්ට ගහන්න ඉඩ දන්න බැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්