වැසුවත් නිරුවත අඩියක් පෙනෙනව විජාණණය ගැන කියන්න හිතෙනව

  👤  4517 readers have read this article !
2017-11-12

එක්තරා ගමක ආගමානුකූලව දහම් කටයුතුවල නියැළෙමින් දැහැමෙන් ජීවත් වූ උපාසක මහතෙක් විසීය. විවේකී අවස්ථාවල දී ආගම ගැන ලියැවුණු බණපොත් ආදිය පරිශීලනය කිරීම ඔහුගේ දින චර්යාවේ කොටසක් විය.

දිනක් ඔහු බණපොතක් කියවමින් සිටියදී තේරුම් ගැනීමට අපහසු වචනයක් නෙත ගැටුණේය. කොතෙක් කල්පනා කළත් ඔහුට එහි තේරුම වැටහුණේ නැත.
මේ පිළිබඳවම කල්පනා කරමින් එම වචනයම මුමුනමින් ඔහු ගම්මානයෙන් ගලායන ඇළ වෙත ගියේ ස්නානය කිරීමටයි. ගොවි මහතකුද වූ ඔහුගේ සාමාන්‍ය ඇඳුම වූයේ අමුඩයයි. අමුඩය උනා දැමූ ඔහු නිර්වස්ත්‍රව ඇළට බැස ස්නානය කිරීමට පටන් ගත්තේය.

මේ අතරතුර ඇළට හරහා ඇති පාලමෙන් ගමේ පන්සලේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වඩිනු දැක නොසන්සුන් වූ ඔහු වැල්ලේ අතපත ගාන විට අතට අසුවූ බේසමකින් විලි වසා ගෙන හාමුදුරුවන් අබියසට පිම්මේ දිව ගියේ අර බණ පදයේ තේරුම දැන ගැනීමටයි.
හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් කරුණක් දැන ගැනීමටයි මම මේ තකහනියේ දුවගෙන ආවෙ. තරහ අවසර හාමුදුරුවනේ. පරචිත්ත විඤ්ඤාණ ශක්තිය යනු කුමක්දැයි පිළිවිසීය.
උපාසක පරචිත්ත විඤ්ඤාණය යනු අනුන්ගේ සිත් කියවීමට ඇති ශක්තිය වේ, යැයි හිමි නම වදාළහ.
එසේ නම් ඔබවහන්සේට එම හැකියාව නැද්ද යනුවෙන් විමසුවේ එතුමන්ට අභියෝගයක් විලසිනි.

මටත් උපාසක සමහර වෙලාවට හැකියි, දෙසීය.
හරි එහෙනම් දැන් මගේ සිතේ තිබෙන්නේ කුමක්දැයි පිළිවිසීය. උපාසක දැන් ඔබ සිතා සිටින්නේ ඔබ ඔය නිරුවත වසා සිටින බේසමේ අඩියක් ඇතැයි සිතා නේ දැයි පිළිවිසීය.
උපාසකට වූ ලැජ්ජාව දරාගත නොහැකිව දුව ගොස් ඇළටම පැන රාත්‍රිය වෙන තුරු ගෙදර ආවේවත් මාස ගණනක් යන තුරු පන්සලටවත් නොගියේය.
අනුර සමරවීර, යක්කල.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්