ප්‍රේතවත්තු විමානයේ කියැවෙන ප්‍රේතයන් පිසාචයන් මෙන්න

  👤  4420 readers have read this article !
2017-11-12

අභිජ්ජමාන ප්‍රේත වත්තුවෙහි සඳහන් වන පරිදි ශරීරයේ භාගයක් ප්‍රේත වුණු ඉතිරි භාගෙ දේව වුණු අයකු ගැන දක්වයි. කෝලිය නමැති මහ ඇමැතියකුට හමුවුණු ප්‍රේතයෙක්, ඒ උඩ කොටස දෙවියකුගේ වගේ. යට කොටස නිරුවත් අශෝභනයි. පිළිකුල්. ඇමැතිවරයා ලවා කරනැවෑමි උපාසකයකුට දන් දී වස්ත්‍රද දුන්නාට පස්සේ නිරුවත් කොටසත් සම්පූර්ණ වුණා. විවිධ ආකාරයේ තවත් පෙරේතයන් රාශියක් ගැනද මෙහි විස්තර වෙනවා.

සානුවාසී ප්‍රේත වත්තුවෙන් පොට්ඨපාද රහතන් වහන්සේගේ මවත්, පියාත්, සහෝදරයාත් පව් වැඩ කරලා යම ලෝකෙ පෙරේතයන් වෙලා උපන් ආකාරය දක්වනවා. ඒ ප්‍රේතයන් පෙනී සිට ඇත්තේ සිරුරු නොදක්වායි. ඒ රහතුන් වහන්සේ ලවා දන් දී පින් අනුමෝදන් කරවා ඔවුන් සුවපත් වුණා.
භූස ප්‍රේත වත්තුව ප්‍රේතයෙක් හා ප්‍රේතියක් ගැන එකවර දැක්වුවක්. ප්‍රේතයා ගිනිගත් බොල් වී ඔළුවට විසුරුවා ගන්නවා. ආයිත් මුගුරකින් ඔළුවට ගහගෙන බිඳ ගන්නවා. පෙරේතිය තමන්ගේම මස් කඩාගෙන කනවා. ලේ බොනවා. ඒවට හේතු වශයෙන් මවට හිංසා කළ හොර වෙළෙන්දෙක් වීමත්, බොරු කියා මස් කාලා වංචා කිරීමත් දක්වා තියෙනවා.

සෙරිණී ප්‍රේත වත්තුව වර්තමාන කාලයේත් ඉඳහිට අහන්නට ලැබෙන කතාවක් වගේ එක් කතාවක්. කාටවත් කිසිම දෙයක් නොදී ලෝබකමින් ඉඳලා ධනය එක්රැස් කරල මිය ගිහින් ප්‍රේතියකව ඉපිද ඒ රැස් කළ ධනය තියෙන තැන හාමුදුරුනමකට කියල ඇගේ අම්මා ලවාම පළඟයට හංගා තිබුණු හාර ලක්ෂයක් ධනය එළියට අරගෙන ඒවායින් කොටසක් වියදම් කරලා දන් දෙන්න කියා ඉල්ලුවා. පස්සෙ ඒ ප්‍රේතිය සුවපත් වුණා. මවත් පෝෂණය වුණා.
මිගලුද්දක ප්‍රේත වත්තුවෙන් රෑට දෙවියෙක්ව දවල්ට ප්‍රේතව හිටිය අයෙක් ගැන දැක්වෙනවා. මුව වැද්දෙක්ම සිටිද්දී උපාසක යාළුවෙක් නිසා රෑ පමණක් මුව දඩයමින් මිදුණු නිසා රෑ දෙවියෙක්ව දවල්ට ප්‍රේතව දුක් විඳිනවා.

ඊළඟ කතාවෙන්ද එබඳුම මුව වැද්දෙක්ව ඉඳලා මළාට පස්සෙ රෑ දෙවි දවල් ප්‍රේතව ඉපදීමේ විස්තරයක් දැක්වෙනවා. රෑට රෑට පවින් වළක්වා ඇත්තේ (එහි) භික්ෂුවකි. සත්තු මරපු නිසා දවල්ට බල්ලෝ හපා කන්න එළවනවා. නිතරම සොහොනේ දුක් විඳිනවා.

ඇය ගෙන යන්නෙ අසූචි මල මුත්‍රාවලින් පිරුණු දුගඳ හමන සසංවක නිරයට. බඹ සීයක් ගැඹුරු ඒ නිරය ගැන කියනවා. යමපල්ලෝ වධ දෙන හැටිත් කියනවා. කපුටන් දාස් ගණනක් ඇවිත් මස් කඩ කඩා කන හැටි කියනවා. ඒව අහල අර දෙවි විමනට ගිහින් දාන්න බැරි නම් ආපහු මනුස්ස ලෝකෙටවත් ගිහින් දාන්න කියනවා. ඉස්සර වගේ නැතිව දන්දීමාදී පින්කම් කරනවා. සිල් රකිනවා ආදිය කියමින්, යමපල්ලෝ කියුවා දැන් ප්‍රමාද වැඩියි අඬලා වැලපිලා වැඩක් නෑ කියා.
එහෙම නම් මේ විපාක විඳලා චුතවෙලා ගිහින් මිනිස් ලෝකෙදි කුසල් කරන්නම් කිය කියා වැලපෙන බයෙන් වෙව්ලන රේවතිය කකුල් දෙකෙන් අල්ලලා හිස යටිකුරු කරලා නිරයට හෙළුවා. පෙර පව් සිහි කරමින් පසුතැවෙමින් දුක් විපාක විඳින්න වුණා.

බෝසතුන් බුද්ධත්වය ලැබූ මුල් කාලයේ බිම්බිසාර රජු දැකපු ප්‍රේත සමූහයක් ගැන සැල කළාට පස්සේ සාංඝික දාන දුන් පසු ඔවුන් ඒ ප්‍රේත භාවයෙන් මිදුණු ආකාරයත් එසේ එයාලා එහෙම බුද්ධාන්තරයක කාලයක් සාපිපාසාවෙන් පෙළී සිටියේ සාංඝික දානයට වෙන් කළ දේ හොරා කෑ නිසා බවත් ඒ රජුගේ නෑයන් පිරිසක් බවත් බුද්ධ චරිතය කියන විට දැක ගන්න ලැබෙනවා.

ප්‍රේත නම් වන අමනුස්ස වර්ගය තවත් විවිධ කොටස්වලට බෙදී ඇති ආකාරයක්ද ඇතැම් තැන්වල දක්නට ලැබෙනවා. ඒ පරද්තුපජීවී, නිජ්ජාමතණ්භික, බුප්පිපාසික, පංසු පිසාච ලෙසිනි. තවත් තැන්වල පිසාච යන වර්ගයන් අටපිසාච ලෝභානි වශයෙන් දක්වා තිබෙනවා. මෝරක්ඛං, පුථුකං, මලිනකං, චපලකං, සේලකං, අටකං, කල්ලකං, දාස ලෝභා විදියට මේ ප්‍රේත, පිසාච යනාදී පහත් තත්ත්වයේ අමනුස්සයන් පොදුවේ හඳුන්වන්නේ භූතයෝ නමින්. ඒත් බුදු දහමේ භූත යන වචනය හැම තැනම යෙදෙන්නේ සතර මහා භූත-පංච භූත ආදී වායෝ පඨවි, ආපෝ, තෝජෝ, ආකාශ යනාදියටයි. අමනුස්සයන් අති සූක්ෂ්ම (සියුම්) ධාතු කොටස්වලින් හැදෙන නිසා ඒ භූත යන්න යෙදුණා වන්න පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්