පෙම්වතා එක්ක හොරෙන් පැනලා ගිය දෝණියන්දෑව කාලි මෑණියන්ගෙ පිහිටෙන් ගෙනැල්ලා දුන්නු හැටි

  👤  1787 readers have read this article !
2017-10-08

සූනියම් දෙවියන්, ගම්බාර කබලෑ දෙවියන් ආදී යක්ෂ ආත්මයක ඉපිද පසුව දේවත්වය ලැබූ දෙවිවරුන්ට නිවෙස තුළ හෝ නිවෙස ඉදිරිපිට පහන් දැල්වීම නුසුදුසු යැයි විශ්වාසයක් පවතී. කාලි මෑණියන්ද යක්ෂ අවතාරයකින් මෙන්ම දේව රූපයෙන්ද පෙනී සිටින හෙයින් පහන් දැල්වීම සිදු කෙරෙනුයේ නිවෙසින් පිටතය. ඒ සඳහා පහන් පැල තනා ගත යුත්තේ නිවෙස ඉදිරිපිට නොව දකුණු පැත්තට වෙන්නටය.

කාලි මෑණියන්ට නිතිපතා පහන් තබන බැතිමතුනට කිසියම් අකටයුත්තක් සිදුවූවොත් ඒ වෙනුවෙන් ඇය ඉදිරිපත් වන්නීය. ඒ සඳහා ඇයට පැමිණිලි කරන්නට වඩාත් උචිත වන්නේ අවපක්ෂයේ අඟහරුවාදා දිනයකි. එවැනි දිනයක පොල් ගෙඩියක් මත කපුරු පෙත්තක් දල්වා තබාගෙන තමන්ට සිදුවූ අසාධාරණය මෑණියන්ට පවසා පසුපසට ගමන් කර පොල් ගෙඩිය ගලේ ගසා බිඳිය යුතුය. පොල් ගෙඩිය බිඳෙන ආකාරය අනුව සතුරාට දඬුවම් ලැබේ.

කාලි මෑණියන් වෙනුවෙන්ම පේවී නිවැරැදිව මන්ත්‍ර ජප කරමින් දිනපතාම උදේ හවස වතාවත් සිදුකරන දේවාලවල කපු මහත්වරුන්ට කාලි මෑණියන්ගෙන් වරම් ලැබේ.

ශුද්ධ වූ ස්ථානයක දේවාලයක් ඉදිකර අවංකව, භක්තියෙන්, නිවැරැදිව ඒ කටයුතු සිදු කරන්නේ නම් මෑණියන්ගේ බැල්ම එම දේවාලයට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.

මුන්නේශ්වරම අයියනායක කෝවිල් පාරේ පිහිටා තිබෙන

ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් දේවාලයද එවැනි අනුහස් සහිත පූජනීය ස්ථානයකි. වසර 35කට අධික කාලයක් ශ්‍රී භද්‍රකාලි මහා දේවාලයේ කටයුතු කර කාලි මෑණියන්ගෙන් වරම් ලබා සිටින මහේන්ද්‍රසාමි අද ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් දේවාලයේ ප්‍රධාන පූජකවරයාය. තම දුක් ගැනවිලි මෑණියන්ට කියා යහපත උදාකර ගන්නට එන සියලු බැතිමතුන්ට මහේන්ද්‍රසාමි පිහිට වන්නේ කාලිගේ අනුහසෙනි. දිනෙන් දින බැතිමතුන් පිහිට පතා ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කාලි කෝවිල වෙත පැමිණෙන්නේ ඒ නිසාවෙනි.

"මෑණියන්ගේ පිහිටෙන් ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට එන සියලු බැතිමතුන්ට යහපත උදා කරන්න මට පුළුවන් වී තිබෙනවා. ඒ නිසයි පිහිට පතාගෙන කෝවිලට එන බැතිමතුන් ගණන දවසෙන් දවස වැඩිවී තිබෙන්නේ. හැබැයි තමන් අත වැරැදි, ‍ෙදාස් තියාගෙන ඇවිත් මෑණියන් ඉදිරියේ බොරු කියන අයට නම් කිසිම පිහිටක් ලැබෙන්නේ නැහැ."

"මාසයකට කලින් අනුරාධපුරය පැත්තේ හතර දෙනෙක් කෝවිලට ආවේ දුක් ගැනවිල්ලක් අරගෙනයි. ඔවුන්ගේ දියණියක් අතුරුදන් වී තිබුණා. හොයලා බලන කොට ඇය තරුණයකු සමඟ ගෙදරට හොරෙන් පැන ගිහින්. මේ දුව කොහොම හරි ගෙන්වා ගන්නයි මේ අයට ඕනෑ වුණේ. මම මෑණියන්ට මේ අයගේ කන්නලව්ව ඉදිරිපත් කරලා පූජාවල් ඉටු කළා. සති තුනක් ඇතුළත ගෑනු ළමයා ගෙදර ඒවි කියලා මම ඒ අයව සැනසුවා. සියලු වතාවත්වලින් පසු බාරයක් වෙලා ඒ අය ගියා.

සති තුනක් යන්න කලින් කෝවිලට ඒ අය ආවේ ගෙදරින් පැනගිය අර ගෑනු දරුවත් එක්කයි. "අනේ සාමි ඔබතුමන්ට පින්. බාරහාර ඔප්පු කරලා එදා අපි කෝවිලෙන් ගිහින් දවස් දෙකයි ගත වුණේ. මේ ළමයා පදවිය පැත්තේ ඉන්නවා කියලා අපිට හෝඩුවාවක් ලැබුණා. අපි ඒ ඔස්සේ හොයාගෙන යනකොට තමයි දුව මුණගැහුණේ. එයාට එහේ ඉන්න බෑ කියලා අපි එක්ක ආවා. මෑණියන්ට වුණු බාරය ඔප්පු කරන්නයි අද කෝවිලට ආවේ" ආපු කට්ටිය මට කිව්වා, බාරය ඔප්පු කළාට පස්සේ ඉඩ ලැබුණු සෑම වෙලාවකම කෝවිලට එනවා කියලා ඒ අය ගියා". මහේන්ද්‍රසාමි කීවේ සැහැල්ලු සිතිනි.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්