ඒකීය රාජ්‍යය පැවැතිය යුතුයි එහි නම ඉංග්‍රීසියෙන් එකක් : දෙමළෙන් එකක් බෑ

  👤  5127 readers have read this article !
2017-09-22

හැම දේශපාලන පක්ෂයක්ම ඉදිරිපත් කළ සන්දේශ හා අගමැති ඉදිරිපත් කළ කරුණු අතර විශාල මතගැටුම් තිබෙනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

ජනතාව කියන්නේ එන්. ජී. ඕ. කාරයෝ නෙවි. ජනතාව කියන්නේ ජනතාවයි. ඒකීය රාජ්‍ය පැවැතිය යුතුයි. එහි නම ඉංග්‍රීසියෙන් එකක්, දෙමළෙන් එකක් වියයුතු නැහැ. එවැනි කරුණු ගණනාවක් මෙහි ඇතුළත් වෙනවා.

මම මන්ත්‍රිවරු 54ක් නියෝජනය කරන කණ්ඩායමක නායකයා. මට කතාකරන්න ඉඩ දෙන්න. බාධා කරන්න එපා.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද ක්‍රමය අද මරලා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ගැන මෙතන කතා කරනවා. ඡන්ද අයිතිය නැවත පීල්ලට අරගෙන නිවැරැදි කිරීමට කටයුතු කරන අපි 54 දෙනාගේ හිස ගසාදැමීම ගැන අපි කනගාටු වෙනවා.

අපිට හිමි අයිතිවාසිකම් නොමැති පාර්ලිමේන්තුවකට අපි සහභාගි වෙනවා. අනුකමිටු හයක් පත් කළා. ඒ කමිටුවල අපේ සියලු අදහස් කපාහැරියා. මේක එක පක්ෂයක, ඒකාධිකාරී ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් විදියට කරන්න දෙන්න බැහැ.
සම්බුද්ධ ශාසනය මරන්න හදන එකට අපි කිසිසේත්ම ඉඩතියන්නෙ නැහැ.

කතානායක : මන්ත්‍රිතුමා අවසන් කරන්න.
දිනේෂ් ගුණවර්ධන : කතානායකතුමා, ඔබතුමා හැමදාම මට බාධා කරනවා. කතා කරන්න ඉඩදෙන්නෙ නැහැ.
දයාසිරි ජයසේකර : සභාව නොමඟ යවන කතා කරනවා.
රවි කරුණානායක : මේ වාර්තාවේ ඔය කියන දේවල් නැහැ.
කතානායක : මන්ත්‍රිතුමා දැන් ඇති. අවසන් කරන්න.

දිනේෂ් ගුණවර්ධන : මම අවසන් කරන්න හදන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපට හිමි අයිතිවාසිකම් ආරක්ෂා කරන්න හැදුවත්, ඊට ඉඩ නොදෙන බව රටේ ජනතාව දැනගන්න ඕන.

විධායක
ජනාධිපති ධුරයෙන්
රටට
මහා විනාශයක්
සිදු වුණා

ව්‍යවස්ථාව ගැන අපට තිබෙන්නේ වෙනත් ස්ථාවරයක්. සමාජ ආර්ථික ප්‍රතිපත්තියෙන් එහා යන නීතිමය රැකවරණයක් ලැබෙන්නේ නැහැ. එය වත්මන් සමාජ ආර්ථික ප්‍රතිපත්තිය මේ ව්‍යවස්ථාව වෙනවා. මේ සමාජ ආර්ථික ප්‍රතිපත්තිය පිළිනොගන්නාසේම මේ ව්‍යවස්ථා ලියැවිල්ලද පිළිගන්නේ නැහැ.
විධායක ජනාධිපති ධුරය මඟින් තනි පුද්ගලයකු මත බලය ඒකරාශි කිරීමෙන් මහා විනාශයක් පසුගිය කාලෙ සිදුවුණා. විධායක ජනාධිපති ධුරය යන මෙවලම යොදාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමටයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ව්‍යවස්ථාවෙන්ම සිදුවිය යුතුයි. අප රට බහුජාතික රාජ්‍යයක්. එබැවින් හැම ජාතියකම අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුයි. ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය රැකිය යුතුයි. කිසිවෙක් ජාතිවාදී කෝණයෙන් මේ කාර්යයට සම්බන්ධ නොවිය යුතු අතර එම කෝණයෙන් ව්‍යවස්ථාව විවේචනය නොකළ යුතු බවත් අප විශ්වාසයයි.

ශ්‍රී ලංකාව එක්සත්, නොබෙදුණු හා
බෙදිය නොහැකි රටක්
වශයෙන් පැවැතිය යුතුයි

අප රටේ උත්තරීතර නීතිය සම්පාදනයටයි අප සූදානම් වී සිටින්නේ. මේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පසු පිළිගත හැකි සාධාරණ එකඟතාවකට පැමිණ අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත හැකියි.
එක්සත් නොබෙඳුණු බෙදිය නොහැකි රටක් වශයෙන් පැවැතිය යුතුයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ප්‍රකට විය යුතුයි. හැමදෙනාගේම අරමුණ, අවශ්‍යතාව එයයි.
විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ එකඟතාව ඇතිව කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වුණේ නැහැ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමයි මෙතෙක් එය නිර්මාණය කළේ. මෙය අපට ලැබුණු ප්‍රථම අවස්ථාවයි. ශ්‍රී ලාංකික ජාතියට අයත් ශ්‍රී ලංකා අනන්‍යතාවට අයිති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් විය යුතුයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්