චැනල් කරන වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන්, නීතිඥවරුන් කෝටි ගණනින් උපයන මුදලටත් බදු අය විය යුතුයි

  👤  3867 readers have read this article !
2017-09-08

"වයස අවුරුදු දහ අටේ සිට ඉහළට සෑම අයකු සඳහාම මේ පනත යටතේ බදු ලිපිගොනුවක් ඇති කෙරෙන බවත් බදු ගෙවීම් සඳහා ආදායම නැති අයට (ආදායමක් නැත) යනුවෙන් සඳහන් කළ හැකි බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර දේශීය ආදායම් පනත ඉදිරිපත් කරමින් පැවැසීය.
"රටේ ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍යව ඇති මොහොතක මේ බදු සංශෝධන ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්.

"මේ පනත අපි ඉතා හොඳින් අධ්‍යයනය කරලා, සංශෝධන එකසිය ගණනක්, ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ සංශෝධනත් අපි සාකච්ඡා කරල මේ පනත සම්මත කරමු.

"සෘජු බදු ආදායම ඉතා පහළ
මට්ටමක පැවතීම නිසා වක්‍රබදු ඉතාමත් ඉහළ ගොස් තිබෙනවා. ඒක ඉතාමත් අවාසනාවන්ත, කනගාටුදායක තත්ත්වයක්. අපේ මුළු ආදායමෙන් සියයට 82ක පමණ වක්‍ර බදු ආදායම පවතිනවා. කලාපයේ සෘජු බදු අයකිරීම අතින් අපේ රට අන්තිම ස්ථානයේ ඉන්නේ.
මේ රටේ සමස්ත ආදායමෙන් දුප්පත්ම සියයට විස්සට හිමි වෙන්නේ සියයට 4.2ක ආදායමක්.
ටියුෂන් ගුරුවරු කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි උපයනවා. චැනල් සේවයෙන් කොයිතරම් මුදලක් උපයනවද කියලා හරියට කියන්න දන්නෙ නැහැ. නීතිඥවරුන් විශාල ආදායමක් ලබනවා.

පොහොසත්ම අයත් දුප්පත්ම අයත් භාණ්ඩ මිලදී ගැනීමේදී එක හා සමානවයි මුදල් ගෙවන්නේ.
පහළ ආදායම් ලාභීන්ගේ ඉතා ඉහළ බදු බරක් පවතිනවා. මේ නව පනත ගෙන ඒමෙන් පසු, සෘජු හා වක්‍ර බදුවල ඇති අනුපාතය වෙනස් කෙරෙනවා.
බදු ලිපිගොනු තිබෙන අයත්,

දූෂණය හෝ වෙනත් හේතු නිසා නිසි අයුරින් බදු ගෙවන්නේ නැහැ. ආදායම් බදු ගෙවන අය අතුරින් සියයට 59ක් පමණ බදු ගෙවනු ලැබුවත්, එම බදු අයකිරීමේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි."

දුප්පතුන්ට බදු ගහන්න එපා:
ආර්ථික කළමනාකරණ කමිටුව විසුරුවා
මුදල් සොයා ගන්න

"ආණ්ඩුවේ දෙන්නෙක් තුන්දෙනෙක් බිලියන තුන්සීයක් හොරකම් කරල තියෙනවා. ඒ හොරුටික අල්ල ගන්න. මුදල් ඇමැතිතුමා අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගහන්න යන්න එපා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.
මුදල් ඇමැතිතුමා මේ පනත ගේන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගන්න බිලියන තුන්සීයයක් හොයා ගන්න. මම ඔබතුමාට බිලියන තුන්සියය හොයා ගන්න ක්‍රමය කියන්නම්. අගමැතිතුමා යටතේ තිබෙන ආර්ථික කළමනාකරණ කමිටුව විසුරුවන්න. එතකොට ඒ මුදල සොයාගන්න පුළුවන්.

"ආණ්ඩුව පැන්ෂන් එකටත් බදු ගහනවා. ඒ විතරක් නෙවි, එල්. එන්. පී. ගිවිසුමක් ගහන්න යනවා. ජපානයත්, ඉන්දියාවත් එක්ක මේ එල්. එන්්. පී. ගිවිසුම අස්සන් කරන්න යන්නේ. එල්. එන්. පී. අවශ්‍යයි. ඒත් ඒ සඳහා මේ වෙලාව නෙවි. එල්. එන්. පී. ගිවිසුම ගැහුවොත් මේ රටම හාන්සියි. මේ රටම හාන්සියි."

හුස්ම ගන්නා හැම දෙනාටම
බදු ගෙවීමට සිදු වෙනවා

"මේ පනත හුස්ම ගන්න හැම කෙනාටම බදු ගෙවීමට සිදු වන පනතක්" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.
"ජනතාවට මුහුණපාන්න සිදුවන හානිය වැළැක්වීම සඳහා සංශෝධන 16ක් අපි ඉදිරිපත් කර තිබෙනවා.
මේ පනත ඝානාවලට ලෝක බැංකුව හැදුවෙ. මේක පරිවර්තනය කළේ ඔබතුමන්ල. ඝානාවලට හදපු මේ පනතේ මේ රටට නොගැළපෙන ඒව ඔබතුමාල ඉවත් කිරීම ගැන අපි සතුටු වනවා.

ඔබතුමාල සුපිරි මන්දිර බද්ද, කැසිනෝ බද්ද අයවැයෙන් පැනවූවා. නමුත් ඒ බදු ක්‍රියාත්මක වුණේ නෑ. සාමාන්‍ය රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ වැඩ කරන අයට බදුවලින් සහනයක් වුණේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ හුස්ම ගන්න සෑම කෙනකුටම බලපාන පදනම යටතේ මේ පනත හදල තියෙනවා කියල.
මේ පනතේ නිදහස් කිරීම් යටතේ ජනාධිපතිතුමාගේ වැටුපත් බද්දෙන් නිදහස් කරල තියෙනවා. ඒක මේ පනතෙ පළමුවන නිදහස් කිරීම හැටියට සඳහන් කර තිබෙනවා.
පුණ්‍යායතන, යම් යම් ආදායම් නොලබන ආයතන, පන්සලට ලැබෙන ආදායම, පන්සලේ නායක හාමුදුරුවන්ට ලැබෙන ආදායමක් ලෙස සලකා බදු ගහනවා.

ඔබතුමාලගෙ පදනම සියලු දෙනාම බදු ගෙවිය යුතුයි කියන එක. ගමේ පාරක තිබෙන මිත්‍රශීලී සමිති සමාගමක් යටතට පත් කිරීම මේ පනත, යටතේ සිදු කෙරෙනවා.
එක සමාන වත්කම් දෙකක් තිබෙනවා නම් දෙවැනි වත්කම ඔබතුමන්ල මේ පනත යටතේ සලකන්නේ ආයෝජනයක් හැටියට. ඒ වත්කමට ඔබතුමන්ල බදු ගහන්නේ ආයෝජනයක් හැටියට. ඒක සාධාරණද?"

පුණ්‍ය ආයතනවලින් බදු ගැනීමේ
ප්‍රතිපාදන පනතේ නැහැ

"රජයේ ආදායම පහළ බසිද්දී වියදම ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා බදු ආදායම ඉහළ නැංවිය යුතුයි. මේ නව පනතින් බදු රැස්කිරීම
කාර්යක්ෂම වනවා. බදු ගණනය කිරීම සරල කෙරෙන මූලාශ්‍ර හතරකට බෙදා තිබෙනවා.
අසාධාරණ අසමතුලිතතා නැති කිරීමට නීති සකස් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා.

මේ පනත යටතේ ස්වර්ණාභරණ සහ මැණික් සඳහාත් සහන සැලසෙනවා. මේ පනත යටතේ පැරැණි පනත හා සංසන්දනය කිරීමේදී බදු ආදායම වැඩි කර ගැනීමට හැකි වෙනවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්