සූර්යබල සංග්‍රාමය

  👤  4437 readers have read this article !
2017-07-27

මාවිල්ආරු සොරොව්ව වහන්න අණ දුන්නේ එල්. ටී. ටී. ඊ.යේ සොරණම්ය. ඒක මොනතරම් අඳබාල තීරණයක්ද කියා සඳහන් වෙලා තියෙන්නේ නර්මි ද සිල්වාගේ 'කොටි දියණියකගේ පාපෝච්චාරණය' පොතේය.

'එල්. ටී. ටී. ඊ. ය තීරණාත්මක පරාජයකට අත වනන්නේ සොරණම්ගේ තකතීරු තීරණය නිසාය. පරාජය දැක දැක දිව යන සොරණම් ජීවිතයේ කවදාවත් ටැප් එකක්වත් වසන්නට ප්‍රාර්ථනා නොකරනු ඇත'

එක් මිනිසකුගේ අඳබාල තීරණයක් දිගුකාලීන අපේක්ෂාවන් රැසක් සුනුවිසුනු කරන්නට බැරිකමක් නැත.
2002දී රනිල්ගේ ආණ්ඩුවේ හුස්ම හිරවුණේ රනිල්ටත් හොරෙන්ය. සමහරු කීවේ 'රට පාවා දෙන්න ගිය නිසා' ඒ ආණ්ඩුව පෙරළුණා කියලාය. හැබැයි ඒ ආණ්ඩුව ගැලවිලා යන්න බලපාපු සංවේදීම හේතු තිබ්බේ ඊට මෙහාය.

ඒ වෙන කිසිවක් නොව සතොසට වෙච්ච විනාශය ය. ජෙවිපි එකයි, පොදු පෙරමුණයි දෙකම එකතු වෙලා ඒ දවස්වල ආණ්ඩුවට පළු හැලෙන්න ගැහුවේ සතොස අල්ලාගෙනය. එක්තරා රූපවාහිනී ආයතනයක තිබූ දේශපාලන සංවාදයකට ආව රවී එදා ජේ.වී.පී. එකේ සුනිල් හඳුන්නෙත්තිගේ 'තර්ක' ඉදිරියේ කිච වෙලා ගියේය. කරුණු කාරණා ඔප්පු කරමින් හඳුන්නෙත්ති ගොඩනැඟූ තර්කවලට එරෙහිව අලගු තියන්නටවත් 'රවීට' බැරි විය.
'මේ ආණ්ඩුව සතොස කෑවා' කියලා ඒ දවස්වල මිනිස්සු ආණ්ඩුවට කුණු බැනුුම් බනින්නට විය. බේරෙන්නට හදාගන්නා 'තුට්ටු දෙකේ තර්කත් යථාර්ථයත් මොනතරම් වෙනස්ද කියා තේරෙන්නේ ඒ දවස්වල මේ 'කළු පැල්ලම" වහන්න රවීලා ගත්ත විහිළු වෑයම දකින විටය. අන්තිමට වුණේ අමාරුවෙන් ගත්ත ආණ්ඩුව අවුරුදු දෙකෙන් ගෙදර යන එකය.

'ඒ දවස්වල මිනිස්සු ආණ්ඩුවට බලු බැනුම් බැන්නේ සතොසත් කෑවා කියලා. ඒ විතරක් නෙවේ ඉන්දියන් ආධාර යටතේ හම්බ වෙච්ච ටකරන් ටිකත් ගසා කෑවා කියලයි මිනිස්සු කීවේ.

මෙහෙම කියන්නේ ඒ දවස්වල ඒ ආණ්ඩුව හදන්න කට්ට කෑව මිනිස්සුය. ඒ දවස්වල යූ. ඇම්. පී. ආණ්ඩුව පෙරළුණාම මිනිස්සු කීවේ 'රවී අපලය' පල දුන්නා කියලාය. තවත් සමහරු කීවේ ඒ ආණ්ඩුව පෙරළන්න ජේ. වි. පී. එකේ විමල්ට උදවු වුණේ ආණ්ඩුවේම හිටිය 'රවී' කියලාය. තවත් අය කීවේ රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවන්න නොපෙනෙන හස්තය 'රවී' කියලාය.

කොහොම හරි ඒ ආණ්ඩුව පෙරළුණේය. වසර ගාණක් තිස්සේ විපක්ෂයට වී සිටිය යූ. ඇම්. පී. කාරයන්ට ඉතිරි වුණේ අපේක්ෂා භංග වූ අනාගතය විතරක්ය. 'කටු අත්තේ මල් පූදිනතුරු' ඉන්න යැයි නායකයෝ කීව කතන්දර හැරුණුකොට ඔවුන්ට ඉතිරි වෙච්ච දෙයක් නැති විය. පක්ෂය තිත්ත වෙච්ච යූ. ඇම්. පී. 'තනි අලි' පක්ෂය හැරදමා ගියහ. ඊළඟට පාරම්පරික යූ. ඇම්. පී. කාරයන් පවා බුරුතු පිටින් මහින්ද වෙත නැඹුරු විය. හැමදාම සීයට 40ට කිට්ටුව තිබ්බ ඡන්ද මල්ල සීයට විසි ගණනට අඩු විය. පක්ෂය ඉතිහාසයේ දරුණුම සෝදාපාළුවට ලක් විය.

'ඒ වුණාට අපි, මහින්දගේ ආණ්ඩුව ගෙදර යැව්වනේ'
සමහරු කියන්නේ උජාරුවෙන්ය. හැබැයි සිද්ධ වුණේ කෘත්‍රිම පෙරළියක් බව එදාට වඩා හිතෙන්නේත් පෙනෙන්නේත් දැන්ය.
යහපාලනය ආව ගමන් පත් කළ ආණ්ඩුවේ ලොකුම චෝදනාව ආවේ 'රවී'ටය. දණ ගැස්සූ ආර්ථිකය හරිගස්සනවා කියා ඔහු වැඩට බැස්ස අතර දින සීය තුළ ඉතිරි වුණේ 'දණ ගසා තිබූ රට හාන්සි වෙන එක විතරයි' කියා කීවේ මිනිස්සුය. ඒ දවස්වල කුප්‍රකට කරුංකා චෝදනාවක් ආවේ කාටද කියා මිනිස්සු නොදන්නවා නොවේ.
'ආණ්ඩුව පෙරළන්න අපි මහන්සි වෙන්න ඕන නෑ. රවී ඒ වැඩේ කරලා දෙනවා'
ඒ දවස්වල, වරක් මහින්ද මාධ්‍යවේදීන් එක්ක කීවේය.

දින සීයෙන් පස්සෙත් අලුත් යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති රවී විය.
බොහෝ ඇමැතිවරු පවා රවී එපා කියා කීහ. ජනාධිපතිවරයා පවා හිටියේ ඊට කිට්ටු මතයක ය. හැබැයි 'රට හදන්න පුළුවන් රවීගේ ආර්ථික විද්‍යාවට පමණක් බව' රනිල් ඇදහුවේය.

'අගමැතිතුමනි, මේ කතාව කියන්නම ඕන. ආණ්ඩුවේ ජනප්‍රියත්වය සීයට හතළිහකින් අඩුවෙලා'
මෙහෙම කියන්නේ මේ ආණ්ඩුව හදන්න පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද තිනියාවල පාලිත හාමුදුරුවෝය. එහෙම කියන්නේ රනිල් පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු 40ක් පිරෙන උත්සවයේදීය. ආණ්ඩුවට අවාසි වෙන දෙයක් තිනියාවල හාමුදුරුවෝ කොහෙත්ම කියන්නේ නැත. තියෙන අවදානම එහෙම පිටින්ම කියන්නට හාමුදුරුවෝ හිතයි කියා අපේක්ෂා කරන්නට බැරිය. එහෙම බැලුවම තව සීයට තිහක් එකතු කළොත් ආණ්ඩුව සීයට හැත්තෑවකින් එපා වෙලාය. සැබෑවත් ඕකය.

පාරක් පාරක් ගාණේ, ගෙයක් ගෙයක් ගාණේ, ගමක් ගමක් ගාණේ මිනිස්සු ඉන්නේ අපේක්ෂා භංග වෙලාය. ත්‍රීවීලරයකට නැග්ගොත් අසන්නට වෙන්නෙ ආණ්ඩුවට බැනුම්ය. බස් එකකට නැග්ගොත් තියෙන්නේ ආණ්ඩුවට අවලාදය.

රටිනුයි, ආණ්ඩුවෙනුයි දෙකෙන්ම ආව අප්‍රසාදය ඔඩු දුවනකොට, කැබිනට් සංශෝධනයක් ගෙනත් මුදල් ඇමැතිකම වෙනස් කළේය. අන්තිමට වුණේ හැමදාම මුදල් ඇමැති ධුරයට අයත්ව තිබූ ආයතන රැසක් විදෙස් කටයුතුවලට එකතු වීමය. ඒ විදෙස් කටයුතු ඇමැති 'රවී' වූ නිසා බව කියන්නේ ආණ්ඩුවේම ඇමැතිවරුය.
එතකොට ආණ්ඩුව යන්නේ රවීට ඕන විදිහටද?

ඒක දන්නේ ආණ්ඩුවේ ලොක්කෝය.
සමහරු කියන්නේ ආණ්ඩුව රවීට බය වෙලා කියලාය. ඒ තරම් බලයක් රවීට ලැබුණේ කොහොමද කියා දන්නේ ආණ්ඩුවේම ලොක්කෝ විතරය.
දැන් ආපහු 'රවී' නිසා ආණ්ඩුවම හෙල්ලිලාය.

'රවී කරුණානායක මහතා ඉන්න සුපිරි නිවෙස.... ඩොලර් 10,000යි. ඒකට ගෙව්වේ අර්ජුන් ඇලෝසියස් බව මා එදා කිව්වා. බොරු කියන්න එපා නඩු දානවා කියලා රවී කරුණානායක මහතා මට බැන්නා. එදා මා කියූ දේ ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළිවී තිබෙනවා. මාස දෙකකට පසු මා ඔප්පුව සභාගත කළා.
පාර්ලිමේන්තුවේදී මෙහෙම කීවේ මහින්දානන්ද අලුත්ගමගේය.

මේ දවස්වල සමාජ ජාල හෙල්ලිලා තියෙන්නේ 'රවී'ගේ ගෙවල් හුටපටයෙන්ය. මහ බැංකු බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට දෙවැනි වරටද සිතාසි යවා තිබුණත් එහි පෙනී සිටින්නේ නැත. ඇමැති රවීට එල්ල වූ චෝදනාව තමාට එල්ල වුණා නම් ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන බව කියන්නේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකය. ඒ එක්කම අජිත් පී. පෙරේරා සිය මුහුණු පොතේ 'අමුතු හින්ට්' එකක් පාස් කොට තියෙන්නේ 'සූර්යබල සංග්‍රාමය' කියන දැන්වීම රවීගේ ෆේස්බුක් ගිණුමට මෙන්ෂන් කරලාය.

'ගිය ආණ්ඩුව සමයේ කොල්ල කෑ අය විපක්‍ෂයේ සිටියදී තමන් වැනි ඇමැතිවරුන් මෙවන් කොමිෂන් සභාවලට කැඳවීමෙන් පෙනෙන්නේ රජයේ විනිවිදභාවය' කියා රවී පාර්ලිමේන්තුවේදී කීවේය. හැබැයි මහින්දගේ ආණ්ඩුව කාලයේත් සමහර ඇමැතිවරුන්ට අපරාධ පරීක්‍ෂණ කොමිසමෙන් කැඳවීම් කළ අතර එහෙම නොගිය අයට 'කුඩු වෙන්න ගැහුවේද 'රවී'ලාමය. හැබැයි අද මේ ආණ්ඩුවේ විනිවිද බව ගැන කියන රවීලා එදා මහින්ද ආණ්ඩුවෙන්ද එහෙම වෙච්ච බව අමතක කරනවාය.
මේ ආණ්ඩුවට ආව ලොකුම චෝදනාව මහ බැංකු කොල්ලය ය. ආණ්ඩුව පිරිහිච්ච ප්‍රමාණයෙන් සීයට අසූවක් හේතු වන්නේ ඒ චෝදනාවටය. ආණ්ඩුවේ කිරි කළය දැන් ගොමවලින් නෑවිලාය. එහි දැන් කිරි සොයන්නට නැත. තියෙන්නේ ගොම විතරක්ය.

ජපානයේ හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය අකිරා අමාරි වහාම ඉල්ලා අස්වුණේ මූල්‍ය අක්‍රමිකතාවන් ගැන එල්ල වූ චෝදනා නිසාය. ජර්මනියේ හිටපු ජනපති ක්‍රිස්ටියන් වුල්ෆ් ඉල්ලා අස්වුණේ මූල්‍ය වංචා අක්‍රමිකතා චෝදනා නිසාය. හිටපු ආරක්ෂක ඇමැතිනිය සිල්වියා ගෝලාර්ඩ් ඉල්ලා අස්වෙන්නේ මූල්‍ය වංචා අක්‍රමිකතා චෝදනා නිසාය.
ඊපචදඵනචපඥදජර ධ්දබඥපදචබඪධදචත අලුත්ම වාර්තාව අනුව යහපාලන ආණ්ඩුව ලෝකයේ දූෂිතම රටවල් ශේ‍ර්ණිගත කිරීමේදී 95 වැනි ස්ථානයට වැටිලාය. දූෂිත යැයි සමහරු දිවා රෑ ජප කරන මහින්ද රාජපක්ෂ යුගයේ සිටියේ 85 වැනි ස්ථානයේය. මේ අවුරුදු දෙකට රටවල් 10කින් පහළට වැටිලාය. වාර්තාවට අනුව අපි ඉන්නේ ජැමෙයිකාවටත් පහළින්ය. 2017 වසරේදී ශ්‍රී ලංකාව 100 ඉක්මවා ගිය දූෂිතම රාජ්‍යයට හිමි ස්ථානයට හිමිකම් කියනු ඇති බව කියන්නේ සමීක්‍ෂකයෝය.
'මේ හොරකම් කරන හැටියට දූෂිතම රට මේක වෙනවට සැක නෑ'

එහෙම කියන්නේ සාමාන්‍ය ජනතාවය.
මේ මොහොත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියාගෙන ආණ්ඩුවේ ඉන්නා ඇමැතිවරු තීරණය ගත යුතුම වෙලාවය. ඇවිත් තියෙන්නේ අන්තිම කෝච්චිය ය.
'මේ ආණ්ඩුව මෙහෙමවත් තියෙන්නේ ජනාධිපති හින්දා. එයා තීරණයක් ගත්තොත් මේ ආණ්ඩුව ඉවරයි. මේ ආණ්ඩුව ඡන්දෙකට ගියොත් ඒක පරද්දන්න ස්වාධීන කණ්ඩායමකට වුණත් පුළුවන්.

ආණ්ඩුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නිමා වී එන අතරේ හිතවත් මාධ්‍යවේදියෙක් එහෙම කීවේය. පුදුමය වෙන්නේ ඔහු ආණ්ඩුව ගෙන එන්නට දිවා රෑ වෙහෙසුණු මාධ්‍යවේදියෙක් වීමය. එහෙව් මාධ්‍යවේදියාටත් ආණ්ඩුව තිත්ත වෙලා නම් ආයේ වෙන කවර කතාද. 2002 රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවන්න නොපෙනෙන හස්තය වෙච්ච රවී මේ ආණ්ඩුව යවන්නත් හේතු වෙයිද කියා කියන්න දන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්